සැලසුම් කළ දින වකවානු වලට පෙරාතුව මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවා ඇති සිව්වන මට්ටමේ lockdown නීති ලිහිල් කිරීම පිළිබඳ අපේක්ෂාවක් මෙල්බර්න් වැසියන්ට උදාවී තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය ක්‍රමිකව පහළ යාම ඊට හේතුව වී ඇත.

දෛනික කොරෝනා ආසාදිතයින් ක්‍රමිකව පහළ යාම
ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා මරණ 5 ක් සමග ආසාදිතයින් 15 ක් වාර්තා වේ.
ඒ සමග මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 771 කි.
එමෙන්ම අද (23/09) වන විට සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 859 කි.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
ඒ සමග මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 29.4 ක් දක්වා තවදුරටත් පහත වැටී ඇත.
මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට මේ වන විට පනවා ඇති සිව්වන මට්ටමේ කොරෝනා නීති ලිහිල් කර තුන්වන මට්ටමට ගෙන ඒමට එම සාමාන්‍ය අගය 30 ත් 50 ත් අතර සංඛ්‍යාවක පවත්වාගත යුතුය.
සැලසුම් කළාට වඩා නීති ලිහිල් කරයිද?
මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට මේ වන විට පනවා ඇති සිව්වන මට්ටමේ lockdown නීති එළඹෙන සැප්තැම්බර් 27 වන දින අවසන් වීමට නියමිතය.
ඒ අනුව එදින මධ්‍යම රාත්‍රී 12 සිට lockdown නීති තරමක් ලිහිල් කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය සැලසුම් කර තිබේ.
lockdown නීති ලිහිල් කිරීමේ වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ සැලැස්මේ දෙවැනි අදියරට මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපය සැප්තැම්බර් 28 සිට මුහුණ දෙයි.
එලෙස දෙවැනි අදියරට පැමිණීමට නම් මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 30 ත් 50 ත් අතර සංඛ්‍යාවක පවත්වාගත යුතුය.
නමුත් අද වන විට එම සාමාන්‍ය අගය 30 ටත් වඩා පහළ අගයක (29.4) පවතින බැවින් සැලසුම් කළ දින වකවානු වලට වඩා පෙරාතුව lockdown නීති ලිහිල් කිරීමට අපේක්ෂා කරනවාද යන්න වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews ගෙන් අද (23/09) මාධ්‍යවේදීන් විමසුවේය.
එලෙස අපේක්ෂාවක් ඇති නමුත් මේ මොහොතේ එය සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීමට නොහැකි බව ඔහු පැවසීය.
මේ වන විට මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ පසුගිය දින 14 ක කාලය තුළ වයිරසය වැළඳුනු ආකාරය හඳුනා නොගත් ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 41 දක්වා පහත බැස තිබේ.
එය ඉතා සුබදායී පුවතකි.
දැනට සැලසුම් කළ පරිදි සැප්තැම්බර් 28 සිට නීති ලිහිල් වීම
වික්ටෝරියානු ප්‍රාන්ත රජය සැලසුම් කර ඇති පරිදි සැප්තැම්බර් 28 සිට ඔක්තෝබර් 25 දක්වා කොරෝනා නීති ලිහිල් වන්නේ පහත ආකාරයෙනි.
- එළිමහනේ රැස්වීමට හැකි පුද්ගල සංඛ්‍යාව 2 සිට 5 දක්වා වැඩි කෙරේ.
- පාසල් විවෘත වීම - Prep, 2 වසර , VCE පංති සහ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා ඇති පාසල් සිව්වන වාරය සඳහා විවෘත වේ
- Childcare හෙවත් ළමා රැකවරණ මධ්‍යස්ථාන නැවත විවෘත වේ
- එළිමහන් පිහිනුම් තටාක විවෘත වේ
- පුද්ගලයින් දෙදෙනෙකු සඳහා personal trainer කෙනෙකු සමඟින් එළිමහන් ව්‍යායාම් පුහුණුවට අවසර දෙනු ලැබේ
- එක් ආගමික නායකයෙකු සමඟ එළිමහන් ආගමික රැස්වීම් සඳහා පුද්ගලයින් 5 දෙනෙකුට අවසර ලැබේ.

ආසාදිතයින් සමග සමීපව ගැවසුණු පුද්ගලයින්ව ලුහුබැඳීමේ මධ්‍යස්ථාන තුනක්
ඉදිරි දින කිහිපය තුළ පහත සඳහන් පරිදි මෙල්බර්න් නුවර ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් සමග සමීපව ගැවසුණු පුද්ගලයින්ව ලුහුබැඳීමේ මධ්‍යස්ථාන තුනක් විවෘත කිරීමට කටයුතු කරන බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැතිවරයා අද (23/09) පැවසීය.
- Western Health (බටහිර මෙල්බර්න් කලාපය)
- Austin Health (ඊසාන දිග මෙල්බර්න් කලාපය)
- Monash Health (ගිනිකොන දිග මෙල්බර්න් කලාපය)
මේ අතර ප්‍රාන්තයේ මානසික සෞඛ්‍ය සේවා සඳහා අමතර ඩොලර් මිලියන 21.3ක් වෙන් කිරීමටද ප්‍රාන්ත රජය කටයුතු කරන බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැතිවරයා අද (23/09) පැවසීය.
ඊට අමතරව මෙල්බර්න් සහ වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල රාජ්‍ය අංශයේ aged care සේවා 50 ක් වැඩිදියුණු කිරීම සඳහා ප්‍රාන්ත රජය විසින් ඩොලර් මිලියන 30 ක පැකේජයක් අඟහරුවාදා (22/09) එළිදක්වන ලදී.


