වැඩිවන විදුලිය ගාස්තු අඩු කරගැනීමට ඔස්ට්‍රේලියානුවන් යොදන විවිධ උපක්‍රම මෙන්න (SBS සිංහල/ වාර්තා)

භාවිතා නොකරන විට විදුලි පහන් සහ විදුලි ස්විචයන් ස්ථාන නිවා දැමීමෙන් වැඩිවන විදුලිය බිල්පත් අඩු කර ගැනීමට තමන් සැලසුම් කරන බව මෙම සමීක්ෂණයේදී බොහෝ ඔස්ට්‍රේලියානුවන් පවසා තිබේ.

A stock photo of an electricity bill, showing electricity usage data

From 1 July, electricity bills in parts of Australia were expected to rise almost 25 per cent under new prices set by the country's energy regulator. Source: AAP / DAVID MARIUZ/AAPIMAGE

ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්තවල විදුලිය මිල මේ වන විට ඉහළ ගොස් තිබෙන අතර ඇතැම් ප්‍රාන්තවල නුදුරේදීම විදුලිය මිල ඉහළ යාමට නියමිතය.

වැඩිවන ජීවන වියදමත් සමග විදුලිය ගාස්තු අඩු කරගන්නේ කෙසේදැයි කියා දැන් බොහෝ ඔස්ට්‍රේලියානුවෝ කල්පණා කරති.

එහිදී ඔස්ට්‍රේලියානුවන් අනුගමනය කරන විවිධ උපක්‍රම පිළිබඳ සිදුකළ සමීක්ෂණයක වාර්තාවක් මේ වන විට එලි දක්වා තිබේ.

නවතම සමීක්ෂණ වාර්තාව

විවිධ මිල ගණන් සහ ද්‍රව්‍ය සංසන්දනය කරන සුප්‍රසිද්ධ වෙබ් අඩවියක් වන Finder විසින් මෙම සමීක්ෂණය සිදුකර තිබේ.

භාවිතා නොකරන විට විදුලි පහන් සහ විදුලි ස්විචයන් ස්ථාන නිවා දැමීමෙන් වැඩිවන විදුලිය බිල්පත් අඩු කර ගැනීමට තමන් සැලසුම් කරන බව මෙම සමීක්ෂණයේදී බොහෝ ඔස්ට්‍රේලියානුවන් පවසා තිබේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

අධික බලශක්ති පිරිවැය තම ආර්ථිකයට විශාල පීඩනයක් ගෙන දීමට පටන් ගන්නා බැවින් ශීත සෘතුවේ මාසවලදී තමන්ගේ විදුලි පරිභෝජනය අඩු කිරීමට සැලසුම් කළ බව සමීක්ෂණයට ලක් කරන ලද පුද්ගලයින් 1,090 න් 80% ක් පමණ පවසා ඇත.

බලශක්ති නියාමකයා විසින් නියම කරන ලද නව උපරිම විදුලිය මිලක් යටතේ ඔස්ට්‍රේලියානුවන් 25% කට ආසන්න විදුලිය මිල වැඩි වීමකට ගොදුරු වී තිබේ.

විදුලිය බිල්පත් අඩු කර ගැනීමට ඔස්ට්‍රේලියානුවන් සිදුකරන උපක්‍රම

A table showing seven way's Australians plan to cut down their energy bills
Most Australians surveyed by comparison site Finder plan to save money on rising energy bills by switching off lights and power points when not in use. Cutting down on heater/air conditioner use was the second-highest course of action. Source: SBS

නිවසේ සිට රාජකාරී කිරීම අත්හරියි

සමීක්ෂණයට ලක් වූවන්ගෙන් අඩකට වඩා (56% ක් පමණ) තමන්ගේ විදුලිය බිල්පත් අඩු කිරීම සඳහා භාවිතා නොකරන විට විදුලි පහන් සහ power points නිවා දමන බව පවසති.

තමන් Heaters හෝ වායු සමීකරණ භාවිතය අඩු කරන බව තවත් පිරිසක් පවසා ඇත.

මේ අතර තමන් නිවසේ සිට රාජකාරී කිරීම නවතා කාර්යාලයට ගොස් රැකියා කිරීමට තීරණය කර විදුලිය වියදම් අඩු කරන බව සමීක්ෂණයට සහභාගී වූ සෑම දහ දෙනෙකුගෙන්ම එක් අයෙක් පැවසීය.

විදුලිය සපයන්නන් මාරු කිරීම හෝ විදුලිය ඉතිරිකිරීමේ විදුලි බුබුළු වෙත මාරු වීමද ඔස්ට්‍රේලියානුවන් යොදාගන්නා තවත් උපක්‍රම දෙකකි.

ඇතැමුන් සූර්ය පැනල ස්ථාපනය කිරීම පිළිබඳවද සලකා බලමින් සිටිති.

මේ අතර සමීක්ෂණයට සහභාගී වූ 20% කට වැඩි පිරිසකට තමන්ගේ පුරුදු වෙනස් කිරීමට කිසිදු සැලසුමක් නොතිබුණි.

විදුලිය පිරිවැය බරපතල ලෙස ඉහළ ගිය ප්‍රාන්ත

විවිධ විදුලිය සැලසුම් පිළිබඳව කරන ලද පර්යේෂණ මත පදනම්ව බලශක්ති මිල ඉහළ යාමෙන් දරුණු ලෙස පීඩාවට පත් වූවන් අතර දකුණු ඔස්ට්‍රේලියානුවන් පළමුවෙන්ම සිටින බව Finder පැවසීය.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ නිවාස සඳහා ඇස්තමේන්තුගත වාර්ෂික විදුලිය මිල 22-63% අතර ඉහළ ගොස් ඇති බව Finder සොයා ගත්තේය.

මෑත මිල ඉහළ යාමෙන් පසු, ඇතැම් නිවැසියන් සඳහා එය වසරකට ඩොලර් 800ක් වැඩි බව ද අනාවරණය විය.

වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලිය මිල ගණන් 22% සිට 31% දක්වා ඉහළ ගියේය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ එය 15% ත් 36% ත් අතර වන බවත් ක්වීන්ස්ලන්තයේ 8% ත් 41% ත් අතර වන බවත් හෙළිවිය.


Share

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now