වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාව තවමත් 10 න් ඉහළ මට්ටමක පවතින අතර මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවා ඇති කොරෝනා නීති ඔක්තෝබර් 19 වන දින සිට තවත් ලිහිල් කිරීමට ඇති සැලසුම අර්බුදයකට පත්ව තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මේ අතර වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews ට එරෙහිව විපක්ෂය අද වික්ටෝරියානු ප්‍රාන්ත පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමටද නියමිතය.

වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ට විශ්වාසභංගයක්
වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews අද (13/10) වික්ටෝරියානු ප්‍රාන්ත පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනාවකට මුහුණ දීමට නියමිතය.
වික්ටෝරියානු ප්‍රාන්තයේ විපක්ෂ නායක Michael O’Brien ප්‍රමුඛ වික්ටෝරියානු විපක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට සූදානම් වේ.
වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය සේවකයකු වූ Chris Eccles ඊයේ දිනයේ (12/10) ඉල්ලා අස්වීමත් සමග වික්ටෝරියානු විපක්ෂය විසින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට කටයුතු කළේය.
ප්‍රාන්ත අගමැති දෙපාර්තමේන්තුවේ හා ප්‍රාන්ත කැබිනට් ලේකම්වරයා ලෙස කටයුතු කළ Chris Eccles වික්ටෝරියානු හෝටල් නිරෝධායන වැඩසටහන පිළිබඳ විමර්ශනය නොමඟ යැවූ බව පිළිගෙන ඊයේ ඉල්ලා අස්විය.
වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews ගේ දකුණු අත ලෙස Chris Eccles හැඳින්වේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ හෝටල් නිරෝධායන කටයුතු පිළිබඳව එවකට ප්‍රධාන පොලිස් කොමසාරිස් ග්‍රැහැම් ඇෂ්ටන් සමඟ කතා නොකළ බව Chris Eccles විමර්ශන කොමිසමට පැවසීය.
නමුත් මාර්තු 27 වන දින එනම් වික්ටෝරියානු හෝටල් නිරෝධායන වැඩසටහන වැඩසටහන ස්ථාපිත කළ දිනම ඔහු ග්‍රැහැම් ඇෂ්ටන් සමඟ කතා කළ බව ඔහුගේ දුරකථන වාර්තා වලින් පෙනී ගොස් ඇත.

Chris Eccles ඉල්ලා අස්වීමට ගත් තීරණය පිළිබඳ අසා තමා දැඩි කම්පනයකට ලක්වූ බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews ප්‍රකාශ කළේය.
වික්ටෝරියානු ප්‍රාන්තයේ දෙවැනි කොරෝනා රැල්ල ඇතිවීමට ප්‍රධානතම හේතුව වූයේ වික්ටෝරියා ප්‍රාන්තයේ හෝටල් නිරෝධායන වැඩසටහනේ සිදුවූ අක්‍රමිකතා බව මේ වන විට හෙළිවෙමින් පවතියි.
නමුත් එම අක්‍රමිකතා වලට අදාළ වගකීම මෙතෙක් කිසිවෙකු විසින් බාර ගෙන නොමැත.
මෙම අර්බුදය හමුවේ ඉල්ලා අස්වූ වික්ටෝරියානු ප්‍රාන්ත රජය නියෝජනය කළ දෙවැනි පුද්ගලයා ලෙස Chris Eccles හැඳින්වේ.
වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ Jenny Mikakos ද පසුගිය මාසයේදී මෙම අර්බුදය හමුවේ ඉල්ලා අස් වූවාය.
කොරෝනා වසංගතය මධ්‍යයේ ප්‍රාන්ත රජය සිදුකළ වැරදි බොරු වලින් වසා දැමීමට වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews සහ ප්‍රාන්ත රජය උත්සහ කළ බව වික්ටෝරියානු ප්‍රාන්තයේ විපක්ෂ නායක Michael O’Brien පවසයි.
ඔක්තෝබර් 19 වන දින මෙල්බර්න් වලට පනවා ඇති lockdown නීති ලිහිල් කිරීමේ අර්බුදය
වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාව තවමත් 10 න් ඉහළ මට්ටමක පවතියි.
මේ අතර මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයෙන් පසුගිය දින 14 තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගේ සාමාන්‍ය අගය ක්‍රමිකව ඉහළ යමින් පවතියි.
පසුගිය සිකුරාදා (09/10) එම අගය 9.4 ක් ව තිබූ අතර ඊයේ එය 9.9 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද වන විට මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 10 ක් දක්වා යළි ඉහළ ගොස් ඇත.
වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 0.4 ක් ලෙස සටහන් වේ.
මේ අතර ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 12 ක් සමග එක් කොරෝනා මරණයක් වාර්තා වෙයි.
ඒ අනුව වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 811 ක් වන අතර සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 899 කි.
එමෙන්ම කොරෝනා වයිරසය වැළදුණු ආකාරය තවමත් සොයා නොගත් ආසාදිතයින් 13 දෙනෙකු වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන බවද සඳහන්.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඔක්තෝබර් 19 වන දින මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවා ඇති lockdown නීති ලිහිල් කිරීමට නම් මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 5 හෝ ඊට වඩා අඩු විය යුතුය.
එමෙන්ම කොරෝනා වයිරසය වැළදුණු ආකාරය සොයා නොගත් ආසාදිතයින් ගේ සංඛ්‍යාවද 5 ක් හෝ ඊට වඩා අඩු විය යුතුය.
මේ හේතුවෙන් ඔක්තෝබර් 19 වන දින මෙල්බර්න් වලට පනවා ඇති lockdown නීති ලිහිල් කිරීම පිළිබඳ සැලසුම යළි සලකා බැලීමට ප්‍රාන්ත රජයට සිදුව ඇත.
ඒ අනුව කලින් ප්‍රකාශයට පත් කළ අයුරින් විශාල අන්දමේ නීති ලිහිල් කිරීමක් ඔක්තෝබර් 19 වන දින අපේක්ෂා නොකරන බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews ප්‍රාන්ත වැසියන්ට දන්වා සිටී.


