සංක්‍රමණිකයින් නොපැමිණීම නිසා ඔස්ට්‍රේලියාවේ නිවාස ඉල්ලුම තියුනු ලෙස පහත වැටෙන බව හෙළිවෙයි (SBS සිංහල/ වාර්තා)

Construction work on a new apartment building is seen in Waterloo, Sydney.

A fall in the number of migrants moving to Australia during coronavirus is hurting the housing sector. Source: AAP

කොරෝනා වසංගතය පවතින කාලයේ ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින්ගේ අඩුවීම, ඔස්ට්‍රේලියාවේ නිවාස ඉල්ලුම තියුනු ලෙස පහත වැටීමට හේතු වූ බව නවතම සමීක්ෂණයක් හෙළි කරයි.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


මේ හේතුවෙන් ම HomeBuilder වැඩසටහන දීර්ග කරන ලෙස ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison ගෙන් ඉල්ලීමක් සිදු කර ඇති බවද වාර්තා වේ.

HomeBuilder scheme extended.
HomeBuilder scheme extended. Source: AAP

ඔස්ට්‍රේලියාවේ නිවාස ඉල්ලුම තියුනු ලෙස පහත වැටේ

කොරෝනා වසංගතය නිසා ඉදිරි වසර තුන තුළ ඔස්ට්‍රේලියාවේ නිවාස ඉල්ලුම බරපතල ලෙස පහත යනු ඇතැයි නවතම සමීක්ෂණයක් පෙන්වා දෙයි.

සංක්‍රමණිකයින් ගේ පැමිණීම අඩුවීම ඊට ප්‍රධානතම හේතුව බව එම සමීක්ෂණය හෙළි කර ඇත.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


මේ හේතුවෙන්ම නව සංක්‍රමණ සැලැස්මක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් හඳුන්වා දිය යුතු බවට දේපළ සභාව ද රජයට කියා සිටී.

2019-21 කාලයේදී ඔස්ට්‍රේලියාවේ ජනගහන වර්ධනය 214,000 කින් පමණ අඩුවන බව පුරෝකතනය කර තිබේ.

ජාත්‍යන්තර දේශ සීමා වසා දැමීම නිසා විදෙස් සංක්‍රමණ ඇනහිටීම මෙයට ප්‍රධානතම හේතුව වී ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස ඔස්ට්‍රේලියාවේ නිවාස ඉල්ලුම නිවාස 129,000 ත් 232,000 ත් අතර ප්‍රමාණයකින් කප්පාදු විය හැකිය.

ජාත්‍යන්තර සිසුන් නොපැමිණීම

විදෙස් රටවලින් පැමිණෙන ජාත්‍යන්තර සිසුන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකි වීමෙන් ඇති විය හැකි බලපෑම පිළිබඳ ජාතික නිවාස මූල්‍ය හා ආයෝජන සංස්ථාව විසින් පෙන්වා දී ඇත.

මෙම පර්යේෂණය මගින් ජනගහන වර්ධනය හා විදෙස් සංක්‍රමණිකයින් ගේ පැමිණීම අතර ශක්තිමත් සම්බන්ධතාවය පෙන්වන අතර ඒ හා බැදුණු නිවාස ඉල්ලුමත් කොරෝනා වසංගතය එයට බලපා ඇති අයුරුත් මනාව පෙන්නුම් කරන බව ජාතික නිවාස මූල්‍ය හා ආයෝජන සංස්ථාවේ ප්‍රධාන විධායක Nathan Dal Bon පැවසීය.

ජාත්‍යන්තර සිසුන් ට ඔස්ට්‍රේලියාව තෝරා ගැනීමේදී විරැකියා අනුපාතය සහ විනිමය අනුපාතය වැනි ආර්ථික සාධක ද ​​ඉතා වැදගත් බව ගෝලීය මූල්‍ය අර්බුදයෙන් ලැබෙන සාක්ෂි පෙන්වා දෙයි.

ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන්ගේ සංඛ්‍යාව ඊට පෙර තිබූ මට්ටමට යථා තත්ත්වයට පත්වීමට වසර හතරක් පමණ ගතවූ බව අදාළ වාර්තාව පවසයි.

විරැකියාව ඉහළ යාම ස්වාභාවික ජනගහන වර්ධනය අඩුවීමට හේතු වන බව පසුගිය ආර්ථික අවපාත දෙකෙන් ද පෙන්නුම් කරන බව සඳහන්.

එනිසා මෙය සිදුවීමට ඉඩ නොදිය යුතු බව දේපළ සභාවේ ප්‍රධාන විධායක Ken Morrison පැවසීය.

"අපගේ සංක්‍රමණික වැඩසටහන නැවත ආරම්භ කිරීම සඳහා සැලසුමක් සකස් කිරීම ජාතික කැබිනට් මණ්ඩලයේ ප්‍රමුඛතාවක් විය යුතුයි" යනුවෙන් ඔහු පැහැදිලි කළේය.

එමෙන්ම මේ වන විට රජයෙන් ලබාදෙන HomeBuilder සහන පැකේජය 2021 ජූලි මාසය වන තෙක් තවත් මාස 6 ක් දීර්ග කළ යුතු බවටද ඔහු ඉල්ලා සිටී.

how to where a mask
Source: SBS Sinhala

Share

3 min read

Published

By Madhura Seneviratne

Source: AAP, SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now