විදෙස්ගතව සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව හරි අඩකින් අඩු කිරීමට අද තීරණය කළ බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පැවසුවේය.
SBS සිංහල සේවය
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
අද (10/07) පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ බව සාකච්ඡා කර තීරණය කළ බව සඳහන්.

විදෙස්ගතව සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව කප්පාදු කෙරේ
මෙල්බර්න් නුවර ප්‍රමුඛ වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෛනිකව ඉහළ යාම හේතුවෙන් විදෙස්ගතව සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව අඩකින් අඩු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි වල හෝටල් නිරෝධායන කටයුතු වලට අධික පීඩනයක් ගෙන නොදීම සඳහා මෙම පියවර ක්‍රියාත්මක කෙරේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
ඒ අනුව ලබන සඳුදා සිට (13/07) විදෙස්ගතව සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයින් සතියකට 4,000 ක් පමණ දැකිය හැකි බව වාර්තා වේ.
කොරෝනා පරීක්‍ෂාවන් කිරීම හා ආසාදිතයින් සොයා යාම සඳහා අවශ්‍ය සම්පත් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ හැකි බැවින් ඒ සඳහා වන සම්පත් වෙනත් කාර්යයන් හරවා නොගත යුතු බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පැවසුවේය.
විදේශයන්හි සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන සියලු සංචාරකයින් අනිවාර්ය නිරෝධායනය කළ යුතු බැවින් එම පීඩනය අවම කරන ලෙසට සියලුම ප්‍රාන්ත හා ටෙරිටරි රජයන් මධ්‍යම රජයෙන් ඉල්ලා සිටි බවද අගමැති මොරිසන් සඳහන් කළේය.

හෝටල් නිරෝධායනය සඳහා ගාස්තු ගෙවිය යුතුය
ඔස්ට්‍රේලියාවට පැමිණෙන සියලුම සංචාරකයින්ට දින 14 ක් අනිවාර්ය නිරෝධායනයකට යටත් විය යුතු අතර එම නිරෝධායනය වන හෝටල් ඒ ඒ ප්‍රාන්ත ටෙරිටරි රජයන් විසින් තීරණය කරනු ලබයි.
එමෙන්ම එම හෝටල් නිරෝධායනය සඳහා අදාළ සියලුම ගාස්තු අදාළ මගීන්ගෙන් අය කරගැනීමට ප්‍රාන්ත හා ටෙරිටරි රජයන් අපේක්ෂා කරයි.
මේ අතර මෙම හෝටල් නිරෝධායන කටයුතු ජාතික මට්ටමින් එක් ප්‍රමිතියකට සිදු කිරීමටද මධ්‍යම රජය අපේක්ෂා කරන බව අගමැති මොරිසන් පැවසීය.
එමෙන්ම හෝටල් නිරෝධයනය පිළිබඳ විමර්ශනයක් පැවැත්විය යුතු බවටද අද පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය විය.
එය මෙහෙයවීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී සහ වත්මන් ජාතික COVID-19 සම්බන්ධීකරණ කොමිසමේ සාමාජික Jane Halton හට බාරදී ඇත.
මේ අතර වික්ටෝරියානු ප්‍රාන්තයේ හෝටල් නිරෝධායනය පිළිබඳ සිදු කෙරෙන විමර්ශනය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.
එහි අවසන් වාර්තාව එළඹෙන සැප්තැම්බර් මාසයේදී නිකුත් කෙරේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ අලුතින් කොරෝනා ආසාදිතයින් 288 ක්
ගතවූ පැය 24 ඇතුළත වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 288 ක් වාර්තා වී ඇති බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews අද (10/07) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.
කොරෝනා වසංගතය ආරම්භයේ පටන් වික්ටෝරියානු ප්‍රාන්තයෙන් දිනකදී වාර්තා වූ ඉහළම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලෙසද මෙය වාර්තා වේ.
මේ හේතුවෙන් මෙල්බර්න් නුවර ප්‍රමුඛ වික්ටෝරියානු ප්‍රාන්තයේ වැසියන් තම නිවසින් බැහැරව යන විට මුව ආවරණ පළඳින ලෙසට ද ප්‍රාන්ත අගමැතිවරයා ප්‍රාන්ත වැසියන්ට දැනුම් දෙයි.
එමෙන්ම දැනට පවතින කොරෝනා නීති කඩ නොකර කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීමට දායකත්වය ලබා දෙන ලෙස වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Brett Sutton ද ප්‍රාන්ත වැසියන් ගෙන් ඉල්ලා සිටියි.
මේ අතර ක්‍රියාත්මක කොරෝනා නීති උල්ලංඝනය කිරීම නිසා ගතවූ පැය 24 තුළ infringement දැන්වීම් 60 කට වඩා නිකුත් කළ බව වික්ටෝරියානු පොලිස් කොමසාරිස් Shane Patton පැවසුවේය.
ඒ අතරේ Dandenong KFC අවන්හල ආශ්‍රිතව සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් දඩ නිකුත් කිරීම් 16 ක්ද ඇති බව ඔහු සඳහන් කළේය.
"අද අලුයම 1.30 ට පමණ අපගේ ගිලන් රථ නිලධාරීන් කිහිප දෙනෙකු Dandenong KFC අවන්හලේ කෑමට යමක් ලබා ගනිමින් සිටියදී ආහාර වේල් 20 ක් ඇණවුම් කරන පුද්ගලයින් දෙදෙනෙකු දැක තිබෙනවා. එය වාර්තා වීමත් සමග අප ඔවුන්ගේ වාහනයේ ලියා පදිංචි අංකය හරහා ඔවුන්ගේ Dandenong ලිපිනයට ගියා. අපි ඇතුළට යන විට දෙදෙනෙක් නිදාගෙන සිටියත් තවත් 16 දෙනෙක් නිවාස පිටුපස සැඟවී සිටියා. ඔවුන්ට උපන්දිනයක් වෙනුවෙන් KFC ආහාර වේල් ලබා දී තිබුණා." යනුවෙන් වික්ටෝරියානු පොලිස් කොමසාරිස් Shane Patton පැවසුවේය.


