ඔස්ට්‍රේලියාවේ 2020/21 මුල්‍ය වර්ෂය සඳහා වූ මධ්‍යම රජයේ අය වැය ඊයේ (06/10) පස්වරුවේදී භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg විසින් ඉදිරිපත් කරන ලදී.
මෙවර අය වැය දෙවැනි ලෝක යුද සමයෙන් පසුව ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ සුවිශේෂීතම අය වැය ක් බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පැවසුවේය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
වසර 29 කට පසුව ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට මුහුණ දී සිටින අවස්ථාවක මෙවර අය වැය ඉදිරිපත් කිරීම එම සුවිශේශීතාවයට එක් ප්‍රධාන හේතුවකි.
2020/21 අය වැය ඔස්ට්‍රේලියාවේ වෙසෙන ජනතාවට බලපාන අයුරු මෙම ලිපියෙන් දැක්වෙයි.

හිමිවීම්
බදු ගෙවන්නන්
වත්මන් බලයේ සිටින ලිබරල් සන්ධාන රජය යෝජනා කළ ආදායම් බදු කප්පාදු කිරීමේ පියවර තුනක පැකේජයක් පසුගිය වසරේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනුණි.
ඒ අනුව එහි පළමු පියවර පසුගිය මුල්‍ය වසරේ සිට ක්‍රියාත්මක වීම ආරම්භ වූ අතර දෙවැනි පියවර 2022/23 මුල්‍ය වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණි.
නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් කඩා වැටුණු ඔස්ට්‍රේලියානු ආර්ථිකය හා ජන ජීවිතය නගා සිටුවීමේ අරමුණින් එම පියවර වසර දෙකකින් ඉදිරියට ගෙන ඒමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර ඇත.
ඒ අනුව $45,000 ත් $90,000 ත් අතර වාර්ෂික ආදායමක් ඇති පුද්ගලයින්ට $1,080 ක ආදායම් බදු සහනයක් ද $90,000 ට වැඩි වාර්ෂික ආදායමක් ඇති පුද්ගලයින්ට $2,565 ක් දක්වා වූ ආදායම් බදු සහනයක් ද 2020/21 මුල්‍ය වර්ෂය සඳහා හිමිවේ.
First home buyers හෙවත් පළමු නිවාසය මිලට ගන්නන්
First home buyers හෙවත් පළමු නිවාසය මිලට ගන්නන් සඳහා පිරිනමන First Home Loan Deposit Scheme හෙවත් පළමු නිවාස ණය තැන්පතු පහසුකම 2021 වසරේ ජුනි 30 තෙක් දීර්ග කර තිබේ.
මේ අනුව අමතර පළමු නිවාසය මිලට ගන්නන් 10,000 කට අලුතින් පළමු නිවාස ණය තැන්පතු පහසුකම ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.
සාමාන්‍යයෙන් නිවසක් මිලට ගැනීමේදී 20% ක මූලික තැන්පතුවක් තැබිය යුතුය.
නමුත් පළමු නිවාස ණය තැන්පතු පහසුකම යටතේ First home buyers හෙවත් පළමු නිවාසය මිලට ගන්නන් හට තම පළමු නිවාසය මිලට ගැනීමේදී තැබිය යුත්තේ 5% ක් පමණි.
සෙසු 15% තැන්පතුව සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අදාළ පළමු නිවාසය මිලට ගන්නා වෙනුවෙන් සහතික වෙයි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
නිෂ්පාදන අංශය
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ නිෂ්පාදන උපායමාර්ගය යටතේ ඩොලර් බිලියන 1.3 ක මුල්‍ය ප්‍රතිපාදන සහිතව ප්‍රමුඛතා අංශ හයක ව්‍යාපෘති සඳහා ආයෝජනය කරනු ඇත.
ආහාර - පාන, වෛද්‍ය නිෂ්පාදන, ප්‍රතිචක්‍රීකරණ, පුනර්ජනනීය බලශක්තිය, අභ්‍යවකාශ සහ ආරක්ෂක එම අංශ හය වේ.
වියපත් විශ්‍රාමිකයන්
අප්‍රේල් සහ ජූලි මාසවලදී ඩොලර් 750 ක ගෙවීමක් ලැබීමෙන් පසු වියපත් විශ්‍රාමිකයන් ට දෙසැම්බර් සහ මාර්තු මාසවලදී තවත් ඩොලර් 250 ක් ලැබෙනු ඇත.

Young jobseekers හෙවත් තරුණ රැකියා සොයන්නන්
JobSeeker දීමනාව ලබන වයස අවුරුදු 16-35 අතර තරුණ ඔස්ට්‍රේලියානුවන් හට රැකියා ලබාදෙන ව්‍යාපාර දිරිමත් කිරීමට JobMaker hiring credit නමැති ආර්ථික උත්තේජන ක්‍රමෝපායක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව වයස අවුරුදු 16-30 අතරේ පසුවන පුද්ගලයින් රැකියා සඳහා බඳවාගන්නා සේවා ස්ථාන වලට සතියකට ඩොලර් 200 ක් ද වයස අවුරුදු 30-35 අතරේ පසුවන පුද්ගලයින් රැකියා සඳහා බඳවාගන්නා සේවා ස්ථාන වලට සතියකට ඩොලර් 100 ක් ද මේ යටතේ ලැබේ.
කාන්තාවන්
ශ්‍රම බලකායට කාන්තාවන්ගේ සහභාගීත්වය ඉහළ නැංවීම සහ කොරෝනා වසංගතයෙන් පසුව කාන්තාවන්ගේ මූල්‍ය ස්වාධීනත්වය ඉහළ නැංවීම අරමුණු කරමින් ඩොලර් මිලියන 240 ක පැකේජයක් හඳුන්වා දී ඇත.
මෙම අරමුදල්වලින් ඩොලර් මිලියන 25 කට වඩා වැඩි ප්‍රමාණයක් විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය යන නව ශිෂ්‍යභටයින් හා ආධුනිකත්ව පුහුණුව සඳහා යොමු කෙරෙනු ඇත.
මානසික සෞඛ්‍ය
ඔස්ට්‍රේලියානුවන්ට වසරකට ප්‍රවේශ විය හැකි Medicare සහනාධාර ලැබෙන මනෝවිද්‍යාත්මක සැසි ගණන 10 සිට 20 දක්වා දෙගුණ කර තිබේ.
ඒ සඳහා මෙම මූල්‍ය වර්ෂය තුළ මානසික සෞඛ්‍ය සේවා සඳහා අතිරේක ඩොලර් මිලියන 148 ක් වැය කිරීමට නියමිතය.
වැඩිදියුණු කළ මානසික සෞඛ්‍ය සායන 15 කට මෙන්ම Beyond Blue, Lifeline, Kids Helpline සහ Headspace යන මානසික සෞඛ්‍ය සේවා ආයතන වෙතටද එම මුදලින් කොටසක් යොමු වේ.
විශ්ව විද්‍යාල
2020-21 කාලය තුළ අතිරේක ඩොලර් බිලියනයක පර්යේෂණ අරමුදල් විශ්වවිද්‍යාල අංශයට වෙන් කර ඇත.
අහිමිවීම්
ළමයින් සහිත සංක්‍රමණිකයන්
2020-21 මූල්‍ය වර්ෂය සඳහා පවුල් වීසා (Family visas) සඳහා වන කෝටාව 77,300 කට සීමා කෙරේ. නමුත් එයට partner visa ඛාණ්ඩයේ 72,300 ක්ඇ කෝටාවක් ඇතුළත් වේ.
එහි තේරුම ළමුන් සහිත පවුල් සඳහා ඉතිරි වන්නේ 5,000 ක කෝටාවක් පමණි.
දැන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම සඳහා Partner visa අයදුම්කරුවන් සහ ඔවුන්ගේ අනුග්‍රාහකයන් ඉංග්‍රීසි භාෂා පරීක්‍ෂණයක් සමත් විය යුතුය.
Non-skilled migrants හෙවත් නිපුණතාවක් නොමැති සංක්‍රමණිකයන්
ඔස්ට්‍රේලියාවේ දේශ සීමා නැවත විවෘත කිරීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවට බාරගන්නා සංක්‍රමණිකයින් ගෙන් තුනෙන් දෙකක් skilled visa හෙවත් නිපුණතා වීසා මත ගෙන්වා ගැනීමට මධ්‍යම රජය සැලසුම් කර ඇත.
ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය යළි ගොඩනැගීමට හොඳම හා දක්ෂතම සංක්‍රමණිකයන් ගේ සහය ලබා ගැනීම ඊට හේතුව ලෙස රජය පවසයි.
Off-shore migrants හෙවත් ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින සංක්‍රමණිකයින්
Designated regional areas හෙවත් නම් කරන ලද ප්‍රාදේශීය ප්‍රදේශවල වෙසෙන ඔස්ට්‍රේලියාව තුළ සිට අයදුම් කරන අයදුම්කරුවන්ට හෝ ප්‍රධාන නගරවලින් පිටත ජීවත් වන partner visa බලපත්‍ර අයදුම්කරුවන්ට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ප්‍රමුඛත්වය දෙනු ඇත.
සරණාගතයින්
ඔස්ට්‍රේලියාවේ Humanitarian visa program හෙවත් මානුෂීය වීසා වැඩසටහනේ කෝටාව 13,750 කට සීමා කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් නීති විරෝධී ලෙස යාත්‍රා වලින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන නීති විරෝධී සංක්‍රමණිකයින් හට තවදුරටත් වැට බැඳීමට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වන Peter Dutton පොරොන්දු වී තිබේ.
ඔස්ට්‍රේලියානු ආර්ථිකය
මෙවර වාර්තාගත ය වැය හිඟය ඩොලර් බිලියන 213.7 ක් වන අතර 2024 ජුනි මාසයේදී ණය ඩොලර් බිලියන 966 ක් දක්වා ඉහළ යනු ඇත.
වසර 100 කට වැඩි කාලයක් තුළ ඔස්ට්‍රේලියාවේ අඩුම ජනගහන වර්ධනය ද මේ වසරේ වාර්තා විය.


