2019-20 මුල්‍ය වර්ෂයේදී ඔස්ට්‍රේලියාවේ permanent migration intake හෙවත් ඔස්ට්‍රේලියාවට බාරගත් ස්ථිර සංක්‍රමණික ප්‍රමාණය 20,000 කින් පමණ අඩුවී ඇති බව වාර්තා වේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
පසුගිය සතියේදී නිකුත් කෙරුණු ඔස්ට්‍රේලියාවේ 2019-20 සංක්‍රමණික වැඩසටහනේ සාරාංශය හරහා මෙම තොරතුරු අනාවරණය විය.

ස්ථිර සංක්‍රමණික ප්‍රමාණය 20,000 කින් අඩු වෙයි
ඔස්ට්‍රේලියාවේ මුල්‍ය වර්ෂයක් අවසන් වන්නේ සෑම වසරකම ජුනි මස 30 වන දායින් වන අතර නව මුල්‍ය වර්ෂයක් ආරම්භ වන්නේ සෑම වසරකම ජූලි මස 01 වන දින සිටය.
ඒ අනුව ගෙවී යන සෑම වසරකම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් පිරි නැමූ ස්ථිර වීසා (permanent visa) ලාභීන් ගේ සාරාංශයක් නව මුල්‍ය වර්ෂය මුලදී එළිදැක්වෙයි.
මෙවර එම සාරාංශය පසුගිය සැප්තැම්බර් 16 දින නිකුත් කෙරිණි.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
ඒ අනුව 2019-20 මුල්‍ය වර්ෂයේදී ඔස්ට්‍රේලියාවේ permanent migration intake හෙවත් ඔස්ට්‍රේලියාවට බාරගත් ස්ථිර සංක්‍රමණික ප්‍රමාණය 140,366 ක් බව වාර්තා වේ.
සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාව වසරකට බාරගනු ලබන ස්ථිර සංක්‍රමණික ප්‍රමාණය හෙවත් වාර්ෂික සංක්‍රමණ කෝටාව 160,000 කි.
ඒ අනුව මෙය 20,000 ක පමණ අඩුවීමක් බව පෙනී යයි.
මීට පෙර ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණ කෝටාව 190,000 ක් ව පැවතුණු නමුත් මීට වසර තුනකට පමණ පෙර එය 30,000 කින් කප්පාදු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කළේය.

ඔස්ට්‍රේලියාවේ 2019-20 සංක්‍රමණික වැඩසටහන
2019-20 මුල්‍ය වර්ෂයේදී ඔස්ට්‍රේලියාවට බාරගත් ස්ථිර සංක්‍රමණික ප්‍රමාණයෙන් 70% ක් පමණ skilled stream හෙවත් නිපුණතා සංක්‍රමණික ධාරාව ඔස්සේ පැමිණි සංක්‍රමණිකයින් බව හෙළිවී තිබේ.
එම ප්‍රමාණය 95,843 කි.
එයින් වැඩිම ප්‍රමාණයක ස්ථිර වීසා ලබා දී ඇත්තේ Employer Sponsored ඛාණ්ඩය යටතේ අයදුම් කළ පුද්ගලයින්ට වන අතර එම ප්‍රමාණය 29,261 කි.
මේ අතර Skilled Visa ඛාණ්ඩයේ ප්‍රධානතම ඛාණ්ඩයක් වන Skilled Independent වීසා ඛාණ්ඩය යටතේ පසුගිය මුල්‍ය වර්ෂයේදී 12,986 ක් හට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය පිරි නමා තිබේ.
මීට අමතරව පසුගිය නොවැම්බර් මාසයේදී දියත් කෙරුණු ඉහළ නිපුණතා සහිත Global Talent Independent program යටතේ අයදුම් කළ 4,109 කට ද
2019-20 සංක්‍රමණික වැඩසටහනේදී ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය පිරි නමා ඇත.
මේ අතර ප්‍රාදේශීය වීසා ඛාණ්ඩය හරහා 2019-20 වසරේදී 23,372 ක වීසා ප්‍රමාණයක් නිකුත් කර ඇති අතර එය 2018-19 වසරට සාපේක්ෂව 27% ක ඉහළ යාමකි.
2018-19 මුල්‍ය වර්ෂයේදී ප්‍රාදේශීය වීසා ඛාණ්ඩය හරහා නිකුත් කළ වීසා ප්‍රමාණය 18,308 කි.
මේ අතර මෙවර ස්ථිර වීසා ලබාගත් අයගෙන් තුනෙන් දෙකක්ම ලබා ඇත්තේ ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා හිමියන් ලෙසින් සිටි පුද්ගලයින් බවද මෙම දත්ත හෙළි කරයි.

ඔස්ට්‍රේලියාවේ 2019-20 සංක්‍රමණික වැඩසටහනේ සාරාංශය

2019-20 HUMANITARIAN PROGRAM



