2020/21 නව මුල්‍ය වර්ෂය සඳහා වූ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය - වැය එළඹෙන ඔක්තෝබර් 06 වන දින අඟහරුවාදා එළිදැක්වීමට නියමිතය.
මෙවර අය වැය දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ සුවිශේෂීම අය වැය වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
2020/21 ඔස්ට්‍රේලියානු මධ්‍යම අය - වැය හරහා ඔස්ට්‍රේලියාවට මෙන්ම ඔස්ට්‍රේලියානුවාසීන් ට කුමන ප්‍රතිලාභ අත්වනවාද කියා මේ වන විට සැකෙවින් තොරතුරු ලැබී ඇත.

2020/21 නව මුල්‍ය වර්ෂය සඳහා වූ ඔස්ට්‍රේලියාවේ මධ්‍යම අය - වැය
කොරෝනා වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියානු ආර්ථිකය, ආර්ථික අවපාතයකට මුහුණ දී සිටී.
වසර 29 කට පසුව ඔස්ට්‍රේලියාව මෙලෙස ආර්ථික අවපාතයකට මුහුණ දී ඇති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ප්‍රකාශ කළේය.
කොරෝනා වසංගතය පාලනය කිරීම උදෙසා පනවනු ලැබූ කොරෝනා නීති හා සීමාවන් නිසා ඔස්ට්‍රේලියානු ජන ජීවිතයට, ජනයාගේ ආර්ථිකයට මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රයට ද බරපතල බලපෑම් එල්ල වන්නට විය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මේ හේතුවෙන්ම බොහෝ දෙනෙකුට තම රැකියා හෝ ආදායම් මාර්ග අහිමිවී ගිය අතර තවත් පිරිසකට තම සේවා පැය ගණන අඩු විය.
එනිසා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට JobKeeper, JobSeeker වැනි විශාල පරිමාණයේ ආර්ථික සහන පැකේජ පිරි නැමීමට සිදු විය.
කෙසේවෙතත්, ඔස්ට්‍රේලියාවේ රැකියා සංඛ්‍යාව ඉහළ නැංවීම සඳහා මධ්‍යම රජය ඉලක්කගත වියදම් සමඟ ඉදිරියට යන බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පැවසුවේය.
මෙවර අය වැය, ඔස්ට්‍රේලියාවේ අනාගතය සඳහා පෙර නොවූ විරූ ආයෝජනයක් කිරීමට යන අය වැයක් වනු ඇතැයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
චැනල් 7 පුවත් වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට 2020/21 නව මුල්‍ය වර්ෂය සඳහා වූ ඔස්ට්‍රේලියාවේ මධ්‍යම අය - වැය පිළිබඳ මෙතෙක් අනාවරණය වූ තොරතුරු පහත පරිදි සංක්ෂිප්ත කළ හැකිය.

ප්‍රධාන ඉලක්කම්
- ඇස්තමේන්තුගත අයවැය හිඟය - ඩොලර් බිලියන 200.
- ණය ඩොලර් බිලියන 800 දක්වා ඉහළ යයි.
- වසර හතරක් තුළ ඩොලර් බිලියන 140 ක ආර්ථික උත්තේජනයක් අපේක්ෂා කෙරේ.
යටිතල පහසුකම්
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Wyangala සහ Dungowan යන වේලි ද්විත්වය පුළුල් කිරීමට අරමුදල් සැපයීම.
- ජාතික සැලැස්මේ කොටසක් ලෙස ගෑස් යටිතල පහසුකම් සඳහා ඩොලර් මිලියන 53 ක අරමුදල් සැපයීම.
- ගෘහස්ථ ඉන්ධන ආරක්ෂණ පහසුකම් සඳහා ඩොලර් මිලියන 211 ක් වෙන් කිරීම.
- උතුරු ඔස්ට්‍රේලියානු යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීමට වඩාත් නම්‍යශීලී නීති ඉදිරිපත් කිරීම.
සාමාන්‍ය ජනයා ගේ ආර්ථිකයට
- 2022 දී ආරම්භ කිරීමට නියමිතව තිබෙන පුද්ගලික ආදායම් බදු කප්පාදුව (personal tax cuts) ඉදිරියට ගෙන ඒමට අපේක්ෂා කෙරේ.
- මිලියන 2.5 ක විශ්‍රාමිකයන් සඳහා අමතර ආර්ථික උපකාර.
- HomeBuilder පැකේජය දීර්ග කිරීමට ඉඩ ඇත.

ව්‍යාපාර සඳහා
- ව්‍යාපාර ආයෝජන දීමනාවක් පිළිබඳ සලකා බැලීම.
- නව සේවකයින් බඳවා ගැනීම සඳහා කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර සඳහා වැටුප් දිරි දීමනා ලබා දීම.
- කලාපීය නිෂ්පාදන සඳහා ආර්ථික දිරිගැන්වීම් සිදු කිරීම.
- පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට online කටයුතු කිරීම සඳහා සහය වීමට ඩොලර් මිලියන 800 ක්.
- රූපවාහිනී, චිත්‍රපට නිෂ්පාදනය සහ මාධ්‍ය අන්තර්ගත සම්බන්ධ නව නීති සඳහා ඩොලර් මිලියන 53 ක්.
සෞඛ්‍ය
- Telehealth සහ e-prescription සේවා දීර්ග කිරීම .
- Aged care සඳහා අමතර මුල්‍ය ප්‍රතිපාදන.
- Residential aged care වලින් යෞවනයන් ඉවත් කර ගැනීම සඳහා නව උපාය මාර්ග.
- ළමුන් හා තරුණ වැඩිහිටියන් තුළ පිළිකා පිළිබඳ පර්යේෂණ සඳහා ඩොලර් මිලියන 9 ක්.
අධ්‍යාපනය
- දේශීය සිසුන් වෙනුවෙන් තවත් විශ්ව විද්‍යාල වරම් 12,000 ක් ලබා දීම සඳහා අතිරේක ඩොලර් මිලියන 326 ක්.
සුබසාධන
උපතේදී මළ දරුවන් අත්විඳින දෙමව්පියන් සඳහා හෝ මාස 12 ට අඩු දරුවෙකුගේ මරණය සඳහා ඩොලර් මිලියන 7.6 ක්.


