ඔස්ට්‍රේලියාවත් ගැනීමට බලා සිටින Oxford කොරෝනා එන්නතේ අත්හදා බැලීම්වලට ස්වේච්ඡාවෙන් සහභාගී වූ පුද්ගලයෙකු මරු දකී (SBS සිංහල/ වාර්තා)

Australia's first locally made COVID-19 mRNA vaccine candidate is set for clinical trials

Australia's first locally made COVID-19 mRNA vaccine candidate is set for clinical trials Source: AAP

Oxford විශ්ව විද්‍යාලය විසින් නිර්මාණය කරමින් සිටින කොරෝනා වයිරස් එන්නතේ සායනික අත්හදා බැලීම්වලට ස්වේච්ඡාවෙන් සහභාගී වූ පුද්ගලයෙකු බ්‍රසීලයේදී මියගොස් තිබේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


අත්හදා බැලීම් සාර්ථක වුවහොත් මෙම එන්නත ලබාගැනීමට ඔස්ට්‍රේලියාවද මේ වන විට ගිවිසුම් අත්සන් කර ඇත.

Scott Morrison tours the Astra Zeneca laboratories after signing an agreement with them to produce the Oxford University COVID-19 vaccine if it is successful.
Scott Morrison tours the Astra Zeneca laboratories after signing an agreement with them to produce the Oxford University COVID-19 vaccine if it is successful. Source: AAP

ස්වේච්ඡාවෙන් සහභාගී වූ පුද්ගලයා ගේ මියයාම

Oxford විශ්ව විද්‍යාලය විසින් නිර්මාණය කරමින් සිටින කොරෝනා වයිරස් එන්නතේ සායනික අත්හදා බැලීම්වලට ස්වේච්ඡාවෙන් සහභාගී වූ පුද්ගලයෙකු බ්‍රසීලයේදී මියගොස් තිබේ.

එම පුද්ගලයා 28 වියෙහි පසුවූ වෛද්‍යවරයකු බව සඳහන්.

ලොව පුරා සිදුවන විවිධ කොරෝනා වයිරස් එන්නත් අත්හදා බැලීම් වලදී වාර්තා වූ පළමු මරණය මෙය ලෙසද සටහන් වේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


කෙසේ වෙතත්, මේ සම්බන්ධව පැවැත්වූ ස්වාධීන සමාලෝචනයක් මගින් කිසිදු ආරක්ෂිත ගැටළුවක් නොමැත යන්න හෙළිවූ බව අදාළ අධ්‍යයනයේ සංවිධායකයින් පැවසුවේය.

ඒ හේතුවෙන් AstraZeneca ඖෂධ සමාගම සමග Oxford විශ්ව විද්‍යාලය සිදුකරනු ලබන මෙම කොරෝනා වයිරස් එන්නතේ අත්හදා බැලීම් අඛණ්ඩව සිදුකරගෙන යන බව ද ඔවුහු පැවසුහ.

මෙහිදී මියගිය වෛද්‍යවරයා Covid-19 හි සංකූලතා හේතුවෙන් මියගිය බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

The D'Or Teaching and Research Institute has said that the independent review process raised no concerns and that the study would go on.
The D'Or Teaching and Research Institute has said that the independent review process raised no concerns and that the study would go on. Source: The D'Or Teaching and Research Institute

අත්හදා බැලීම් දිගටම

බ්‍රසීලයේ සිදුවූ මෙම මිය යාම සියුම්ව විමර්ශනය කිරීමෙන් අනතුරුව Oxford විශ්ව විද්‍යාලය සිදුකරන මෙම සායනික අත්හදා බැලීමේ ආරක්ෂාව පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත් එය අඛණ්ඩව ඉදිරියට සිදු කරගෙන යාමට නිර්දේශ කර තිබේ.

ඔක්තෝබර් 19 වන දින මෙම සිදුවීම විධිමත් ලෙස දැනුම් දී ඇති බවත් මෙම අධ්‍යයනය අධීක්ෂණය කරන ආරක්ෂක හා ඇගයීම් කමිටුවෙන් ස්වාධීන සමාලෝචනයක් පිළිබඳ වාර්තාවක් ද ලැබී ඇති බවත් ජාතික සෞඛ්‍ය නියාමක Anvisa තහවුරු කර ඇත.

ස්වාධීන සමාලෝචන ක්‍රියාවලිය මෙම අධ්‍යයනයේ ආරක්ෂාව පිළිබඳව කිසිදු සැකයක් මතු කර නැති අතර එය නොකඩවා කරගෙන යාමට නිර්දේශ කර ඇති බව බ්‍රසීලයේ පරීක්ෂණ සංවිධානය කිරීමට සහාය වන D'Or Teaching and Research Institute (IDOR) පැවසීය.

බ්‍රසීලයේ ස්වේච්ඡා පුද්ගලයින් 8,000 කට පමණ මේ දක්වා මෙම එන්නත එන්නත් කර ඇති අතර ලොව පුරා 20,000 කට අධික සංඛ්‍යාවකට එන්නත් කර ඇත.

මෙම අත්හදාබැලීම් වලට සහභාගිවන්නන් කොරෝනා වයිරසය සමඟ නිරන්තරයෙන් ගනුදෙනු කරන වෛද්‍යවරුන්, හෙදියන් හෝ වෙනත් සෞඛ්‍ය අංශ සේවකයින් විය යුතුය.

how to where a mask
Source: SBS Sinhala

Share

2 min read

Published

By Madhura Seneviratne

Source: AFP, SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now