ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 6.8% සිට 6.9% දක්වා වැඩිවී තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොළ පිළිබඳ අද (15/10) නිකුත් කෙරුණු නවතම වාර්තාවේ මේ බව දැක්වේ.

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 6.9% දක්වා ඉහළට
පසුගිය මාසයේ (සැප්තැම්බර්) 29,500 ක පිරිසකට ඔස්ට්‍රේලියාවේ රැකියා අහිමිවී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 6.8% සිට 6.9% දක්වා වැඩිවී ඇත.
ජූලි මාසයේදී 7.5% ක්ව පැවති ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය පසුගිය අගෝස්තු මාසයේදී 6.8% දක්වා පහත බැස තිබුණි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඒ අනුව සැප්තැම්බර් මාසය නිම වන විට එය තවත් පහත බසිනු ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ අපේක්ෂා කළහ.
මේ සමග ඔස්ට්‍රේලියාවේ රැකියා විරහිත පුද්ගලයින් 937,400 ක් දක්වා 11,300 කින් වැඩිවී තිබේ.
මේ අතර තරුණයින් ගේ විරැකියා අනුපාතය 14.5% දක්වා 0.4% කින් ඉහළ ගොස් තිබේ.
එමෙන්ම Underemployment rate හෙවත් ඉහළ හැකියාවන් සහ ඉහළ සුදුසුකම් ඇති පුද්ගලයින් ඊට වඩා අඩු නිපුණතාවක් අවශ්‍ය රැකියා වල නියුතු වීමේ ප්‍රතිශතය ද පසුගිය මාසයේදී 11.4% දක්වා ඉහළ ගොස් ඇත.
විරැකියාව ඉහළ යාමට හේතු
රැකියා විරහිත පුද්ගලයින් ප්‍රමාණය ඉහළ යාමට ප්‍රධාන හේතුව වූයේ ඇතැම් පුද්ගලයින් රැකියාවක් සෙවීම නැවැත්වීම බව ABC පුවත් සේවය පවසයි.
ඒ අනුව රැකියාවල නියුතු පිරිස 64.9% සිට 64.8% දක්වා අඩුවී ඇත.
මීට අමතරව ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය ඉහළ යාමට තවත් ප්‍රධාන හේතු නම් මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට තවමත් පනවා ඇති දැඩි lockdown නීති හා වික්ටෝරියානු ප්‍රාන්ත වාසීන්ට JobSeeker දීමනාව ලබාගැනීමට ඇති කොන්දේසි පහසු කිරීමය.
ඒ නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ රැකියා නියුක්ති භාවය 1.1% කින් පහත වැටී තිබේ.
පසුගිය වසර තුළ රැකියාවල නියුතු පුද්ගලයින් ගේ සංඛ්‍යාව 360,000 කට ආසන්න ප්‍රමාණයකින් පහත වැටුණි.
රැකියාවක් ඇත්තේ ඔස්ට්‍රේලියානුවන්ගෙන් 60.3% කට පමණක් බව මෙයින් අදහස් කෙරේ.


