ඔස්ට්‍රේලියාවේ ඇත්තේ ප්‍රාන්ත 6 ක් සහ ටෙරිටරි 2 ක් පමණි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
නමුත් ඔස්ට්‍රේලියාව තවත් ප්‍රාන්තයකට කැඩීමේ යෝජනාවක් පිළිබඳ මේ දිනවල මාධ්‍ය තුළින් වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවට තවත් ප්‍රාන්තයකට කැඩීමේ යෝජනාවක්
ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ උතුරු කොටස “Reef State” නමින් නම් කර එය වෙනමම ප්‍රාන්තයක් බවට පත් කිරීමට යෝජනාවක් කර තිබේ.
ඒ අනුව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය දෙකට බෙදී යයි.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නවතම දේශපාලන පක්ෂය වන North Queensland First විසින් මෙම යෝජනාව සිදුකර ඇත.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
Jason Costigan විසින් North Queensland First පක්ෂය මීට මාස 12 කට පමණ පෙර පිහිටුවනු ලැබීය.
එළඹෙන ඔක්තෝබර් 31 වන දින පැවැත්වීමට නියමිත ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත මැතිවරණයත් සමග මෙම යෝජනාව කල එළි බැස තිබේ.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය දෙකට බෙදීම සම්බන්ධයෙන් ජනමත විචාරණයක් 2020 අවසන් වීමට පෙර පැවැත්වීමට හැකිවෙතැයි Jason Costigan අපේක්ෂා කරයි.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය දෙකට බෙදීමට හේතුවඋතුරු ක්වීන්ස්ලන්ත කලාපයට බ්‍රිස්බේන් ඇතුළු ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ අනෙක් කලාප වලට වඩා වෙනස් තෝරාගැනීම් සහ ආකල්ප ඇති හෙයින් උතුරු ක්වීන්ස්ලන්ත කලාපයට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජයෙන් මිදී ස්වාධීන පාලනයක් තිබිය යුතු බව තමන් විශ්වාස කරන බව Jason Costigan පවසා තිබේ.
බ්‍රිස්බේන් නුවර සිට ලැබෙන නියෝග නොතකා උතුරු ක්වීන්ස්ලන්ත වාසීන් බොහොමයකට කිඹුලන්ට වෙඩි තැබීමට සහ ගල් අඟුරු පුළුස්සා අඩු මුදලට බලශක්තිය ලබා ගැනීමට අවශ්‍ය බව ඔහු News,com.au වෙබ් අඩවියට පැවසීය.
"උතුරු ක්වීන්ස්ලන්ත කලාපයේ සිටින වැසියන් මෝඩයින් නොවෙයි, යටිතල පහසුකම් සඳහා මුදල් වෙන් කිරීමේදී පවා උතුරු ක්වීන්ස්ලන්ත කලාපයට රොඩු පමණක් හිමිවනවා" යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.
පතල්, සීනි, ගව හා සංචාරක කර්මාන්ත වලින් උතුරු ක්වීන්ස්ලන්ත කලාපය ඩොලර් බිලියන ගණනක්ති උපයා තිබියදීත්, උතුරු ක්වීන්ස්ලන්තය පුරා බොහෝ නගර සහ ප්‍රජාවන් “මිය යමින්” සිටින බව ඔහු පැවසීය.
Bruce අධිවේගී මාර්ගය වැනි ප්‍රධාන මාර්ග ඉරිතැලීම්වලින් පිරී ඇති බවත් රෝහල්වලට මාතෘ සේවාවන් හෝ වකුගඩු ප්‍රතිකාර කිරීම් වැනි මූලික සේවාවන් පවා සිදු කළ නොහැකි මට්ටමට උතුරු ක්වීන්ස්ලන්ත කලාපය පත්ව ඇති බව Jason Costigan පැහැදිලි කළේය.
එමෙන්ම මරණ පරීක්ෂණ සඳහා කිලෝමීටර් 1000 ක් දක්වා මෘත දේහ ප්‍රවාහනය කිරීමටද උතුරු ක්වීන්ස්ලන්ත කලාප වාසීන්ට සිදුව ඇතැයි ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
උතුරු හා මධ්‍යම ක්වීන්ස්ලන්ත කලාප වල වැසියන්ගේ ජීවිත ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය විසින් උරා බොන බවත් මෙය 21 වන සියවසේ සිවිල් යුද්ධයක් කරා යනතෙක් ඔවුන් එය සිදු කරන බවත් ඊට පෙර යමක් කළ යුතු බවත් ඔහු පැවසීය.
වසර 1865 දී ද මෙලෙස ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය දෙකට බෙදීමට උත්සහයක් තිබූ බව වාර්තා වේ.


