මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ කොරෝනා නීති අද (28/09) සිට තවත් ලිහිල් වන්නේ මෙහෙමයි (SBS සිංහල/ වාර්තා)

Nuevo confinamiento en Melbourne, el Abierto de Australia sigue pero a puertas cerradas

شوارع ملبورن فارغة عشية الاغلاق. Source: Getty Images

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවා ඇති කොරෝනා නීති ලිහිල් කිරීමේ සැලසුමේ දෙවැනි අදියර අද (28/09) සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව අද සිට එළඹෙන ඔක්තෝබර් 19 වන දින තෙක් මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවා ඇති කොරෝනා නීති ලිහිල් කිරීම පිළිබඳ වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews ඊයේ (27/09) මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේය.

මෙල්බර්න් නුවර වැසියන්ට අද (28/09) සිට අත්දකින්නට ලැබෙන කොරෝනා නීති ලිහිල් කිරීම මෙම ලිපිය හරහා සැකෙවින් ඉදිරිපත් කෙරේ.
Daniel Andrews
Victorian Premier Daniel Andrews Source: AAP
01. ඇඳිරි නීතිය ඉවත් කෙරේ

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට මෙතෙක් රාත්‍රී කාලයේ පැනවූ ඇඳිරි නීතිය අද (28/09) සිට ඉවත් කර තිබේ.

නමුත් රාත්‍රී කාලයේදී නීති විරෝධී ලෙස එළිමහනේ හෝ නිවෙස් වල හමුවීම් හෝ ජනයා ඒකරාශී වීම් සිදු කළහොත් $5,000 ක දඩයකට යටත් වීමට අදාළ පුද්ගලයින්ට සිදුවේ.

02. භාණ්ඩ මිලට ගැනීම සඳහා නිවසකින් එක් පුද්ගලයෙකු පමණක් එක් දිනකදී නිවසින් බැහැරව යාමේ නීතිය ඉවත් කෙරේ

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට මෙතෙක් පනවා තිබූ භාණ්ඩ මිලට ගැනීම සඳහා නිවසකින් එක් පුද්ගලයෙකු පමණක් එක් දිනකදී නිවසින් බැහැරව යාමේ නීතිය අද (28/09) සිට ඉවත් කර ඇත.

නමුත් පවුල් පිටින් සුපිරි වෙළෙඳ සැල් වෙත හෝ සාප්පු සංකීර්ණ වෙත යාමට එය බලපත්‍රයක් නොවන බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews අවධාරණය කළේය.

03. රෝහල් ගත කර ඇති වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින් ව බැලීමට දෙමව්පියන් හෝ රැකබලා ගන්නන් දෙදෙනෙකුට එකවර අවස්ථාව ලැබේ.

04. නිවාස දෙකකින් උපරිමව පුද්ගලයින් පස් දෙනෙකු හට එළිමහනේ රැස්විය හැකිය. මේ සඳහා මාස 12 ට අඩු ළදරුවන් ඇතුළත් නොවේ.

05. එක් ආගමික නායකයෙකු සමග පුද්ගලයින් පස් දෙනෙකුට එළිමහනේ ආගමික කටයුතු සඳහා රැස්විය හැකිය.

06. විවාහ වන යුවළ සහ සාක්ෂිකරුවන් ඇතුළුව පුද්ගලයින් පස් දෙනෙකු සඳහා එළිමහනේ විවාහ මංගල උත්සව සඳහා සහභාගී විය හැකිය.

07. අවමංගල්‍ය උත්සවය සංවිධානය කරන පුද්ගලයින් සමග අවමංගල්‍යයකට සහභාගී වීමට පුද්ගලයින් 10 දෙනෙකුට පමණක් අවසර දෙනු ලැබේ.

08. රැකියා වලට යාමේදී තවමත් අදාළ රැකියා සඳහා යාමේ බලපත්‍රය ළඟ තබා ගත යුතු අතර එම අවසර ලත් රැකියා කරන්නන් හට තම රැකියා ස්ථානයේ සිට කිලෝ මීටර් 5 ක් දුර තෙක් එළිමහනේ ව්‍යායාම් සිදු කිරීමට අද සිට අවසර ලැබේ. නමුත් එලෙස ව්‍යායාම් කරන අවස්ථාවේදී ඔබගේ බලපත්‍රය (essential worker permit) ඔබ සතුව තබා ගත යුතුය.

09. තම නිවසේ සිට කිලෝ මීටර් 5 ක් ඇතුළත සිදු කළ හැකිනම් මාළු බෑම, කඳු නැගීම වැනි විනෝදාස්වාද ක්‍රියා සඳහා අවසර ඇත.

10. කොන්දේසි සහිතව එළිමහන් පිහිණුම් තටාක විවෘත කෙරේ.

11. පුද්ගලයන් දෙදෙනෙකු සහ එක් පුද්ගලික පුහුණුකරුවෙකු සමඟ එළිමහන් පුද්ගලික පුහුණුවට (personal training) අවසර ලැබේ.

12. childcare මධ්‍යස්ථාන අද සිට විවෘත කෙරෙන අතර මෙල්බර්න් වැසියන්ට මෙතෙක් අවශ්‍යව තිබූ childcare permit එක අද සිට අවශ්‍ය නොවේ. එමෙන්ම කිලෝ මීටර් 5 නීතිය මේ සඳහා බල නොපායි.

13. නිවසේදී ළමයෙකු බලාගැනීම සඳහා එක් childminder කෙනෙකුට හෝ babysitter කෙනෙකුට අවසර දෙනු ලැබේ

14. ඔක්තෝබර් 12 සිට සියලු ප්‍රථමික පාසල් වල සිසුන් පන්ති කාමරයේ සිට මුහුණ මුහුණ සිදු කෙරෙන පාසල් අධ්‍යාපන කටයුතු සිදු කිරීම සඳහා පාසල් වෙත යා යුතුය.

15. ඔක්තෝබර් සිට ඇගයීම් සඳහා VCE සහ VCAL සිසුන්ට (VCE  විෂයයන් කරන 10වසරේ සිටින සිසුන් ද ඇතළුව) පාසල් වෙත යා හැකි අතර ඔක්තෝබර් 12 සිට සාමාන්‍ය පරිදි පාසල් ආරම්භ වේ.

16. ඔක්තෝබර් 12 සිට සාමාන්‍ය පරිදි විශේෂ පාසල් වල කටයුතු ද ආරම්භ වේ.

17. කොවිඩ් ආරක්‍ෂිත සැලසුමක් සහිතව childcare, construction, manufacturing, wholesale trade, postal, distribution, pet grooming සහ real estate යන ක්ෂේත්‍ර වල ව්‍යාපාර වලට අද සිට අර්ධ වශයෙන් වැඩ කටයුතු ආරම්භ කළ හැකිය.
how to where a mask
Source: SBS Sinhala

Share

Published

Updated

By Maani Truu, Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service