ඔස්ට්‍රේලියානුවන්ට නිවාස ණය ලබා ගැනීමට සහ තමන්ගේ නිවාස ණය refinance කරගැනීමට නුදුරේදීම ඉතා පහසු වනු ඇත.
එමෙන්ම සුළු පරිමාණ ව්‍යාපාර සඳහා බැංකු වලින් වැඩි මුදලක් ලබාගැනීමටද නුදුරේදීම ඉතා පහසු වනු ඇත.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
කොරෝනා වසංගතයේ බලපෑම අවම කිරීම සඳහා ණය නීති (credit laws) වෙනස් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය රජය සැලසුම් කිරීම ඊට හේතුව වේ.

වර්තමාන ණය නීති යල් පැන තිබේ
ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වර්තමාන ණය නීති යල් පැන ගිය ඒවා බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය රජය පැවසීය.
විශේෂයෙන්ම කොරෝනා වසංගතය හේතුවෙන් ආර්ථිකය අවපාතයකට ඇද වැටීම හමුවේ එය මනාව දිස්වන බව මධ්‍යම රජය පෙන්වා දුන්නේය.
මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වර්තමාන ණය නීති වෙනස් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව ණයක් ලබා ගැනීමේදී සිදු කෙරෙන verification ක්‍රියා පටිපාටිය අඩු කිරීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නව නීති යෝජනා කරයි.
එහි ප්‍රතිඵලයක් ලෙස ණය ගැනුම්කරුවන්ට තමන්ගේ තොරතුරු එතරම් බැංකුවලට ලබා දීමට අවශ්‍ය නොවනු ඇත.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
මේ හරහා ණය ලබා ගැනීම සඳහා ගතවන කාලය කෙටි වනු ඇති බව සඳහන්.
නමුත් නව නීති යටතේ ණය දෙන්නන්ට නිවැරදි තොරතුරු සැපයීම සඳහා ණය ගැනුම්කරුවන් වඩාත් වගකිව යුතුවේ.
මෙම නව නීති ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් ඒවා ලබන වසරේ මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක වනු ඇත.
එහෙත් මෙම වෙනස්කම් මගින් පුද්ගලයින්ට ආපසු ගෙවීමට නොහැකි තරමේ ණය මුදල් ලබාගැනීමට වග බලා ගැනීම සඳහා බැංකුවලට ඇති සමහර වගකීම් ඉවත් කරනු ඇත.

අනවශ්‍ය බාධක ඉවත් කිරීම රජයේ අපේක්ෂාවයි
කොරෝනා වසංගතය හමුවේ කඩා වැටුණු ආර්ථිකය ගොඩගැනීමේ ක්‍රියාවලියට ඔස්ට්‍රේලියාව පිවිසී ඇති බවත් එහිදී අනවශ්‍ය බාධක ඉවත් කිරීම රජයේ අපේක්ෂාව බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg පැවසීය.
ඒ අනුව අන් කෙදිනටත් වඩා මේ කාලයේදී නිවාස සහ සුළු පරිමාණ ව්‍යාපාර සඳහා ඇති ණය නීති වෙනස් කිරීම වඩාත් උචිත බව ඔහු පැවසීය.
කොරෝනා වයිරස් අර්බුදය නිසා ආර්ථික අපහසුතාවට පත් ලක්ෂ සංඛ්‍යාත ඔස්ට්‍රේලියානුවන් තමන්ගේ නිවාස ණය කල් දමා ඇත.
මිලියන 1.4 ක් මේ වන විට නිවාස ණය ගෙවා ගැනීමේ ආතතියෙන් පෙළෙන බව සඳහන්.
එහි ප්‍රතිඵලයක් වශයෙන් බැංකු ණය පාලනය කරන මාර්ගෝපදේශ ලිහිල් කරන ලෙස නිවාස ක්ෂේත්‍රය රජයෙන් ඉල්ලා සිටී.

බැංකු සහ මුල්‍ය ආයතන අවදානම ගනීද?
මෙම නව ණය නීති හමුවේ ණයක් ලබා ගැනීමේදී සිදු කෙරෙන verification ක්‍රියා පටිපාටිය අඩු කෙරෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ණය ගැනුම්කරුවන්ට තමන්ගේ තොරතුරු එතරම් බැංකුවලට ලබා දීමට අවශ්‍ය නොවනු ඇත.
මේ හරහා ආපසු ගෙවීමට නොහැකි තරමේ ණය මුදල් ලබාගැනීමට බොහෝ පුද්ගලයින්ට අනියම් ආකාරයකින් අවස්ථාවක් ලැබෙන බව බැංකු සහ මුල්‍ය ආයතන ප්‍රධානීන් පෙන්වා දෙයි.
විශේෂයෙන්ම කොරෝනා වැනි ගෝලීය වසංගතයක් මධ්‍යයේ එම තත්ත්වය තවත් දරුණු වනු ඇතැයි ඔවුන්ගෙන් බොහෝ දෙනා විශ්වාස කරති.
නමුත් ණය නීති වෙනස් කිරීම යටතේ ශක්තිමත් පාරිභෝගික ආරක්ෂාවක් පවත්වාගෙන යන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.
කාර්යක්ෂමව, අවංකව හා සාධාරණව කටයුතු කිරීම සඳහා ණය සපයන්නන් තමන්ගේ දැනට පවතින බලපත්‍ර වල පවතින පටිපාටියට අනුකූල විය යුතු බව ද රජය අවධාරණය කරයි.
"ප්‍රධාන කරුණ නම් පාරිභෝගික ආරක්ෂාව නිසි තැන පවත්වා ගැනීමයි. නමුත් අපගේ වර්තමාන නියාමන රාමුව, ණය දීමට අදාළ අරමුණු සඳහා සුදුසු නැහැ." යනුවෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg පැවසීය.


