BREAKING NEWS: කොරෝනා ආසාදිතයින් ශීග්‍රව ඉහළ යාම නිසා මෙල්බර්න් Metropolitan කලාපයට අයත් ප්‍රදේශ සති හයකට lockdown කරයි (SBS සිංහල/ වාර්තා)

Metropolitan Melbourne put into six-week lockdown

Metropolitan Melbourne put into six-week lockdown Source: Pixabay

Metropolitan Melbourne හෙවත් මෙල්බර්න් නුවර තදාසන්න නගර හෙට (08/07) මධ්‍යම රාත්‍රියේ සිට නැවත lockdown කිරීමට තීරණය කර තිබේ.


SBS සිංහල සේවය

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


මෙල්බර්න් නුවර කොරෝනා ආසාදිතයින් ශීග්‍රයෙන් ඉහළ යාම පාලනය කිරීම ඊට හේතුව වේ.

People exercise at Albert Park Lake in Melbourne.
Melbourne Source: AAP Image/Michael Dodge

මෙල්බර්න් නුවර තදාසන්න නගර නැවතත් lockdown

Metropolitan Melbourne හෙවත් මෙල්බර්න් නුවර තදාසන්න නගර මෙන්ම උතුරු Mitchell Shire කලාපයද හෙට (08/07) මධ්‍යම රාත්‍රියේ සිට නැවත lockdown කරන බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews මීට සුළු වේලාවකට පෙර නිල වශයෙන් නිවේදනය කළේය.

ඒ අනුව මෙම lockdown කිරීම හෙට සිට සති 6 ක් දක්වා ක්‍රියාත්මක වේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)


ගතවු පැය 24 තුළ මෙල්බර්න් නුවරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 191 ක් වාර්තා වීමත් සමග මෙම තීරණය ගත් බව ඔහු පැහැදිලි කළේය.

ආසාදිතයින් හා ඔවුන්ට සම්බන්ධ අය ලුහුබැඳීමේ ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් සිටීම, ඔවුන් කොහේ සිට පැමිණියත්, ඔවුන් කුමන නිල ඇඳුමක් ඇඳගෙන සිටියත්, ප්‍රමාණවත් තරම් භෞතික සම්පත් තිබුණත් මේ ආකාරයෙන් දැඩි පියවරක් නොගෙන මෙම මට්ටමේ ආසාදිතයින් දෛනිකව වැඩිවීම පාලනය කිරීමට නොහැකි බවද ප්‍රාන්ත අගමැතිවරයා පෙන්වා දුන්නේය.

Victorian Premier Daniel Andrews
Victorian Premier Daniel Andrews speaks to the media during a press conference in Melbourne, Source: AAP

මෙල්බර්න් lockdown නීති

මෙම lockdown කිරීම යටතේ Metropolitan Melbourne ප්‍රදේශ සියල්ලක්ම නැවතත් තුන්වන මට්ටමේ කොරෝනා නීති වලට යටත් වේ.

ඒ අනුව එම ප්‍රදේශ වල ජනයාට තම නිවසින් පිටතට යාමට අවසර ඇත්තේ හේතු 4 ක් මත වුවද හෙට සිට පැනවෙන අගුලු දැමීමේදී එය හේතු 3ක් ලෙසට ප්‍රාන්ත රජය සඳහන් කළේය.

01. රැකියා හෝ අධ්‍යාපන කටයුතු සඳහා පිටත්ව යාම.

02. ආහාර පාන සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලට ගැනීම සඳහා පිටත්ව යාම.

03. වෛද්‍ය පහසුකම් හෝ යමෙකු රැකබලා ගැනීම සඳහා පිටත්ව යාම.

සාමාන්‍යයෙන් පසුගිය මැයි මාසයේ පළමු වරට පැනවුණු තුන්වන මට්ටමේ කොරෝනා නීති යටතේ සිව්වන හේතුව ලෙස ව්‍යායාම් සඳහා පිටතට යාමට අවසර දී තිබුණද මෙවර ඒ සඳහා අවසර නොලැබේ.

එමෙන්ම lockdown කළ ප්‍රදේශයක වෙසෙන පුද්ගලයෙකු හට metropolitan Melbourne කලාපයෙන් පිටත පිහිටි නිවසකට යාමටද අවසර නොමැත.

සිල්ලර භාන්ඩ වෙළෙඳ සැල් සහ කොණ්ඩා සකසන ස්ථාන, බාබර් සාප්පු විවෘතව තැබිය හැකි නමුත් lockdown කළ ප්‍රදේශ වල අවන්හල්, ආපනශාලා සහ pubs වල takeaway සේවාවන් පමණක් ක්‍රියාත්මක කළ යුතුය.

lockdown
Source: AAP

Metropolitan Melbourne ප්‍රදේශ

Metropolitan Melbourne හෙවත් මෙල්බර්න් නගරය හා තදාසන්න ප්‍රදේශ පිහිටි මුළු කලාපය වර්ග කිලෝ මීටර් 9990 කි.

රටවල් 200 කින් පමණ පැමිණි විවිධ සංස්කෘතික පසුබිම් වලින් යුක්ත වැසියන් මිලියන 4.9 කට පමණ Metropolitan Melbourne ප්‍රදේශ නිවහන සපයයි.

වික්ටෝරියානු ප්‍රාන්තය නගර සභා 79 කට බෙදා වෙන් කර ඇත.

ඉන් 31 ක්ම පිහිටා ඇත්තේ Metropolitan Melbourne කලාපයේය.

Metropolitan Melbourne කලාපයේ පිහිටි එම නගර සභා 31 පිළිබඳ විස්තර මෙතනින් ලබාගන්න.

Spanning over 9990 km2 metropolitan Melbourne is home to 4.9 million people.
Spanning over 9990 km2 metropolitan Melbourne is home to 4.9 million people. Source: Wikipedia

lockdown ප්‍රදේශ වල පාසල් ආරම්භ කිරීම

වික්ටෝරියානු ප්‍රාන්තයේ ශීත සෘතු පාසල් නිවාඩුව මේ වන විට ආරම්භ වී ඇත.

නමුත් lockdown ප්‍රදේශ වල විශේෂ පාසල් මෙන්ම 11 සහ 12 වසර වල පාසල් සිසුන්ට හැර සෙසු පන්ති සඳහා යළි පාසල් වල කටයුතු පන්ති කාමර වල සිට ආරම්භ කිරීම කල් දමා තිබේ.

ඒ අනුව විශේෂ පාසල් මෙන්ම 11 සහ 12 වසර වල පාසල් සිසුන්ට ශීත සෘතු පාසල් නිවාඩුවෙන් අනතුරුව ලබන සතියේ පාසල් යළි ඇරඹේ.

සෙසු පන්ති වල සිසුන්ට ශීත සෘතු පාසල් නිවාඩුව තවත් සතියකින් දීර්ග කර ඇත.

එම පන්ති වල සිසුන්ගේ තුන්වන වාරයේ අධ්‍යන කටයුතු සිදුකරන අයුරු පිළිබඳ ඉතා ඉක්මණින් නිවේදනයක් නිකුත් කරන බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසුවේය.

Sinhalese
Source: SBS Sinhala

3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now