බලාපොරොත්තු වැඩි කරමින් කොරෝනා එන්නත් ලබාගැනීමේ ඔස්ට්‍රේලියාවේ ධාරිතාව තවත් ඉහළට (SBS සිංහල/ වාර්තා)

Prime Minister Scott Morrison visits AstraZeneca in Sydney, Wednesday, 19 August, 2020.

Prime Minister Scott Morrison visits AstraZeneca in Sydney, Wednesday, 19 August, 2020. Source: AAP

කොරෝනා එන්නත් මාත්‍රා ලබා ගත හැකි විට ගෝලීය COVAX වැඩසටහන හරහා ඒවා මිලදී ගැනීමට ඔස්ට්‍රේලියාව දැන් සුදුසුකම් ලබා තිබේ.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

මේ සමගම කොරෝනා එන්නත් ලබාගැනීම පිළිබඳ ඔස්ට්‍රේලියාව සතු ධාරිතාව තවත් ඉහළ යනු ඇත.
A woman in the US is given the first shot in the clinical trial of a potential vaccine for the COVID-19 coronavirus by a pharmacist.
A woman in the US is given the first shot in the clinical trial of a potential vaccine for the COVID-19 coronavirus by a pharmacist. Source: AAP

ගෝලීය COVAX වැඩසටහනට ඔස්ට්‍රේලියාව සම්බන්ධ වේ

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය ඇතිව ක්‍රියාත්මක ගෝලීය COVAX වැඩසටහනට ඔස්ට්‍රේලියාව නිල වශයෙන් සම්බන්ධවී තිබේ.

ඒ අනුව ලොව පුරා කොරෝනා එන්නත් අපේක්ෂකයින් සහ නිෂ්පාදකයින් විශාල ප්‍රමාණයක් සඳහා ගෝලීය COVAX වැඩසටහන ඔස්ට්‍රේලියාවට ප්‍රවේශය ලබා දෙයි.

එම වැඩසටහනේ කොරෝනා එන්නත් මිලදී ගැනීමේ යාන්ත්‍රණයේ කොටසක් ලෙස ඔස්ට්‍රේලියාව මූලික වශයෙන් ඩොලර් මිලියන 123.2 ක් ලබා දී ඇත.
ඒ හරහා කොරෝනා එන්නත් ලබා ගත හැකි විට ඒවා මිලදී ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් ලබාගැනීමට ඔස්ට්‍රේලියාවට හැකියාව ලැබී තිබේ.

ලෝකයේ කොරෝනා එන්නතක් සොයා ගන්නා ඕනෑම අයෙකු එය බෙදා ගත යුතු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt අද (23/09) දිනයේ නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

ඔස්ට්‍රේලියාව COVAX වැඩසටහන සඳහා අත්සන් කිරීම මෙම මූලධර්මය සඳහා අපගේ කැපවීමේ වැදගත් කොටසක් ලෙසද ඔහු එම නිවේදනයේ සඳහන් කර තිබේ.

"අපි ඔස්ට්‍රේලියානුවන්ට ආරක්ෂිත හා ඵලදායී කොරෝනා එන්නතක් ලබා ගැනීමට හොඳම අවස්ථාව ලබා දෙනවා පමණක් නොව, අපගේ අසල්වැසියන් වන පැසිෆික් හා අග්නිදිග ආසියාවේ රටවල් සහ විදේශ හවුල්කරුවන්ටද එම අවස්ථාව ලබා දෙනවා" යනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt එහි වැඩි දුරටත් පවසා ඇත.

වසංගත සඳහා සූදානම් වන නවෝත්පාදන සඳහා වූ සන්ධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනෙකුත් සංවිධාන සමඟ අන්තර්ජාතික එන්නත් හවුල්කාරිත්වයේ කොටසක් ලෙස Gavi, The Vaccine Alliance නමැති සන්ධානය විසින් COVAX  වැඩසටහන ස්ථාපිත කරන ලදී.

කොරෝනා එන්නත් ලබාගැනීමේ ඔස්ට්‍රේලියාවේ ධාරිතාව ඉහළට

ඔස්ට්‍රේලියාව මේ වන විටත් Oxford විශ්ව විද්‍යාලය හා AstraZeneca ඖෂධ ආයතනයත් සමග මෙන්ම ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය හා CSL ආයතනයත් සමග කොරෝනා එන්නත් ලබා ගැනීමේ ගිවිසුම් දෙකකට අත්සන් තබා ඇත.

COVAX වැඩසටහන සමග සම්බන්ධ වීමෙන් ඔස්ට්‍රේලියාවට කොරෝනා එන්නත් ලබාගැනීමට තවත් පහසුකම් සැපයෙයි.
සංවර්ධනය වෙමින් පවතින රටවලට කොරෝනා එන්නත් මාත්‍රාවන් සැපයීම සඳහා COVAX අත්තිකාරම් වෙළඳපොළ කැපවීමට අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 80 ක් පරිත්‍යාග කිරීමෙන් පසු ඔස්ට්‍රේලියාව COVAX වැඩසටහන සඳහා සිදු කළ දෙවන කැපවීම මෙය ලෙස හැඳින්වේ.

ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 80 ක් COVAX වැඩසටහන හා සම්බන්ධ වී ඇති අතර තවත් රටවල් 92 ක් COVAX අත්තිකාරම් වෙළඳපොළ කැපවීම තුළින් මෙම එන්නත් ලබා ගැනීමට සුදුසුකම් ලබා ඇත.

මේ අතර තනි පුද්ගල ප්‍රතිපාදන වලට අමතරව, නිෂ්පාදිත එන්නත් මාත්‍රාවලින් 10% ක් COVAX වැඩසටහන විසින් රඳවා තබා ගනු ලබයි.

ලෝකයේ වරින් වර පැතිර යන රෝග සඳහා සහ අනාගතයේ මිනිසුන්ගේ භාවිතය සඳහා එම ප්‍රතිශතය පරිභෝජනයට ගැනීම එහි අදහස වේ.
how to where a mask
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne
Source: AAP, SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service