Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ TikTok කරන අයට අනතුරු ඇඟවීමක් (SBS සිංහල/ වාර්තා)

මෙම වසර මුලදී, රහස් තොරතුරු හෙළි කරන්නෙකු TikTok හි අභ්‍යන්තර රැස්වීම්වල leaked recordings හෙවත් රහස් පටිගත කිරීම් 80 කට අධික ප්‍රමාණයක් ඇමරිකානු වෙබ් අඩවියක් වන BuzzFeed වෙත යොමු කළේය.

The Chinese-owned social media platform TikTok is the subject of growing security concerns.
The Chinese-owned social media platform TikTok is the subject of growing security concerns. Source: AAP

Key Points

  • TikTok චීනය පදනම් කරගත් servers හරහා දත්ත සම්ප්‍රේෂණය කරයි.
  • එම දත්ත ඇමෙරිකාව සහ සිංගප්පූරුව වැනි රටවල ගබඩා කර ඇති බව සඳහන්.
  • තෝරාගත් ගබඩා කිරීමේ ක්‍රමය කුමක් වුවත්, චීනයේ පදනම් වූ සමාගම් යම් යම් කොන්දේසි යටතේ දත්ත හෙළි කිරීමට නීතිමය බැඳීම් ඇති බව වාර්තා වේ.

ලෝකයේ ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලයක් වන TikTok ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ විවේචනයට ලක්ව ඇත.

එහි දත්ත භාවිතයන් පිළිබඳ නොමඟ යවන ප්‍රකාශයන් සම්බන්ධයෙන් එලෙස TikTok විවේචනයට ලක්විය.

මෙම වසර මුලදී, රහස් තොරතුරු හෙළි කරන්නෙකු TikTok හි අභ්‍යන්තර රැස්වීම්වල leaked recordings හෙවත් රහස් පටිගත කිරීම් 80 කට අධික ප්‍රමාණයක් ඇමරිකානු වෙබ් අඩවියක් වන BuzzFeed වෙත යොමු කළේය.

චීනය පදනම් කරගත් සේවකයින් TikTok භාවිතා කරන්නන් පිළිබඳ පුද්ගලික දත්ත වෙත නැවත නැවතත් ප්‍රවේශ වී ඇති බව එහිදී අනාවරණය විය.

පසුගිය අගෝස්තු 4 වැනි දින ඔස්ට්‍රේලියානු සෙනෙට් සභාවේදී ලිබරල් සෙනට් සභික සහ සයිබර් ආරක්‍ෂාව පිළිබඳ ලිබරල් සන්ධානයේ නියෝජිත James Paterson මේ පිළිබඳ විශේෂ කතාවක් සිදු කළේය.

එහිදී ඔහු TikTok වෙබ් අඩවිය ඔස්ට්‍රේලියානු පරිශීලකයින්ගේ දත්ත හසුරුවන ආකාරය පිළිබඳව කනස්සල්ල පළ කළ අතර අදාළ දත්ත චීනයට ලබාගත හැකි සම්භාවිතාව පිළිබඳ මෙන්ම ඔවුන් ඒවා ටනැවත නැවතත් ප්‍රවේශ වී ඇති බව ප්‍රකාශ කළේය.

 

Australian TikTok data can be accessed by China
Australian TikTok data can be accessed by China Source: AAP / Kiichiro Sato/AP

TikTok ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට ගිය පළමු අවස්ථාව මෙය නොවෙයි

TikTok ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ සෙනෙට් සභාව තුළ කතාබහට ලක්වූ පළමු අවස්ථාව මෙය නොවේ.

මීට පෙර පාර්ලිමේන්තු විමර්ශන කමිටුවක් ඉදිරියේ TikTok සම්බන්ධයෙන් කරුණු විමසීය.

ඔස්ට්‍රේලියානු TikTok පරිශීලකයින්ගේ දත්ත තමන්ගේ TikTok වේදිකාවේ ආරක්ෂිත බව සහතික කරන සාක්ෂි එහිදී TikTok විසින් සපයනු ලැබීය.

එම සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් පසුව, TikTok හි දත්ත රහසේ භාවිතා කිරීම පිළිබඳ තිබූ වදවීම් තාවකාලිකව පහව ගිය බවක් පෙනෙන්නට තිබුණි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

චීන servers හරහා TikTok දත්ත සම්ප්‍රේෂණය

TikTok චීනය පදනම් කරගත් servers හරහා දත්ත සම්ප්‍රේෂණය කළද, අවසානයේ එම දත්ත ඇමෙරිකාව සහ සිංගප්පූරුව වැනි රටවල ගබඩා කර ඇති බවත් එනිසා දත්ත සුරක්ෂිතතාව පිළිබඳ ගැටළුවක් නොමැති බවත් සඳහන් කරයි.

කෙසේ වෙතත්, තෝරාගත් ගබඩා කිරීමේ ක්‍රමය කුමක් වුවත්, චීනයේ පදනම් වූ සමාගම් යම් යම් කොන්දේසි යටතේ දත්ත හෙළි කිරීමට නීතිමය බැඳීම් ඇති බවද වාර්තා වේ.

චීනය ඔවුන්ගේ මූලස්ථානය වන නිසා ඔවුන් ඒ සඳහා බැදී සිටින බව සෙනට් සභික James Paterson, ABC පුවත් වෙත පැවසීය.


2 min read

Published

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now