මේ ගෙවී යන ඔක්තෝබර් මාසයේදී ඔස්ට්‍රේලියානු නිවාස වෙළඳපොල පිළිබඳ විශ්වාසය කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
පසුගිය ඔක්තෝබර් 06 වන දින ඉදිරිපත් කළ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැයෙන් පසුව ඔස්ට්‍රේලියානු නිවාස වෙළඳපොල පිළිබඳ විශ්වාසය ඉතා විශාල වශයෙන් වැඩි වී ඇත.

ඔස්ට්‍රේලියානු නිවාස වෙළඳපොල පිළිබඳ විශ්වාසය ඉහළ යාම
ඔක්තෝබර් මාසයේදී ඔස්ට්‍රේලියානු නිවාස වෙළඳපොල පිළිබඳ විශ්වාසය විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි Westpac පාරිභෝගික සමීක්ෂණය මගින් හෙළිකර ඇත.
ඔක්තෝබර් 06 වන දින ප්‍රකාශයට පත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ 2020/21 අය වැයෙන් පසුව මෙම විශ්වාසය ඉහළ ගොස් ඇති බව පෙනී යයි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියානු පාරිභෝගිකන් ගේ හැගීම් සහ විශ්වාසයන් මනිනු ලබන මෙම සමීක්ෂණයෙන් නිවාස මිල අපේක්ෂාවන් සහ “වාසස්ථානයක් මිලදී ගැනීමට කදිම වූ කාලය” යන සාධක පසුගිය මාසයේදී ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳ පොළ ආශ්‍රිත ක්‍රියාත්මක ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවියක් වන Domain වෙබ් අඩවිය වාර්තා කරයි.
ආර්ථික අවපාතයකට මුහුණ දී ඇති අවස්ථාවක වුවද මෙලෙස ඔස්ට්‍රේලියානු නිවාස වෙළඳපොල පිළිබඳ විශ්වාසය විශාල වශයෙන් ඉහළ යාම සුවිශේෂී සිදුවීමක් බව ඔවුහු පවසති.

ජාතික නිවාස දර්ශක
ඔක්තෝබර් මාසයේදී national “house price expectations” index හෙවත් ජාතික “නිවාස මිල අපේක්ෂාවන්” දර්ශකය 31.5% සිට 117.3% දක්වා විශාල ලෙස ඉහළ ගොස් තිබේ.
ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම මෙම දර්ශකය එක හා සමානව ඉහළ යාම තවත් විශේෂිත කරුණකි.
මේ අතර සැප්තැම්බර් මාසයේදී 10.6% ක්ව තිබූ “time to buy a dwelling” දර්ශකය ඔක්තෝබර් මාසය වන විට 122.2% දක්වා ඉහළ ගොස් තිබීමද කැපී පෙනේ.
2019 සැප්තැම්බර් මාසයෙන් පසුව මෙම දර්ශකයේ ඉහළම මට්ටමට වර්ධනය වීම මෙය බවද සඳහන්.
ඔක්තෝබර් 06 වන දින ඉදිරිපත් කළ ඔස්ට්‍රේලියානු අය වැය, කොරෝනා වසංගතය ඔස්ට්‍රේලියාව තුළ සාර්ථකව පාලනය කරමින් පැවතීම සහ ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව පොලී අනුපාතික කප්පාදු කිරීම සහ ඉදිරියේදී තවත් කප්පාදු කිරීමට අපේක්ෂා කරතැයි යන විශ්වාස මත මෙම ප්‍රතිඵල ලැබී ඇතැයි Westpac හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Bill Evans පැහැදිලි කළේය.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ප්‍රාන්ත පහේ නිවාස වෙළෙඳපොළ පිළිබඳ විශ්වාසය
මෙම සමීක්ෂණයට අනුව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ප්‍රාන්ත පහේ නිවාස වෙළෙඳපොළ පිළිබඳ විශ්වාසය පහත පරිදි ඉහළ ගොස් ඇත.
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය - 138% ක් දක්වා
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය - 131.1% ක් දක්වා
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය - 120.4% ක් දක්වා
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය - 118.6% ක් දක්වා
වික්ටෝරියා ප්‍රාන්තය - 118% ක් දක්වා


