මෙවර ඔස්ට්‍රේලියානු අය - වැය ඔස්ට්‍රේලියාවේ වීසා වලට බලාපාන අයුරු (SBS සිංහල/ වාර්තා)

What this year's Australian Federal Budget means for Australian visas

Source: AAP

ඊයේ (06/10) ඉදිරිපත් කෙරුණු ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ 2020/21 අය වැයෙන් මූලික අවධානයට පාත්‍ර වූ ක්ෂේත්‍රයක් ලෙස සංක්‍රමණික ක්ෂේත්‍රය හඳුන්වන්නට පිළිවන.

මේ වකවානුවේදී දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ඔස්ට්‍රේලියාව සිය මන්දගාමී ජනගහන වර්ධනයට පිවිසීම ඊට ප්‍රධානතම හේතුව වී ඇත.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

2020/21 ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැය ඔස්ට්‍රේලියාවට පැමිණීමට බලා සිටින සංක්‍රමණික ජනතාවට සහ ඔස්ට්‍රේලියානු වීසා ලාභීන්ට බලපාන්නේ කෙලෙසදැයි මෙම ලිපියෙන් කරුණු ඉදිරිපත් කෙරේ.
Australian Treasurer Josh Frydenberg speaks to the media during a press conference inside the lockup
Australian Treasurer Josh Frydenberg speaks to the media during a press conference inside the Budget lockup. Source: AAP

ඔස්ට්‍රේලියාවේ ශුද්ධ සංක්‍රමණික ප්‍රමාණය පහත වැටෙයි

කොරෝනා වසංගතය හේතුවෙන් දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ප්‍රථම වරට ඔස්ට්‍රේලියාවේ ශුද්ධ සංක්‍රමණික ප්‍රමාණය පහත වැටෙනු ඇති බව ඊයේ ඉදිරිපත් කෙරුණු ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ 2020/21 අය වැයෙන් හෙළි කෙරිණි.

ඒ තත්ත්වය හමුවේ වසර 4 ක් යනතුරු කොරෝනා වසංගතයට පෙර පැවති මට්ටමට ශුද්ධ සංක්‍රමණික ප්‍රමාණය ගෙන ඒමට නොහැකිවනු ඇතැයි එහිදී අනාවරණය කෙරුණි.

එයින් අදහස් වන්නේ ඔස්ට්‍රේලියාවේ ජනගහන වර්ධනය මෙම මූල්‍ය වර්ෂයේ 0.2% ක් දක්වා පහත වැටෙනු ඇති බවය.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

කොරෝනා වසංගතය හේතුවෙන් සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමත් ඔස්ට්‍රේලියාවේ දේශ සීමා වසා දැමීම නිසා තාවකාලික සංක්‍රමණිකයින් හට ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට අවසර නැති වීමත් ඊට ප්‍රධානතම හේතු වී තිබේ.

2021-22 මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියාවේ fertility rate  හෙවත් දරු උපත් අනුපාතය 1.58 දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එය

2019-20 අයවැයෙන් පුරෝකථනය කර ඇති 1.9 ට වඩා සැලකිය යුතු ලෙස පහත වැටී ඇත.
Victoria 190 & 491 Visa nomination places updated
An English language requirement will be introduced for partner visas. Source: SBS

ඔස්ට්‍රේලියාවට පැමිණෙන ශුද්ධ විදේශ සංක්‍රමණිකයින්

2019/20 අයවැය මඟින් මෙම වසරේ ශුද්ධ විදේශ සංක්‍රමණ 271,300 ක් සහ ලබන වසරේදී 267,600 ක් වනු ඇතැයි පුරෝකථනය කළේය.

නමුත් එය 1946 න් පසු ප්‍රථම වතාවට 2020-21 මූල්‍ය වර්ෂය තුළ ඍණාත්මක වන බව නව ඇස්තමේන්තු වලින් හෙළිව ඇත.

Net overseas migration numbers හෙවත් ශුද්ධ සංක්‍රමණ සංඛ්‍යාව 2019/20 මූල්‍ය වර්ෂයේ 154,000 සිට 2020-21 වන විට 72,000 ක් දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එමෙන්ම 2021/22 දී එය 21,600 ක් දක්වා තව දුරටත් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඔස්ට්‍රේලියාවට ඇතුළු වී මාස 12 කට වඩා වැඩි කාලයක් රැඳී සිටින සංක්‍රමණිකයින් ශුද්ධ විදේශීය සංක්‍රමණ සංඛ්‍යාව ලෙස හැඳින්වේ.

ඔස්ට්‍රේලියානු ආර්ථිකයට සංක්‍රමණය, ජනගහන වර්ධනය ඉතා වැදගත් බව ඊයේ අය වැය ඉදිරිපත් කරමින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg පැවසුවේය.

මෙවර ඔස්ට්‍රේලියානු අය වැය වීසා බලපත්‍ර ලාභීන්ට බලපාන්නේ කෙසේද?

තාවකාලික වීසා බලපත්‍රවල වෙනස්කම් රාශියක් ද අයවැය පත්‍රිකාවලින් හෙළි වී තිබේ.

"හොඳම හා දීප්තිමත්ම” සංක්‍රමණිකයින් අනාගතයේ ඔස්ට්‍රේලියාවට ආකර්ෂණය කර ගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂා කරයි.

මෙවර ඔස්ට්‍රේලියානු අය වැය වීසා බලපත්‍ර ලාභීන්ට බලපාන අයුරු පහත අයුරින් සංක්ෂිප්තව දැක්විය හැකිය.

  • 2019/20 වසරේදී ඉදිරිපත් කෙරුණු ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාව වන 160,000 මේ වසරේත් එලෙසම නොවෙනස්ව පවතී.
  • 5000 ක කෝටාවක් හිමිව තිබූ Global Talent Independent වැඩසටහනේ වාර්ෂික කෝටාව 15,000 දක්වා වැඩි කර තිබේ.
  • Business Innovation සහ Investment වැඩසටහනේ වාර්ෂික කෝටාව 13,500 දක්වා වැඩි කර තිබේ.
  • 2020-21 මූල්‍ය වර්ෂය සඳහා පවුල් වීසා (Family visas) සඳහා වන කෝටාව 77,300 කට සීමා කෙරේ.
  • නමුත් එයට partner visa ඛාණ්ඩයේ 72,300 ක් ඇතුළත් වේ. එහි තේරුම ළමුන් සහිත පවුල් සඳහා ඉතිරි වන්නේ 5,000 ක කෝටාවක් පමණි.
  • ඔස්ට්‍රේලියාවේ දේශ සීමා නැවත විවෘත කිරීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවට බාරගන්නා සංක්‍රමණිකයින් ගෙන් තුනෙන් දෙකක් skilled visa හෙවත් නිපුණතා වීසා මත ගෙන්වා ගැනීමට මධ්‍යම රජය සැලසුම් කර ඇත.
  • ඔස්ට්‍රේලියාවේ සංචාරක කර්මාන්තය යලි නගා සිටුවීමේ අරමුණින් ඔස්ට්‍රේලියාවේ වසා දැමූ දේශසීමා නැවත විවෘත කිරීමෙන් පසු Working Holiday Maker සහ සංචාරක වීසා බලපත්‍ර සඳහා ඉල්ලුම් කරන පුද්ගලයින්  ගේ වීසා ගාස්තු නිදහස් කරනු ලැබේ.
  • Employee Sponsored, Global Talent, Business Innovation සහ Investment වැඩසටහනේ වීසා අයදුම්පත් සලකා බැලීමේදී ප්‍රමුඛත්වයක් ලබා දේ.
  • එමෙන්ම Designated regional areas හෙවත් නම් කරන ලද ප්‍රාදේශීය ප්‍රදේශවල වෙසෙන ඔස්ට්‍රේලියාව තුළ සිට අයදුම් කරන අයදුම්කරුවන්ට හෝ ප්‍රධාන නගරවලින් පිටත ජීවත් වන partner visa බලපත්‍ර අයදුම්කරුවන්ට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ප්‍රමුඛත්වය දෙනු ඇත.
  • Partner visa වීසා සහ ඔවුන්ගේ ඔස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය හිමි අනුග්‍රාහකයින් සඳහා ඉංග්‍රීසි භාෂා මැන බැලීමේ පරීක්ෂණයක් ද (English language requirement) හඳුන්වා දෙනු ලැබේ.
  • ඔස්ට්‍රේලියාවේ Humanitarian visa program හෙවත් මානුෂීය වීසා වැඩසටහනේ කෝටාව 13,750 කට සීමා කර තිබේ.
how to where a mask
Source: SBS Sinhala

Share

Published

Updated

By Maani Truu, Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service