මෙල්බර්න් නුවර ඇතුළත පිහිටි මහජන නිවාස සංකීර්ණ (public housing towers) නවයක් lockdown කිරීමට හෙවත් අගුලු දැමීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.
SBS සිංහල සේවය
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මෙල්බර්න් නුවර යළි හිස එසවූ කොරෝනා වසංගතය පාලනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත.

මෙල්බර්න් නුවර මහජන නිවාස සංකීර්ණ නවයක් lockdown
පසුගිය සෙනසුරාදා (04/07) සිට මෙල්බර්න් නුවර ඇතුළත පිහිටි මහජන නිවාස සංකීර්ණ නවයක් අගුලු දැමීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය පියවර ගත්තේය.
North Melbourne සහ Kensington යන ප්‍රදේශ වල පිහිටි මෙම මහජන නිවාස සංකීර්ණ නවය අගුලු දැමීම පුරා දින 5 ක් ක්‍රියාත්මක වන බව සඳහන්.
අදාළ නිවාස සංකීර්ණ වල 3,000 ක් පමණ පිරිසක් මෙම අගුලු දැමීමට මුහුණ පා සිටින අතර ඔවුන් විවිධ සංස්කෘතික පසුබිම් වලින් යුක්ත ජනයා බවට වාර්තා වේ.
මෙම අගුලු දැමීම හේතුවෙන් කුමන හේතුවක් නිසා හෝ අදාළ නිවැසියන්ට තම නිවසින් පිටතට යාමට අවසර නොලැබේ.
පොලිස් නිලධාරීන් 500 ක් මෙම නිවාස සංකීර්ණ මුර කිරීමට යොදවා ඇති බවද සඳහන්.

lockdown කිරීමට හේතුව
North Melbourne සහ Flemington නිවාස සංකීර්ණ වල කොරෝනා ආසාදිතයින් 27 දෙනෙකු වික්ටෝරියානු සෞඛ්‍ය අංශ විසින් සොයාගැනීමත් සමග මෙම අගුලු දැමීමේ තීරණය වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් ගනු ලැබිණි.
මෙම නිවාස සංකීර්ණ ජනාකීර්ණ බැවින් අධික නිසාත් ඒවායේ විශාල අවකාශයක් ඇති නිසාත් කොරෝනා වයිරසය ඉතා පහසුවෙන් සම්ප්‍රේෂණය වීමට විශාල ඉඩක් ඇති බැවින් මෙම තීරණය ගත් බව වික්ටෝරියානු ප්‍රාන්ත සෞඛ්‍ය අංශ පවසයි.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
මෙය හුදෙක් දඬුවමක් නොව ආරක්‍ෂිත ක්‍රියාමාර්ගයක් බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.
ඊයේ (05/07) දිනයේදී පමණක් වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 74 ක් වාර්තා විය.
එමෙන්ම පසුගිය සෙනසුරාදා (04/07) වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 108 ක් වාර්තා විය.

අගුලු දැමීමේ දින පිළිබඳ ගැටළුවක්
කෙසේනමුත් මෙම අගුලු දැමීම බලපැවැත්වෙන කාලය සම්බන්ධව මේ වන විට එම නිවාස සංකීර්ණ වල වෙසෙන නිවැසියන් මහත් ගැටළුවකට මුහුණ පා සිටියි.
මෙම අගුලු දැමීම දින 5 ක් ක්‍රියාත්මක වන බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පසුගිය සෙනසුරාදා (04/07) ප්‍රකාශ කළ නමුදු ඊයේ දිනයේදී (05/07) නියෝජ්‍ය සෞඛ්‍ය නිලධාරීනී Annaliese van Diemen අදාළ නිවෙසියන්ට එවන ලද පිටු 4 කින් සමන්විත ලිපියේ සටහන් වුයේ අගුලු දැමීම දින 14 ක් යනතුරු වලංගු බවය.

ප්‍රාන්ත රජයෙන් නිවැසියන්ට සහන
අගුලු දැමීමට මුහුණ පා සිටින නිවැසියන්ට අවශ්‍ය මුල්‍ය, සෞඛ්‍ය හා මානසික සහය ලබා දීමට වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පොරොන්දු වී තිබේ.
ගෘහස්ත හිංසනයට අදාළ උපකාරක සේවාවන්ද කුඩා දරුවන්ට සෙල්ලම් බඩු ද ලබා දීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය මේ වන විට පියවර ගෙන ඇත.
මේ අතර අගුලු දැමීමට ලක්ව සිටින නිවැසියන් ඉදිරි සති දෙක සඳහා තම නිවාස කුලිය ගෙවිය යුතු නැති බවත් ඔවුන් සඳහා එම සති දෙකට නිවාස කුලී සහනයක් ලබාදෙන බවත් වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.
කෙසේනමුත් තමන්ට තවමත් ආහාර පාන සහ අනෙකුත් සහයන් නොලැබුණු බවට ඇතැම් නිවැසියන් පැමිණිලි කර තිබේ.
මෙල්බර්න් නුවර යළි හිස ඔසවා ඇති කොරෝනා වසංගතය පාලනය නොවුණහොත් වික්ටෝරියානු ප්‍රාන්තයේ ඇතැම් උප නගර වලට පනවා ඇති lockdown නීති තවත් දිගු කරන බවද වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සහය
මෙල්බර්න් නුවර යළි හිස ඔසවා ඇති කොරෝනා වසංගතය පාලනය කිරීමේ අරමුණින් වික්ටෝරියානු ප්‍රාන්ත රජය පනවා ඇති අගුළු දැමීමේ නීති වලට සහය සපයන බව ඔස්ට්‍රේලියාවේ වැඩ බලන ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී මහාචාර්ය Paul Kelly පැවසුවේය.
ඊයේ දිනයේදී වික්ටෝරියානු ප්‍රාන්තයෙන් තවත් කොරෝනා ආසාදිතයින් 67 ක් වාර්තා විය.
වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා වයිරසය යළි ශීග්‍රයෙන් පැතිරීම පිළිබඳ පසුගිය සති අන්තයේදී ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය නිලධාරීන් දුරකතන මාර්ගයෙන් සංවාදයක නිරත වූ බවද මහාචාර්ය Paul Kelly පැවසුවේය.
වයිරසය සම්බන්ධව පවත්වන විද්‍යාගාර පරීක්ෂණ, ආසාදිතයින් සොයා යාම, විෂබීජ පැතිරීම පාලනය කෙරෙන උපදෙස් හා ප්‍රජාවන් තුළ සම්ප්‍රේෂණය වීම වැළක්වීම යන කරුණු එහිදී සාකච්ඡා වූ බව ඔහු සඳහන් කළේය.


