දෙවැනි වරටත් කොරෝනා හැදුණු ඔස්ට්‍රේලියාවේ පළමු පුද්ගලයා වික්ටෝරියානු ප්‍රාන්තයෙන් (SBS සිංහල/ වාර්තා)

Nuevo confinamiento en Melbourne, el Abierto de Australia sigue pero a puertas cerradas

شوارع ملبورن فارغة عشية الاغلاق. Source: Getty Images

කොරෝනා වයිරසය දෙවැනි වරටත් වැළඳුනු පුද්ගලයෙකු ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වේ.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

ඔහු වික්ටෝරියානු ප්‍රාන්ත වාසියෙකු ලෙස සඳහන්.

Virus Corona
Corona Virus Source: Pixabay

ඔස්ට්‍රේලියාවේ දෙවන වරටත් කොරෝනා වයිරසය වැළඳුණු පුද්ගලයෙක්

ඔස්ට්‍රේලියාවේ දෙවන වරටත් කොරෝනා වයිරසය වැළඳුණු පුද්ගලයෙක් පිළිබඳ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වේ.

ඊයේ දිනයේදී (20/10) වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වූ එකම කොරෝනා ආසාදිතයා එම පුද්ගලයා බව වික්ටෝරියානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව පවසයි.

එම පුද්ගලයාට කොරෝනා වයිරසය වැළදී ඇති බවට පසුගිය ජූලි මාසයේදී පළමු වරට තහවුරු විය.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

ඉන් අනතුරුව ඔක්තෝබර් 20 වන දා නිකුත් කළ වාර්තා වලට අනුව ද ඔහුට නැවතත් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

ඒ අනුව එම ආසාදනය වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නැවත ආසාදනය වීමක් ලෙස සැලකු බව ප්‍රාන්ත අගමැති  Daniel Andrews පැවසීය.

Victorian Premier Daniel Andrews addresses the media during a press conference in Melbourne, Sunday, October 18, 2020. Victoria has recorded two new cases of coronavirus and zero deaths in the past 24 hours.
Premier of Victoria - Daniel Andrews Source: AAP Image/James Ross

කොරෝනා වයිරසය දීර්ග කාලයක් සිරුරේ පැවතිය හැකිද?

කොරෝනා වයිරසය දෙවරක් වැළඳුනු පුද්ගලයා සම්බන්ධව වික්ටෝරියානු සෞඛ්‍ය අංශ දීර්ගව සහ ගැඹුරින් අධ්‍යනය කළ බවත් ඔහුට දෙවරක් වයිරසය වැළදී ඇති ආකාරය එයින් පෙනී ගිය බවත් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති  Daniel Andrews ප්‍රකාශ කළ බව චැනල් 7 පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

ලැබී ඇති තොරතුරු වලට අනුව ඔහුගේ සිරුරේ කොරෝනා වයිරසය දීර්ග කාලයක් පැවතුණු බවක් නොපෙන්වූ බවද ඔහු කියා සිටියේය.

එනිසා මෙය නැවත ආසාදනය වීමක් ලෙස සැලකිය හැකි බව ප්‍රාන්ත අගමැතිවරයා පැහැදිලි කළේය.

මේ තත්ත්වය හේතුවෙන් සියලු දෙනා ප්‍රවේශම් වීම ඉතා යෝග්‍ය බවද ඔහු පැවසීය.

ආසාදනය වීමකින් පසු යම් කාලයක් දක්වා මිනිසුන්ට තම සිරුරේ කොරෝනා වයිරසය රැගෙන යා හැකිය.

කෙසේ වෙතත්, මෙම කාලය තුළ අදාළ පුද්ගලයා ආසාදිතයෙකු බවට බාහිරට නොපෙන්වයි.

මේ තත්ත්වය ඉතා සංකීර්ණ බවත් එනිසා සියලු ජනතාව දැඩි ලෙස ප්‍රවේශම් විය යුතු බවත් සෞඛ්‍ය බලධාරීහු දන්වා සිටිති.

how to where a mask
Source: SBS Sinhala

Share

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now