ඔස්ට්‍රේලියාවේ PR ගන්න මේ සැප්තැම්බර් මාසයේ ACT වලින් 346 කට වරම් (SBS සිංහල/ වාර්තා)

ACT 190 Visa

Source: Getty Images

Canberra Matrix ලකුණු ක්‍රමය පදනම් කරගනිමින් ACT 190 සහ 491 වීසා සඳහා සැප්තැම්බර් මාසයේ ආරාධනා පත්‍ර වටවල (Invitation rounds) තොරතුරු මේ වන විට නිකුත් කර තිබේ.

canberrayourfuture වෙබ් අඩවිය වාර්තා කරන පරිදි එම තොරතුරු පහත පරිදි වේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


Canberra Matrix සැප්තැම්බර් මස ආරාධනා පත්‍ර වට

Canberra Matrix ක්‍රමය යටතේ සැප්තැම්බර් මාසයේ ආරාධනා පත්‍ර වට දෙකක් ක්‍රියාත්මක විය.

ඒ අනුව සැප්තැම්බර් මස 11 සහ 24 යන දිනවල එම ආරාධනා පත්‍ර වට ක්‍රියාත්මක වී ඇත.

ACT 190 Visa
Source: AAP

සැප්තැම්බර් මස 11 වන දින ආරාධනා පත්‍ර වටය - 190 වීසා උප ඛාණ්ඩය

මෙහිදී ආරාධනා පත්‍ර 76 ක් නිකුත් කර ඇති බව canberrayourfuture වෙබ් අඩවිය වාර්තා කරයි.

එම අයදුම්පත් සලකා බැලීමේදී Canberra Matrix ලකුණු 60 ත් 115 ත් අතර ප්‍රමාණයක් සලකා බලා ඇති බවද අනාවරණය විය.

සැප්තැම්බර් මස 11 වන දින ආරාධනා පත්‍ර වටය - 491 වීසා උප ඛාණ්ඩය

මෙහිදී ආරාධනා පත්‍ර 64 ක් නිකුත් කර ඇති බව canberrayourfuture වෙබ් අඩවිය වාර්තා කරයි.

එම අයදුම්පත් සලකා බැලීමේදී Canberra Matrix ලකුණු 65 ත් 80 ත් අතර ප්‍රමාණයක් සලකා බලා ඇති බවද අනාවරණය විය.

ACT 190 Visa
Source: canberrayourfuture

සැප්තැම්බර් මස 24 වන දින ආරාධනා පත්‍ර වටය - 190 වීසා උප ඛාණ්ඩය

මෙහිදී ආරාධනා පත්‍ර 147 ක් නිකුත් කර ඇති බව canberrayourfuture වෙබ් අඩවිය වාර්තා කරයි.

එම අයදුම්පත් සලකා බැලීමේදී Canberra Matrix ලකුණු 60 ත් 125 ත් අතර ප්‍රමාණයක් සලකා බලා ඇති බවද අනාවරණය විය.

සැප්තැම්බර් මස 24 වන දින ආරාධනා පත්‍ර වටය - 491 වීසා උප ඛාණ්ඩය

මෙහිදී ආරාධනා පත්‍ර 59 ක් නිකුත් කර ඇති බව canberrayourfuture වෙබ් අඩවිය වාර්තා කරයි.

එම අයදුම්පත් සලකා බැලීමේදී Canberra Matrix ලකුණු 65 ත් 155 ත් අතර ප්‍රමාණයක් සලකා බලා ඇති බවද අනාවරණය විය.

Canberra Matrix ලකුණු ක්‍රමය යටතේ ACT හි මීළඟ ආරාධනා පත්‍ර වටය 2020 ඔක්තෝබර් 09 වන දින හෝ ඊට පෙර ක්‍රියාත්මක කෙරෙන බව සඳහන්.

how to where a mask
Source: SBS Sinhala

Share

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now