SKIP TO MAIN CONTENT

අඩු ආදායම් ලාභී ඔස්ට්‍රේලියානුවන් හට කොරෝනා නිසා ලබාදෙන $750 දෙවැනි දීමනාව ජූලි 15 සිට ලබා දීමට පියවර (SBS සිංහල/ වාර්තා)

How JobSeeker and JobKeeper offers will change from the end of September 2020
How JobSeeker and JobKeeper offers will change from the end of September 2020 Source: AAP

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

අඩු ආදායම් ලාභී ඔස්ට්‍රේලියානුවන් හට කොරෝනා වසංගතය හේතුවෙන් ලබා දෙන දෙවැනි සහන දීමනාව මේ සතියේ සිට ලබාගැනීමට හැකිය.


 

SBS සිංහල සේවය

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

$750 ක් වන මෙම දීමනාව ජූලි 15 සිට ලබාගත හැකි බව සඳහන්.

AAP
The Centrelink at Bondi Junction in Sydney, Monday, May 11, 2009. (AAP Image/Tracey Nearmy) NO ARCHVING Source: AAP

අඩු ආදායම් ලාභී ඔස්ට්‍රේලියානුවන්ට දෙවැනි සහන දීමනාවක්

මිලියන 5 ක් පමණ වූ අඩු ආදායම් ලාභී ඔස්ට්‍රේලියානුවන්ට කොරෝනා වසංගතය හේතුවෙන් ලබා දෙන දෙවැනි සහන දීමනාව මෙම බදාදා (15/07) සිට ලබාගැනීමට හැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.

මේ සඳහා වැයවන මුළු මුදල ඩොලර් බිලියන 3.8 ක් බව වාර්තා වේ.

තුන්වන වටයේ මෙවැනි ගෙවීමක් සඳහා කිසිදු සැලසුමක් නොමැති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg පැවසුවේය.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)


 

මෙම මුදල් ගෙවීම කොරෝනා වසංගතය සමග ඇතිවූ ආර්ථික අර්බුදයට සහන සැලසීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද පුළුල් ක්‍රියාමාර්ගයක කොටසක් බව ඔහු ABC පුවත් සේවයට පැවසීය.

මෙම $750 පළමු දීමනාව පසුගිය මාර්තු හා අප්‍රේල් මාසයේදී ලබා දී තිබුණි.

සැප්තැම්බර් මාසයෙන් පසුව ලබාදීමට අපේක්ෂා කරන සහන දීමනා පිළිබඳ ලබන සතියේ ප්‍රකාශයට පත් කරන බවද ඔහු පැවසීය.

A new study revealed Aussie workers pay levels peak after the age of 45.
Source: AAP Image/Dan Peled

$750 දීමනාව ලැබීමට සුදුසු කවුරුන්ද?

පහත සඳහන් දීමනා ලබන්නන් හට ජූලි 15 සිට $750 දෙවැනි දීමනාව ලබාගැනීමට හැකියාව පවතී.

  • Age Pension
  • Disability Support Pension
  • Carer Payment
  • Wife Pension
  • Widow B Pension
  • Pensioner Concession Card (PCC) holders
  • Commonwealth Seniors Health Cardholders
  • Veteran Service Pension
  • DVA PCC holders
  • Veteran Gold Cardholders
  • Family Tax Benefit
  • Double Orphan Pension
  • Carer Allowance

මෙම $750 දීමනාව ලැබීමට සුදුසු පුද්ගලයින් එය ලබා ගැනීමට කිසිදු දෙයක් කිරීමට අවශ්‍ය නොවන බව රාජ්‍ය සේවා අමාත්‍ය Stuart Robert පැවසීය.

යම් පුද්ගලයෙකු මේ සඳහා සුදුසු නම් ජූලි 15 සිට ජූලි 31 දින අතර කාලයේදී අදාළ $750 දීමනාව ඔවුන්ගේ බැංකු ගිණුම් වලට බැර වනු ඇති බව ඔහු සඳහන් කළේය.

unemployment
Source: Getty Images

දෙවැනි lockdown කිරීමත් සමග බොහෝ වික්ටෝරියානු වැසියන්ගේ රැකියා අහිමිවීමේ ලකුණු

දෙවැනි lockdown කිරීමත් සමග බොහෝ වික්ටෝරියානු වැසියන්ට තම රැකියා අහිමිවීමේ ලකුණු පහළ වී තිබේ.

Hospitality, අධ්‍යාපනය සහ කලාව වැනි ක්ෂේත්‍ර වල රැකියා දස දහස් ගණනක් අහිමි වීමත් සමඟ ජාතික ආර්ථිකය ගොඩනැගීම සහ වික්ටෝරියානු රැකියා වෙළඳපොල ශක්තිමත් කිරීම වෙනත් ප්‍රාන්තවලට පැවරෙන බව විශේෂඥයෝ පවසති.

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ මේ වසරේ පමණක් ඩොලර් බිලියන 4.6 ක ආදායම් අහිමිවීමක් සිදුවනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, එයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ජාත්‍යන්තර සිසුන් හිඟ වීමය.

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ රැකියා 21,000 ක් පමණ අහිමිවනු ඇතැයි මේ වන විට ඇස්තමේන්තු ගත කර තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ විරැකියා අනුපාතය 6.9% දක්වා ඉහළ ගොස් ඇති බව වික්ටෝරියා ප්‍රාන්තයේ නවතම සංඛ්‍යාලේඛන මගින් පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියාවේ ජාතික විරැකියා අනුපාතය 7.1% කි.

ජාතික මට්ටමින් තරුණ ප්‍රජාවගේ විරැකියා අනුපාතය 16% දක්වා ඉහළ නැග ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයේ එය 14% දක්වා ඉහළ ගොස් ඇත.

Sinhalese
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now