ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා, දකුණු ඔස්ට්‍රේලියා සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වල නිපුණතා සංක්‍රමණික වැඩසටහන් තාවකාලිකව නවත්වා තිබේ.
SBS සිංහල සේවය
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඒ එක් එක් නිපුණතා සංක්‍රමණික වැඩසටහන් පිළිබඳව මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කෙරේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන
2019/20 මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් වික්ටෝරියානු ප්‍රාන්තයට ලබා දුන් කෝටාව අවසන් හෙයින් වික්ටෝරියා ප්‍රාන්තයේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන මේ වන විට නවත්වා ඇති බව වික්ටෝරියා ප්‍රාන්ත රජයේ ආගමන කටයුතු පිළිබඳ නිල වෙබ් අඩවිය වාර්තා කරයි.
ඒ අනුව Skilled Nominated (Permanent) වීසා (subclass 190) සහ Skilled Work Regional (Provisional) වීසා (subclass 491) යන වීසා ඛාණ්ඩ දෙක සඳහා අයදුම්පත් බාරගැනීම අවසන් කර ඇත.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
2020 මැයි 28 ට පෙර ලැබුණු අයදුම්පත් මේ වන විට සලකා බලමින් පවතින අතර ඒවායේ ප්‍රතිඵල නුදුරේදීම දැනුම් දෙන බව සඳහන්.
නව අයදුම්පත් 2020/21 මුල්‍ය වර්ෂයේදී බාර ගැනීමට තීරණය කර ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන යළි විවෘත කරන දිනයක් තවමත් දැනුම් දී නොමැත.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන
2019/20 මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට ලබා දුන් කෝටාව අවසන් හෙයින් දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන මේ වන විට නවත්වා ඇති බව දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජයේ ආගමන කටයුතු පිළිබඳ නිල වෙබ් අඩවිය වාර්තා කරයි.
ඒ අනුව දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ 190 සහ 491 වීසා සඳහා නැවත දැනුම් දෙන තුරු අයදුම් කළ නොහැකිය.
2020 ජූලි 01 වන දිනට පෙර ලැබුණු අයදුම්පත් මේ වන විට සලකා බලමින් පසුවන අතර ඒවායේ අවසන් තීරණ අදාළ අයදුම්කරුවන්ට නුදුරේදීම දැනුම් දෙනු ඇත.
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන, 2020/21 නව මුල්‍ය වර්ෂය සඳහා අගෝස්තු මුල බාගයේදී යළි විවෘත කරන බවද එම වෙබ් අඩවිය වැඩි දුරටත් පවසයි.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන
2019/20 මුල්‍ය වර්ෂය සඳහා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන ද මේ වන විට වසා දමා තිබේ.
එමෙන්ම 2020/21 වසර සඳහා එය යළි විවෘත කිරීමට මේ වන විට පවතින වාතාවරණය නුසුදුසු බවද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජයට පවසා ඇත.
ඒ අනුව 2020 ජූලි 01 වන දින සිට නැවත දැනුම් දෙන තුරු ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන වසා දමා තිබේ.
2020 ජුනි 30 වන තෙක් ලද අයදුම්පත් සලකා බැලෙන අතර ජූලි 01 වන දින සිට අයදුම්පත් බාර නොගන්නා බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය පවසයි.
වික්ටෝරියා, දකුණු ඔස්ට්‍රේලියා සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වල නිපුණතා සංක්‍රමණික වැඩසටහන් යළි විවෘත කළ සැණින් ඒ පිළිබඳ තොරතුරු ගෙන ඒමට SBS සිංහල ගුවන් විදුලිය සූදානමින් සිටියි.


