ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාවට නුදුරු අනාගතයේ එල්ල විය හැකි බරපතල අවදානම් තත්ත්ව 25 ක ලැයිස්තුවක් එළියට (SBS සිංහල/ වාර්තා)

A list of 25 biggest security risks to Australia's national security in the near future has been released

A list of 25 biggest security risks to Australia's national security in the near future has been released Source: AAP

ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාවට නුදුරු අනාගතයේ එල්ල විය හැකි බරපතල අවදානම් තත්ත්ව පිළිබඳ ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව හෙළි කර තිබේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


දේශගුණික විපර්යාසය, සයිබර් ප්‍රහාර, පාලනය කළ නොහැකි මහා සංක්‍රමණ සහ ෆැසිස්ට් අන්තවාදීන් කණ්ඩායම් වල නැගී සිටීම එම බරපතල අවදානම් අතර ඉහළින්ම ඇතැයි සඳහන්.

Secretary of the Home Affairs Department Mike Pezzullo appears before a Senate Estimates hearing at Parliament House in Canberra, Monday, March 2, 2020. (AAP Image/Mick Tsikas) NO ARCHIVING
Secretary of the Home Affairs Department Mike Pezzullo Source: AAP

ඔස්ට්‍රේලියාවට නුදුරු අනාගතයේ එල්ල වන බරපතල අවදානම් තත්ත්ව

ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂක ආයතන සූදානම් විය යුතු ඔස්ට්‍රේලියාවට නුදුරු අනාගතයේ එල්ල වන බරපතල අවදානම් තත්ත්ව පිළිබඳ හෙළිදරව්වක් ඊයේ (13/10) සිදු කෙරිණි.

ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ දේශනයක් පවත්වමින් ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ලේකම් Mike Pezzullo විසින් එම අවදානම් තත්ත්වයන් පිළිබඳ අනාවරණය කරන ලදී.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


පාරිසරික තර්ජන සහ කොරෝනා වයිරස් වසංගතය උපුටා දක්වමින් ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාවට “අනෙකා, අනෙක් පාර්ශවය” පමණක්ම තර්ජනය කරයි යන මතය පිළිබඳ නැවත සිතා බැලිය යුතු බව Mike Pezzullo එහිදී පැවසීය.

"COVID-19 තර්ජනය හමුවේ අද ඉතා වැදගත් ආරක්ෂක පිළිවෙතක් වන්නේ අත් සේදීම සහ යහපත් සනීපාරක්ෂාවයි, එම ක්‍රම සංකීර්ණ ආයුධ පද්ධතියක පෙනුමෙන් හා ස්වභාවයෙන් බොහෝ දුරස් වී ඇති නිසි ගෞරවය සහිත මිනුමක්" යනුවෙන් ඔහු තම දේශනයේදී වැඩි දුරටත් පැවසීය.

ආරක්ෂාවට තර්ජනයක් ඇති අවදානම් තත්ත්ව 25 ක ලැයිස්තුවක්

ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවට පුරෝකථනය කළ අවදානම් තත්ත්ව 25 ක ලැයිස්තුවක් සිය දේශනයේදී ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ලේකම් Mike Pezzullo විසින් ප්‍රකාශ කරන ලදී.

දේශගුණික විපර්යාසය, සයිබර් ප්‍රහාර, පාලනය කළ නොහැකි මහා සංක්‍රමණ සහ ෆැසිස්ට් අන්තවාදීන් කණ්ඩායම් වල නැගී සිටීම එම බරපතල අවදානම් අතර ඉහළින්ම තිබේ.

දේශගුණික විපර්යාසය නිසා ජෛව විවධත්වය ට සිදුවන හානි සහ පරිසර පද්ධති විනාශ වීම සිදුවන අතරේ දේශගුණික විපර්යාසය නිසා හෝ සිවිල් යුද්ධ නිසා ඔස්ට්‍රේලියාවට පැමිණෙන පාලනය කළ නොහැකි මහා සංක්‍රමණ පිළිබඳ ඔස්ට්‍රේලියාව වඩාත් සැලකිලිමත් විය යුතු බව Mike Pezzullo එහිදී පැහැදිලි කළේය.

ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාවට තවමත් ඇති බරපතලම තර්ජනය වන්නේ IS ත්‍රස්ත සංවිධානය වන නමුත් ෆැසිස්ට් අන්තවාදීන් කණ්ඩායම් වල නැගී සිටීම ද ඒ හා සමානවම බරපතල අවදානමක් ඇති කරන්නක් බව ඔහු එහිදී අවධාරණය කළේය.

අන්තර්ජාලය හරහා සිදුවන ප්‍රහාරයන්ට ඔස්ට්‍රේලියාව පුරා ඇති තීරණාත්මක යටිතල පහසුකම් අඩපණ කිරීමේ හැකියාව ඇති හෙයින් සයිබර් ප්‍රහාර ද ඔස්ට්‍රේලියාව සැලකිලිමත් විය යුතු බරපතල අවදානම් තත්ත්වයක් බව Mike Pezzullo වැඩි දුරටත් පැවසීය.

how to where a mask
Source: SBS Sinhala

Share

2 min read

Published

Updated

By Naveen Razik, Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now