2020 වසරේ ලොව බලගතුම විදෙස් ගමන් බලපත්‍රවල ශ්‍රේණිගත කිරීමට අනුව ඔස්ට්‍රේලියාවට සහ ශ්‍රී ලංකාවට ලැබුණු තැන් මෙන්න (SBS සිංහල/වාර්තා)

2021 Democracy Index released, here are the places Australia and Sri Lanka got it

Source: AAP, Facebook

2020 වසරේ Global Passport Power Rank හි PASSPORT POWER RANK අංශයෙන් දෙවැනි ස්ථානය ඔස්ට්‍රේලියානු විදෙස් ගමන් බලපත්‍රයට හිමිව තිබේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


කොරෝනා වසංගතය හමුවේ ඔස්ට්‍රේලියාවේ දේශ සීමා වසා දැමුවද ඔස්ට්‍රේලියානු විදෙස් ගමන් බලපත්‍රයට ලැබුණු මෙම ස්ථානය සුවිශේෂී ස්ථානයකි.
Global Passport Power Rank
Source: AAP

Global Passport Power Rank

විදේශ ගමන් බලපත්‍ර වල බලවත්කම මනිනු ලබන ලොව ප්‍රධාන දර්ශක දෙකක් පවතී.

ඉන් එක් දර්ශකයක් Global Passport Power Rank වන අතර අනෙක Henley Passport Index වේ.

Global Passport Power Rank දර්ශකය නිර්මාණය වී ඇත්තේ visa-free හෙවත් වීසා නොමැතිව යා හැකි රටවල් සංඛ්‍යාව සහ visa on arrival රටවල් ප්‍රමාණය මත ලබා දෙන ලකුණු ප්‍රමාණය මතය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


එම ඛාණ්ඩ ද්විත්වයේ ලකුණු වල එකතුවෙන් ඉහළම ලකුණු ලබා ගන්නා විදෙස් ගමන් බලපත්‍ර ලොව බලවත්ම විදෙස් ගමන් බලපත්‍ර ලෙස Global Passport Power Rank දර්ශකයට අනුව නිවේදනය කරයි.
Global Passport Power Rank 2018
Source: SBS

Global Passport Power Rank 2020

නවසීලන්තයේ විදේශ ගමන් බලපත්‍රය ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රය ලෙස මෙවර Global Passport Power Rank හි PASSPORT POWER RANK අංශයෙන් තේරී පත්ව ඇත.

එය ලබා ඇති මුළු ප්‍රසාද ලකුණු සංඛ්‍යාව129 කි.

රටවල් 86 කට වීසා නොමැතිවද රටවල් 43 කට visa on arrival කොන්දේසිය මතද නවසීලන්තයේ විදේශ ගමන් බලපත්‍රය හිමි පුද්ගලයින්ට යා හැකිවීම හේතුවෙන් එය මෙවර අංක එක බවට පත්ව තිබේ.

මෑත කාලයේ විදේශ ගමන් බලපත්‍ර දර්ශකයක ලොව බලවත්ම විදෙස් ගමන් බලපත්‍රය ලෙස නවසීලන්තය කිරුළු පැළඳු ප්‍රථම අවස්ථාව ලෙසද මෙය වාර්තා වේ.
New financial year and many changes: Government announces new rule for Australian passports.
Source: Getty Images

ඔස්ට්‍රේලියානු විදෙස් ගමන් බලපත්‍රය

2020 Global Passport Power Rank විදෙස් ගමන් බලපත්‍ර දර්ශකයට අනුව ඔස්ට්‍රේලියානු විදෙස් ගමන් බලපත්‍රය දෙවැනි ස්ථානයට පත්ව තිබේ.

ඔස්ට්‍රේලියාවට අමතරව ජර්මනිය, ඔස්ට්‍රියාව, ලක්ෂම්බර්ග්, ස්විට්සර්ලන්තය, අයර්ලන්තය, ජපානය, දකුණු කොරියාව යන රටවල විදෙස් ගමන් බලපත්‍ර ද මෙවර Global Passport Power Rank විදෙස් ගමන් බලපත්‍ර දර්ශකයේ දෙවැනි ස්ථානයට පත්ව ඇත.

එම සියලුම රටවල විදෙස් ගමන් බලපත්‍ර ප්‍රසාද ලකුණු 128 ක් ලබාගෙන තිබේ.

රටවල් 85 කට වීසා නොමැතිවද රටවල් 43 කට visa on arrival කොන්දේසිය මතද ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රය හිමි පුද්ගලයින්ට යා හැකිවීම හේතුවෙන් එය මෙවර අංක දෙක බවට පත්ව තිබේ.

කොරෝනා වසංගතය හමුවේ ඔස්ට්‍රේලියාවේ දේශ සීමා වසා දැමුවද ඔස්ට්‍රේලියානු විදෙස් ගමන් බලපත්‍රයට ලැබුණු මෙම ස්ථානය මෑත කාලයේ විදෙස් ගමන් බලපත්‍ර දර්ශක වල ලද ඉහළම ස්ථානය ලෙස හැඳින්වේ.

කොරෝනා වසංගතය නිසා පසුගිය මාර්තු මාසයේ පටන් මේ දක්වා ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවසර නැති නමුත් විශේෂ හේතු මත පමණක් පිටවීමට අවසර ලැබේ.

ඒ හේතුවෙන්ම මේ වසරේ ඔස්ට්‍රේලියානු විදෙස් ගමන් බලපත්‍ර renew කිරීම හෙවත් නැවත අලුත් කිරීමද සැලකිය යුතු ලෙස පහත බැස තිබේ.

2020 Global Passport Power Rank හි තුන්වන ස්ථානයට ස්වීඩනය, බෙල්ජියම, ප්‍රංශය, ෆින්ලන්තය, ඉතාලිය හා ස්පාඤ්ඤය යන රටවල විදෙස් ගමන් බලපත්‍ර පත්ව ඇත්තේ ලකුණු 127 ක් ලබා ගනිමිනි.
Global Passport Power Rank 2018
Source: Facebook

ශ්‍රී ලංකාවට හිමි ස්ථානය

2020 Global Passport Power Rank විදෙස් ගමන් බලපත්‍ර දර්ශකයට අනුව ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රයට 65 වන ස්ථානය හිමිව තිබේ.

මෙවර ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රය 65 වන ස්ථානය හිමිකරගෙන ඇත්තේ visa-free ලකුණු 45 ක් ලබා ගනිමිනි.

ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රයෙන් වීසා නොමැතිව යා හැකි රටවල් ප්‍රමාණය 11 ක් සහ visa on arrival රටවල් ප්‍රමාණය 32 ක් ලෙස මෙහිදී දැක්වේ.
how to where a mask
Source: SBS Sinhala

Share

Published

Updated

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service