වික්ටෝරියානු ප්‍රාන්තයේ අධි අවදානම් සහිත කර්මාන්තවල සේවකයින් දැන් අහඹු ලෙස කොරෝනා වයිරස් පරීක්ෂාවට ලක් කරනු ලැබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews ඒ බව අද (30/09) දැනුම් දුන්නේය.
අධි අවදානම් සහිත කර්මාන්තවල සේවකයින්ට අහඹු කොරෝනා පරීක්ෂාවන්
වික්ටෝරියානු ප්‍රාන්තයේ අධි අවදානම් සහිත කර්මාන්තවල සේවකයින්ට දැන් අහඹු කොරෝනා පරීක්ෂාවන් සිදු කිරීමට පියවර ගෙන තිබේ.
මස්, කුකුළු මස්, seafood සැකසුම්, සුපිරි වෙළෙඳ සැල් සහ භාණ්ඩ බෙදාහැරීම යන කර්මාන්ත ක්ෂේත්‍ර වල සියලුම මධ්‍ය හා විශාල පරිමාණ ව්‍යාපාර වලට මෙය අදාළ වේ.
සතියකට වරක් එම ව්‍යාපාර වලට සම්බන්ධ සේවකයින් ගෙන් 25% ක් අහඹු ලෙස කොරෝනා පරීක්ෂාවන් සිදු කරගත යුතු බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මේ අතර ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සමග ගිවිසුමක් ඇති කර ගැනීමෙන් පසුව aged care මධ්‍යස්ථාන වලදී ද නිතිපතා කොරෝනා පරීක්ෂාවන් සිදු කෙරේ.
මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ පිහිටි aged care මධ්‍යස්ථාන වල සේවකයින් ගෙන් 50% ක් හා වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල පිහිටි aged care මධ්‍යස්ථාන වල සේවකයින් ගෙන් 25% ක් සතිපතා කොරෝනා පරීක්ෂාවන් සිදුකරගත යුතු බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය අවධාරණය කරයි.
කොරෝනා වයිරසය වැළදී ඇති බවට ධනාත්මක ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත්නම් අදාළ සේවකයින්ට කොරෝනා පරීක්ෂාවෙන් පසුව ස්වයං හුදෙකලා වීමට අවශ්‍ය නොවනු ඇත.

අපජලය ද අඛණ්ඩව අධීක්ෂණය කරයි
වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රදේශ 30 ක පමණ අපජලය ද (Wastewater) අඛණ්ඩව අධීක්ෂණය කිරීමට ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ.
Surf Coast Shire හි Great Ocean මාර්ගයට යාබදව පිහිටා ඇති Anglesea උප නගරයේ COVID-19 ධනාත්මක මලාපවහන නියැදියක් හඳුනාගෙන ඇති බව වික්ටෝරියානු සෞඛ්‍ය හා මානව දෙපාර්තමේන්තුවේ Jeroen Weimar පැවසීය.
නමුත් Surf Coast Shire හි කිසිදු සක්‍රිය කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවන බවද සඳහන්.
Anglesea නගර ශාලාවේ කොරෝනා පරීක්ෂණ ස්ථානයක් විවෘත කර ඇත.
"අදාළ නියැදියෙන් කියවෙන්නේ Anglesea ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු සිටි බව හෝ එවැනි ආසාදිතයෙකු නගරය හරහා ගොස් ඇති බව හෝ තමන්ට වයිරසය ආසාදනය වී ඇති බව නොදැන සිටින පුද්ගලයෙකු Anglesea ප්‍රදේශයේ සිටින බවයි" යනුවෙන් Jeroen Weimar වැඩි දුරටත් පැවසීය.
Anglesea ප්‍රදේශයේ වාසය කරන තමන්ට කුමන ආකාරයේ රෝග ලක්ෂණ තිබුණද, යම් අසනීප ගතියක් තිබුණද වහාම කොරෝනා පරීක්ෂාව සිදුකරගන්නා ලෙස ඔහු එම ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
වික්ටෝරියාවේ මූලය හඳුනා නොගත් කොරෝනා ආසාදිතයින් අඩුවෙයි
වික්ටෝරියා ප්‍රාන්තයේ mystery cases හෙවත් මූලය හඳුනා නොගත් කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය ක්‍රමිකව අඩුවෙමින් පවතියි.
ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා මරණ 4 ක් සමග ආසාදිතයින් 13 ක් වාර්තා විය.
ඒ සමග මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 16.4 ක් දක්වා තවදුරටත් පහත වැටී ඇත.
වික්ටෝරියානු ප්‍රාදේශීය කලාපයේ එම අගය 0.3 ක් ලෙස වාර්තා වේ.
මේ අතර අද (30/09) වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් mystery cases හෙවත් මූලය හඳුනා නොගත් කොරෝනා ආසාදිතයින් 21 ක් පමණක් වාර්තා වේ.
වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා නීති තවත් ලිහිල් කිරීම සඳහා පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 5 ට වඩා අඩුවිය යුතු අතරම පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ mystery cases ගණනද 5 ට වඩා අඩු විය යුතුය.


