කොරෝනා වසංගතයෙන් පසුව යළි ඔස්ට්‍රේලියාව නගා සිටුවීමේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් JobSeeker දීමනාව ස්ථිර ලෙස ඉහළ නැංවිය යුතු බව Grattan ආයතනය තර්ක කරයි.
SBS සිංහල සේවය
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
එමෙන්ම JobKeeper වැටුප් සහන දීමනාව ද දීර්ග කළ යුතු බව එම ආයතනය යෝජනා කරයි.

ආර්ථික සහන ඉක්මණින් ඉවත් කිරීම පිළිබඳ අනතුරු ඇඟවීම්
කොරෝනා වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ලබා දී ඇති ආර්ථික සහන ඉක්මණින් ඉවත් කිරීම පිළිබඳ Grattan ආයතනය අනතුරු අඟවා තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පූර්ව අනතුරු ඇඟවීමක් කරමින් Grattan ආයතනය මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත.
එම තත්ත්වය වළක්වා ගැනීමට ඔවුන් විසින් අතිරේක ආර්ථික උත්තේජක පියවරක් ලෙස ඩොලර් බිලියන 70 ත් 90 ත් අතර මුදලක් වැය කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට නිර්දේශ කර ඇත.
ඒ සඳහා ඔවුන් නව සැලසුමක් මධ්‍යම රජයට යෝජනා කර තිබේ.

JobSeeker දීමනාව
ඉහත නිර්දේශ වලට අනුව JobSeeker දීමනාව සතියකට අවම වශයෙන් ඩොලර් 100 කින් ඉහළ දැමිය යුතු අතර නිවැසියන්ට සෘජු මුදල් චෙක්පත් ලැබෙනු ඇත.
Grattan ආයතනය යනු මෙල්බර්න් නුවර පදනම් කරගත් බුද්ධි මණ්ඩලයකි.
කොරෝනා වසංගතය ආරම්භ වීමට පෙර කාලයේදී පැවති JobSeeker දීමනාව වූ දිනකට ඩොලර් 40 ක් දක්වා වූ දීමනාවට නැවත නොයන ලෙස Grattan ආයතනය නිර්දේශ කර තිබේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
නමුත් JobSeeker දීමනාව ස්ථිරවම ඉහළ දැමීමේ මෙම යෝජනාව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ප්‍රතික්ෂේප කර තිබේ.
එළඹෙන සැප්තැම්බර් මස අවසානයෙන් පසුව JobSeeker දීමනාව වූ දිනකට ඩොලර් 40 දිනකට ඩොලර් 75 දක්වා ස්ථිරවම ඉහළ දමන බවට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු හරහා තොරතුරු ලැබුණු බවට පවසමින් News Corp ආයතනයේ පුවත් පත් තොරතුරු වාර්තා කරන්නට විය.
නමුත් ඒ සියලු වාර්තා අසත්‍ය තොරතුරු මත පදනම් වූ ඒවා බවට පත් කරමින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සමාජ සේවා ඇමතිනී Anne Ruston එම පුවත් ප්‍රතික්ෂේප කළාය.

JobKeeper දීමනාව
JobKeeper වැටුප් සහන දීමනාව ද ලබන වසර දක්වා දීර්ග කිරීමට Grattan ආයතනය ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට නිර්දේශ කර තිබේ.
එමෙන්ම දැනට JobKeeper වැටුප් සහන දීමනාවට හිමිකම් නොකියන කලා, විශ්ව විද්‍යාල, සංචාරක ක්ෂේත්‍ර වල සේවකයින්ද තාවකාලික වීසා ලාභීන්ද JobKeeper වැටුප් සහන පැකේජයට ඇතුළු කරන ලෙසට ඔවුහු යෝජනා කර ඇත.
එමෙන්ම JobKeeper වැටුප් සහන දීමනාව අදාළ සේවකයින්ගේ වැටුපට සමාන වන ලෙස ලබා දීමටද ඔවුන් යෝජනා කර තිබේ.
මේ වන විට JobKeeper වැටුප් සහන දීමනාව යටතේ සුදුසුකම් ලැබූ ඔස්ට්‍රේලියානුවන්ට දෙසතියකට වරක් ඩොලර් 1500 ක දීමනාවක් හිමිවේ.

JobSeeker සහ JobKeeper දීමනා පිළිබඳ සමාලෝචනය
JobSeeker සහ JobKeeper දීමනා පිළිබඳ ඔස්ට්‍රේලියානු භාණ්ඩාගාරය විසින් මේ වන විටත් සමාලෝචනයක් සිදු කර ඇති නමුත් එහි තොරතුරු ජූලි 23 වන තෙක් හෙළි නොකිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.
එළඹෙන ජූලි 04 වන දින පැවැත්වෙන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Eden-Monaro අතුරු මැතිවරණය අවසන් වන තෙක් එම සමාලෝචන වාර්තාව නිකුත් නොකිරීම පිළිබඳව භාණ්ඩාගාරික කටයුතු පිළිබඳ කම්කරු පක්ෂයේ නියෝජිත Jim Chalmers මධ්‍යම රජය චෝදනා කරයි.
සැප්තැම්බර් මස අගදී දැනට ලබාදෙන ආර්ථික සහන දීමනා ඉවත් කර ගැනීමේ මධ්‍යම රජයේ වර්තමාන සැලැස්මට මෙම වාර්තාව බලාපනු ඇති බව ද ඔහු පෙන්වා දෙයි.


