ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා - නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අතර ඇති ප්‍රාන්ත සීමාව අද (07/07) රාත්‍රී 11:59 සිට වසා දැමීමට ඊයේ තීරණය කළේය.
SBS සිංහල සේවය
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
වික්ටෝරියා - නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සීමාව මෙලෙස වසා දැමෙන්නේ වසර 100 කට පසුව බව වාර්තා වේ.

විවෘත කරන දිනයක් තවමත් නැහැ
අද (07/07) රාත්‍රී 11:59 සිට වසා දැමෙන වික්ටෝරියා - නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සීමාව යළි විවෘත කරන දිනයක් තවම නිල වශයෙන් දැනුම් දී නොමැත.
මෙල්බර්න් නුවර කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ශීග්‍ර ලෙස දෛනිකව ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බව ප්‍රාන්ත ද්විත්වයේ අගමැතිවරු ඊයේ ප්‍රකාශ කළහ.
මෙම ප්‍රාන්ත සීමාව වසා දැමීමේ පළමු පැය 72 අදාළ ප්‍රදේශවාසීන්ට බාධාවක් වනු ඇතැයි නිලධාරීන් අනතුරු අඟවා තිබේ.
ඒ අනුව යළි දැනුම් දෙන තෙක් ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා - නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අතර නිදහසේ ගමන් කළ හැකි අවසන් දිනය අද ලෙසට හැඳින්වීමට හැකිය.

විශේෂ අවසර සඳහා හේතු අද හෙළි කෙරේ
අද මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව වික්ටෝරියා - නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සීමාව තරණය කිරීමට විශේෂ අවසර අවශ්‍ය වේ.
එම අවසර පත්‍ර ලබා ගැනීමට අවශ්‍ය විශේෂ හේතු මොනවාද යන්න තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත.
කෙසේවෙතත්, අද දිනය ඇතුළත එම විශේෂ හේතු මොනවාද යන්න නිල වශයෙන් අනාවරණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
වික්ටෝරියා - නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සීමාව ආසන්නයේ සිටින පිරිස් සාමාන්‍යයෙන් ප්‍රාන්ත සීමාව හරහා ඔවුන්ගේ දෛනික ජීවිතය ලෙස ගමන් කරන අය බවත් එම ගමන් විශේෂ බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක වන තුරු වැළක්වීමට සිදුවන බවත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.
Albury-Wodonga වැනි වික්ටෝරියා - නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සීමාව මායිමේ පිහිටි ප්‍රදේශ වෙත විශේෂ අවධානයක් යොමුවී තිබේ.
එම කලාපයේ පුද්ගලයින් දෙදනෙකු හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වීමත් සමග ඒ සම්බන්ධ වැඩිදුර පරීක්ෂාවන් මේ වන විට ආරම්භ කර ඇති බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.
මේ අනුව ප්‍රාන්ත සීමාව තරණය කිරීමට අපේක්ෂා කරන පුද්ගලයින් සඳහා පහත අයුරින් බලපත්‍ර වර්ග දෙකක් හඳුන්වාදීමට සූදානම් වන බව ඊයේ වාර්තා විය.
01. Albury-Wodonga වැනි ප්‍රාන්ත සීමාවලම වාසය කරන පුද්ගලයින්ට නිකුත් කරන බලපත්‍රය.
02. විශේෂ හේතු මත ප්‍රාන්ත සීමාව හරහා යාමට අවශ්‍ය පුද්ගලයින්ට නිකුත් කරන බලපත්‍රය.

අනෙක් ප්‍රාන්ත වල පියවර කුමක්ද?
ක්වීන්ස්ලන්තය, බටහිර ඕස්ට්‍රේලියාව සහ දකුණු ඕස්ට්‍රේලියාව යන ප්‍රාන්ත පුරා ප්‍රාන්ත සීමා පැනවීම නිසා අත්‍යවශ්‍ය ගමන් සඳහා පමණක් මේ වන විට අවසර ලැබේ.
ප්‍රාන්ත සීමා ආසන්නයේ වෙසෙන පදිංචිකරුවන්ට බලපත්‍ර ලබා දී ඇති අතර එමඟින් ඔවුන්ට රැකියාව හෝ අධ්‍යාපනය සඳහා දිගටම ගමන් කිරීමට හෝ සේවා හෝ සැපයුම් සඳහා ප්‍රාන්ත අතර සංචාරය කළ හැකිය.
හදිසි සේවා හා සෞඛ්‍ය සේවකයින්, රජයේ නිලධාරීන්, හමුදා නිලධාරීන් සහ විශේෂ කුසලතා ඇති පුද්ගලයින් වැනි ප්‍රධාන සේවකයින්ට ද ප්‍රාන්ත සීමා අතර සංචාරය කිරීමට බලපත්‍ර ලබා දී ඇත.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
ප්‍රවාහන, භාණ්ඩ ප්‍රවාහන හා සැපයුම් කාර්ය මණ්ඩලය සහ පියාසර කරන සේවකයින්ට ද කොන්දේසි සහිතව විශේෂ අවසර ලබා දී ඇත.
ඥාතියෙකුගේ අවමංගල්‍යයකට සහභාගී වීම හෝ රැකබලා ගන්නන් හෝ ළමා භාරකාරත්වය වැනි සානුකම්පිත හේතු මතද එම ප්‍රාන්ත සීමා හරහා ගමන් කිරීමට අවසර ලැබේ.
ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයට ඇතුළු වීමට අවශ්‍ය පුද්ගලයින් සඳහා කලින් අවසර ලබා ගැනීමට ජූලි 01 වන දින සිට අන්තර්ජාලය ඔස්සේ පිරවිය යුතු පෝරමයක් හඳුන්වා දී තිබේ.
එහිදී අත්‍යවශ්‍ය සංචාරකයින්ද නැතහොත් සාමාන්‍ය සංචාරකයින් නම් දින 14 ක් නිරෝධායනය වීමකට යටත් වීම වැනි දේ මත අවසර ලැබේ.
කෙසේනමුත්, වික්ටෝරියානු ප්‍රාන්තයට දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත සීමාවන් තවමත් වසා දමා තිබේ.
වික්ටෝරියානු ප්‍රාන්තයට හැර සෙසු සියලුම ප්‍රාන්ත සඳහා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වසා දමා ඇති ප්‍රාන්ත සීමාවන් ජූලි 10 වන දින යළි විවෘත කරනු ලැබේ.
බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ප්‍රාන්ත සීමාවන් යළි විවෘත කරන දිනයක් තවමත් දක්වා නොමැති අතර ප්‍රාන්ත සීමාවන් තවමත් වසා ඇත.
මේ අතර පර්ත් නුවරට පැමිණෙන ජාත්‍යන්තර ගුවන් ගමන් වාර ගණන සීමා කිරීම සඳහා බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැති Mark McGowan, ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඉල්ලා තිබේ.
දින 3කට එක් ජාත්‍යන්තර ගුවන් ගමනක් පමණක් පර්ත් නුවරට පැමිණෙන ලෙසින් ජාත්‍යන්තර ගුවන් ගමන් වාර ගණන සීමා කිරීමට ඔහු යෝජනා කර ඇත.


