කොරෝනා වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාව ඇතුළු ලොව බොහෝ රටවල රැකියා වෙළෙඳපොළ වෙත විශාල බලපෑමක් එල්ල වී තිබේ.
ඔස්ට්‍රේලියාවේ සැලකිය යුතු පිරිසකට රැකියා අහිමිවී ගොස් ඇති අතර තවත් පිරිසකට තම රැකියාවේ සේවා පැය ගණන අඩු වී තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මේ අතරේ ඇතැම් රැකියා සඳහා ඉහළ ඉල්ලුමක්ද ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොළ තුළ නිර්මණය වී ඇත.

ඔස්ට්‍රේලියානු රැකියා වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් ඇති රැකියා ක්ෂේත්‍ර
කොරෝනා වසංගතය මධ්‍යයේ ඔස්ට්‍රේලියානු රැකියා වෙළෙඳපොළේ ඇතැම් රැකියා අහිමි වන විට ඇතැම් රැකියා සඳහා නොසිතූ ආකාරයක ඉහළ ඉල්ලුමක් හටගෙන තිබේ.
ඔස්ට්‍රේලියානු රැකියා වෙළෙඳපොළ සම්බන්ධ ප්‍රමුඛතම වෙබ් අඩවියක් වන Seek වෙබ් අඩවිය සිදුකළ සමීක්ෂණයකට අනුව එලෙස ඔස්ට්‍රේලියාව තුළ මේ වන විට වඩාත් ඉහළ ඉල්ලුමක් ඇති රැකියා ක්ෂේත්‍ර පිළිබඳ තොරතුරු හමුවී ඇත.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
ඒ අනුව ඔස්ට්‍රේලියානු රැකියා වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් ඇති රැකියා ක්ෂේත්‍ර 20 ක් ඔවුන්ට හඳුනා ගැනීමට පහත අයුරින් හැකිවී තිබේ.
- Nursing (සියලුම ඛාණ්ඩ වල)
- Warehousing, Storage & Distribution
- Aged & Disability Support
- Automotive Trades
- Administrative Assistants
- Sales Representatives / Consultants
- Physiotherapy, OT & Rehabilitation
- Childcare & Outside School Hours Care
- Chefs / Cooks
- Retail Assistants
- Developers / Programmers
- Mining - Engineering & Maintenance
- Labourers
- Road Transport
- Psychology, Counselling & Social Work
- Denta
- Child Welfare, Youth & Family Services
- Plant & Machinery Operators
- Business / Systems Analysts
- Mining - Operations

ඔබ කළ යුත්තේ කුමක්ද?
කොරෝනා වසංගතය හේතුවෙන් බොහෝ ව්‍යාපාර සහ සේවා ස්ථාන Online ක්‍රමයට අනුව හැඩ ගැසී තිබේ.
ඊට අමතරව අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ඉහළ ඉල්ලුමක් නිර්මණය වී තිබේ.
මේ හේතුවෙන් ඉහත සඳහන් රැකියා වලට වැඩි ඉල්ලුමක් නිර්මාණය වී ඇති බව Seek වෙබ් අඩවිය වාර්තා කරයි.
ඉහළ ඉල්ලුමක් තිබුණ ද ඉහත රැකියා සඳහා ඉහළ තරගකාරීත්වයක් ද ඇති බව Seek වෙබ් අඩවිය පවසයි.
එනිසා ඔබ සෞඛ්‍ය අංශයේ රැකියාවකට අයදුම්පතක් යොමු කරන විටදී අන් අයගේ සෞඛ්‍යයට සහයෝගය දැක්වීමට ඔබ දක්වන අව්‍යාජ කැපවීම ඔබ ඔබේ අයදුම්පතේ ඉස්මතු කළ යුතු බව Hobson Health Recruitment හි අධ්‍යක්ෂ Dan Hobson පවසයි.
එමෙන්ම තම කර්යෂමභාවය, කණ්ඩායමක වැඩ කිරීමට ඇති හැකියාව, ගැටළු වලට ඉක්මණින් සාර්ථක විසඳුම් සෙවීමට ඇති හැකියාව කාලය සාර්ථකව කළමනාකරණය කිරීමට ඇති හැකියාව යන අංශ පිළිබඳ ඉහත සඳහන් සියලුම රැකියා සඳහා අයදුම්පත් යොමු කරන විට ඔබ ඔබේ අයදුම්පතේ ඉස්මතු කළ යුතු බව Seek වෙබ් අඩවිය පවසයි.


