ඔස්ට්‍රේලියාවේ ඇතැම් family visa හෙවත් පවුල් වීසා අයදුම්පත් සලකා බැලීමට දැන් අන් කවරදාටත් වඩා කාලයක් ගතවන බව නවතම දත්ත පෙන්වා දෙයි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඇතැම් family visa අයදුම්පත් සලකා බලා අවසන් තීරණය දැනුම් දීමට වසර 50 කටත් වඩා කල් ගතවන බව එම දත්ත විශ්ලේෂණය කරන විට පෙනී යයි.

Parent visa හෙවත් දෙමාපිය වීසා
ඔස්ට්‍රේලියාවේ ස්ථිරවම පදිංචිවී සිටීම සඳහා නිකුත් කරනු ලබන දෙමාපිය වීසා වර්ග ප්‍රධාන උප ඛාණ්ඩ දෙකකි.
- Contributory Parent visa (Subclass 143)
- Non-Contributory Parent visa (Subclass 103)
මෙහි Contributory Parent visa ඛාණ්ඩය සඳහා වීසා ගාස්තුව ඩොලර් 47,755 ක් වන අතර Non-Contributory Parent visa ඛාණ්ඩය සඳහා වීසා ගාස්තුව ඩොලර් 6,415 ක් වේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
Contributory Parent visa හෝ Non-Contributory Parent visa හෝ වීසා ඛාණ්ඩ දෙකින් කුමන හෝ වීසා ඛාණ්ඩයක් හිමි පුද්ගලයින්ට පහත සඳහන් හිමිකම් ලැබේ.
- ඔස්ට්‍රේලියාවට ස්ථිර පදිංචිකරුවෙකු ලෙස පැමිණීමට හෝ ඔස්ට්‍රේලියාවේ වාසය කිරීමට හැකිය.
- සුදුසුකම් ලත් පවුලේ සාමාජිකයින්ට ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා අනුග්‍රහය සැපයීමට හැකිවීම.
- සුදුසුකම් ඇත්නම් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවයට අයදුම් කිරීමට හැකිය.
Remaining Relative Visa
තමන්ට මෙලොව සිටින එකම ඥාතියා ඔස්ට්‍රේලියානු පුරවැසියකු නම් හෝ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි ලාභියෙකු නම් අදාළ පුද්ගලයාට මෙම Remaining Relative Visa සඳහා අයදුම් කර ඔස්ට්‍රේලියාවට පැමිණිය හැකි අතර ඔස්ට්‍රේලියාවේ ස්ථිර ලෙස පදිංචි වීමටද අවසර ලැබේ.
Remaining Relative visa ඛාණ්ඩය සඳහා වීසා ගාස්තුව ඩොලර් 6,415 ක් වේ.
2016/17 සිට 2018/19 යන වසර තුනක කාලය තුළ මෙම ඛාණ්ඩයේ වීසා නිකුත් කර ඇත්තේ 199 ක් පමණක් බව සඳහන්.
එමෙන්ම 2020 ජුනි 30 වන විට මෙම ඛාණ්ඩයේ වීසා සඳහා අයදුම්කළ 8,758 ක් තම අයදුම්පත්‍රය සලකා බලන තෙක් බලා සිටින බවද වාර්තා වේ.
Remaining Relative visa වල අයදුම්පත් සලකා බැලීමේ කාලය non-contributory parent visa වලටත් වඩා වැඩිය.
ඇතැම් විට එය වසර 54 ක් පමණ විය හැකි බව Australian Catholic විශ්ව විද්‍යාලයේ ආගමන නීතිය සම්බන්ධ විශේෂඥ හා කථිකාචාර්ය Kerry Murphy පැවසුවේය.

2019-20 මුල්‍ය වර්ෂය අවසන් වන විට
2019-20 මුල්‍ය වර්ෂය අවසන් වන විට ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුව සතුව Non-Contributory Parent visa අයදුම්පත් 50,000 කට වඩා වැඩි ප්‍රමාණයක් තිබූ බව වාර්තා වේ.
Non-Contributory Parent visa සඳහා පනවා ඇති වර්තමාන සීමාව ඊට ප්‍රධානතම හේතුව වී තිබේ.
මේ වන විට වසරකට එම ඛාණ්ඩයේ වීසා නිකුත් කරනු ලබන්නේ 1,275 ක් පමණි.
මේ හේතුවෙන් Non-Contributory Parent visa අයදුම්පතක් සලකා බැලීම සඳහා වසර 30 කට වඩා වැඩි කාලයක් බලා සිටීමට සිදුවන බව වාර්තා වේ.
මේ අතර Contributory Parent visa ඛාණ්ඩය සඳහා යොමු කළ අයදුම්පත් 55,000 කට පමණ තවමත් තීරණයක් ලබා නොදී ඇති බවත් වාර්තා වේ.
මෙම වීසා ඛාණ්ඩයේ අයදුම්පතක් සලකා බැලීම සඳහා වසර 5 ක පමණ කාලයක් ගතවන බව මේ වන විට ඇති දත්ත පෙන්වා දෙයි.
සෑම වසරකම Contributory Parent visa 6,000 ක් පමණක් නිකුත් කිරීමට සීමා පනවා තිබේ.
වසරකට 8675 ක් වූ දෙමාපිය වීසා ගණයට අයත් වීසා නිකුත් කිරීම 2015/16 වසරේදී 7371 දක්වා අඩු කෙරුණි.
එමෙන්ම වසරකට 524ක් වූ Other Family Visa ගණයට අයත් වීසා නිකුත් කිරීම පසුගිය වසර වන විට 444 දක්වා කප්පාදු කර තිබුණි.


