ඕස්ට්‍රේලියාවේ මීළඟ අයවැය සංක්‍රමණිකයින්ට සහ සරණාගතයින්ට සුභදායක වන ලකුණු (SBS සිංහල/ වාර්තා)

Airport

Source: Pixabay

COVID-19 වසංගතයෙන් පසු රට යලි යථා තත්වයට පත් කිරීම සඳහා ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙහි එක් වැඩපිළිවෙලක් ලෙස මෙවර අයවැයෙන් ඕස්ට්‍රේලියාවේ සරණාගත හා සංක්‍රමණික වැඩසටහන් වෙත අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

කෙසේ නමුත් මේ සඳහා විරෝධයක්ද පවතින අතර ඇතැම් නීතීඥයින් සඳහන් කරන්නේ මෙම වැඩපිළිවෙල මගින් ඔස්ට්‍රේලියාවට යම් හානිකර තත්වයක් උත්ගත විය හැකි බවයි.

  

 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා


සජීවීව සහ පසුව online අහන්න -www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු මධම රජයේ භාණ්ඩාගාරික Josh Frydenberg ඕස්ට්‍රේලියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සමඟ සිදුකල සාකච්චාවකදී අවධාරණය කොට ඇත්තේ,නුදුරේදීම ඕස්ට්‍රේලියානු ජනගහන වර්ධන වේගය එහි අවම අනුපාතයට මන්දගාමී වන බවට අනුමාන කරන බවයි. එමෙන්ම සංක්‍රමණිකයින්ගේ තියුණු පහත වැටීම හේතුවෙන් පෙර උපකල්පනය කල ප්‍රමාණයට වඩා කුඩා සහ වැඩිහිටි ජනගහනයක් ඇති වීමේ ප්‍රවණතාවයක් පවතින බවද භාණ්ඩාගාරිකවරයා සඳහන් කොට තිබේ.


COVID-19 හි බලපෑම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ 2020-21 සංක්‍රමණ සහ මානුෂීය වැඩසටහන්වල පවතින ප්‍රමාණය සහ සංයුතිය පෙර පැවතියාට වඩා වෙනස් වනු ඇති බවට ආගමන අමාත්‍ය Alan Tudge සඳහන් කොට තිබේ. මේ පිළිබඳව තොරතුරු එළඹෙන අයවැයේ කොටසක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

COVID-19 වසංගතය හේතුවෙන් සංක්‍රමණ වැඩසටහන සම්පූර්ණයෙන්ම නතර නොවේ

COVID-19 වසංගතය ඔස්ට්‍රේලියාව තුල පැතිරීමේ ප්‍රතිපලයක් ලෙස ජාතන්තර දේශ සීමා වසා දැමුනද එය ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා වන වැඩසටහන නැවැත්වීමක් නොවන බව ස්වින්බර්න් විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය Katharine Betts අවධාරණය කරයි. ඇය පෙන්වා දෙන්නේ, පෙර පරිදි සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවට ගෙන්වීමට නොහැකි බව බොහෝ දෙනා සිතුවද මේ වනවිටත් විශාල පිරිසක් ඔස්ට්‍රේලියාව තුල සිටින බවයි.

ජුනි මාසය තුලදී තාවකාලික වීසා හිමියන් මිලියන දෙකකට වඩා වැඩි සංක්‍යාවක් ලියාපදිංචි කර ඇති බව මධ්‍යම රජයේ වාර්තාවන් පෙන්වා දේ. මේ හේතුවෙන් සහකාර මහාචාර්ය Katharine Betts සඳහන් කර සිටින්නේ වසරකට සංක්‍රමණිකයන් 200,000 ක් වැනි ඉහළ මට්ටමක තබා ගැනීමට රජයට අවශ්‍ය නම්, ඒ සඳහා අපේක්ෂකයින් අවශ්‍ය තරම් මේ වනවිටත් ඔස්ට්‍රේලියාව තුල සිටින බවයි.
Migrants
Source: Pixabay
COVID-19 වසංගතය හේතුවෙන් ක්‍රමයෙන් පහත වැටෙන සංක්‍රමණිකයින්ගේ සංක්‍යාව මත ඕස්ට්‍රේලියාවට බලපෑම් සිදු වන බව ඕස්ට්‍රේලියානු ජනගහන පර්යේෂණ ආයතනයේ උප සභාපති, සහකාර මහාචාර්ය Betts පෙන්වා දේ.

ඕස්ට්‍රේලියාව තුල සංවර්ධන හා ඉදිකිරීම් යන ප්‍රධාන ක්ෂේස්ත්‍රයන් ජනගහන වර්ධනය මත යැපෙන අතර මේ වනවිට විශ්ව විද්‍යාල මගින්ද මධ්‍යම රජයට පීඩනයක් එල්ල කරමින් සිටින බව ඇය පවසයි.

සංක්‍රමණ වර්ධනයේ ක්‍රියාකාරීත්වය

COVID-19 වසංගතය ඕස්ට්‍රේලියානු ආර්ථිකය මේ වන විට බිඳ දමා ඇති අතර ඕස්ට්‍රේලියානුවන් මිලියන ගණනකට සිය ජීවිතයේ ප්‍රථම වතාවට රැකියා අහිමි වීම සිදු විය. මෙම හේතුව පදනම් කරගනිමින් ඕස්ට්‍රේලියානු දේශපාලන ප්‍රධානීන් විසින් ඕස්ට්‍රේලියානුවන්ට ප්‍රථමයෙන් රැකියා ප්‍රවේශය ලබාදීම සඳහා කටයුතු කරමින් සිටී.

කෙසේ නමුත් පවතින තත්වය මීට වඩා සංකීර්ණ බව පෙන්වා දෙන ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ ජන විකාශන වෛද්‍ය Liz Allen අවධාරණය කර සිටින්නේ සංක්‍රමණිකයින් විසින් ඕස්ට්‍රේලියාවට ලබාදෙන දායකත්වය සම්බන්ධයෙන් බොහෝ ඕස්ට්‍රේලියානුවන්ට අවබෝධයක් නොපවතින බවයි.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

නැතිනම් රූපවාහිනියේ channel 38


මේ වන විට පාසල් අධ්‍යාපනයෙන් පසු රැකියා ක්ෂේස්ත්‍රයට අවතීර්ණ වන සංක්‍යාවට වඩා වැඩි සංක්‍යාවක් රැකියා ක්ෂේස්ත්‍රයෙන් විශ්‍රාම ලබන අතර එවැනි තත්වයක සංක්‍රමණිකයින් ඕස්ට්‍රේලියානු ආර්ථිකය සඳහා දැඩි සහායක් ලබාදෙන බව ඇය පවසයි.

සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියනුවන්ගේ රැකියා සොරා ගන්නා බවට ඕස්ට්‍රේලියානුවන් තුල මතයක් පවතින නමුත් සත්‍ය ලෙසම සිදුවන්නේ සංක්‍රමණිකයින් විසින් ඔස්ට්‍රේලියාව තුල අත්‍යවශ්‍ය රැකියා පුරප්පාඩු පිරවීම සහ ඕස්ට්‍රේලියානුවන් අකමැති රැකියා කිරීම බව ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ ජන විකාශන වෛද්‍ය Liz Allen අවධාරණය කරයි. 

සරණාගතයින්ගෙන් වන සහාය

මේ වන විට ජාත්‍යන්තර දේශසීම වසාදැමීම මත සරණාගතයින් මිලියන ගණනක් පීඩාවට පත්ව සිටී. සරණාගතයින් 4,000ක් සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණීමට වීසා ලබා දී ඇති නමුත් ඔවුන් මේ වන විට ඔස්ට්‍රේලියාවට ඇතුල් වීමට නොහැකිව පසුවේ.

Amnesty International හි සරණාගත උපදේශක Graham Thom සඳහන් කරන්නේ එලෙස විදේශයන්හි සිටින සරණාගතයින් තාවකාලික වීසා මත ඔස්ට්‍රේලියාවට ගෙන්වාගතයුතු බවයි. එලෙස ගෙන්ගවාගනිමින් ඔස්ට්‍රේලියාව තුල මේ වන විට පුරප්පාඩු පවතින අත්‍යවශ්‍ය රැකියා සඳහා යෙදවීම මගින් ආර්ථිකයට සහායක් ලබාගත හැකි බව ඔහු පෙන්වා දේ.
Detainees at the Kangaroo Point centre in Brisbane
Detainees at the Kangaroo Point centre in Brisbane Source: SBS Radio
Graham Thom මධ්‍යම රජයට සඳහන් කරන්නේ මෙම සරණාගතයින් රැඳවුම් මධ්‍යස්ථාන තුල රඳවා තැබීම මගින් රජයට වියදම් දැරීමට සිදුවීමට වඩා ඔවුන්ගෙන් රටට සහ ආර්ථිකයට සහයක් ලබා ගැනීම වැදගත් බවයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයේ නීති මහාචාර්ය Alex Reilly පෙන්වා දෙන්නේ සංක්‍රමණික ප්‍රජාව මත ඕස්ට්‍රේලියානු ආර්ථික වර්ධනය සිදු කිරීම අවශ්‍ය වුවද මේ වනවිට ඔස්ට්‍රේලියාව තුල උද්ගතව ඇති ආර්ථික පසුබෑම හේතුවෙන් ස්ථිර සංක්‍රමණික සන්ක්‍යාවේ අඩුවක් නිරායාසයෙන්ම සිදුව ඇති බවයි.

Share

Published

Updated

By Nipuna Dodangoda

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service