කොරෝනා වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ලබා දී ඇති ආර්ථික සහන ඉක්මණින් ඉවත් කිරීම පිළිබඳ මධ්‍යම රජයට අනතුරු ඇඟවීමක් (SBS සිංහල/ වාර්තා)

A new study revealed Aussie workers pay levels peak after the age of 45.

Source: AAP Image/Dan Peled

කොරෝනා වසංගතයෙන් පසුව යළි ඔස්ට්‍රේලියාව නගා සිටුවීමේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් JobSeeker දීමනාව ස්ථිර ලෙස ඉහළ නැංවිය යුතු බව Grattan ආයතනය තර්ක කරයි.


SBS සිංහල සේවය

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


එමෙන්ම JobKeeper වැටුප් සහන දීමනාව ද දීර්ග කළ යුතු බව එම ආයතනය යෝජනා කරයි.
Coronavirus
Victoria State Government Health and Human Services people knock on doors in Broadmeadows, Melbourne, to check if people have any symptoms of COVID19. Source: AAP

ආර්ථික සහන ඉක්මණින් ඉවත් කිරීම පිළිබඳ අනතුරු ඇඟවීම්

කොරෝනා වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ලබා දී ඇති ආර්ථික සහන ඉක්මණින් ඉවත් කිරීම පිළිබඳ Grattan ආයතනය අනතුරු අඟවා තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පූර්ව අනතුරු ඇඟවීමක් කරමින් Grattan ආයතනය මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත.
එම තත්ත්වය වළක්වා ගැනීමට ඔවුන් විසින් අතිරේක ආර්ථික උත්තේජක පියවරක් ලෙස ඩොලර් බිලියන 70 ත් 90 ත් අතර මුදලක් වැය කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට නිර්දේශ කර ඇත.

ඒ සඳහා ඔවුන් නව සැලසුමක් මධ්‍යම රජයට යෝජනා කර තිබේ.
The Grattan Institute has warned against withdrawing coronavirus fiscal support too soon
Australian Prime Minister Scott Morrison Source: AAP

JobSeeker දීමනාව

ඉහත නිර්දේශ වලට අනුව JobSeeker දීමනාව සතියකට අවම වශයෙන් ඩොලර් 100 කින් ඉහළ දැමිය යුතු අතර නිවැසියන්ට සෘජු මුදල් චෙක්පත් ලැබෙනු ඇත.

Grattan ආයතනය යනු මෙල්බර්න් නුවර පදනම් කරගත් බුද්ධි මණ්ඩලයකි.

කොරෝනා වසංගතය ආරම්භ වීමට පෙර කාලයේදී පැවති JobSeeker දීමනාව වූ දිනකට ඩොලර් 40 ක් දක්වා වූ දීමනාවට නැවත නොයන ලෙස Grattan ආයතනය නිර්දේශ කර තිබේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)


නමුත් JobSeeker දීමනාව ස්ථිරවම ඉහළ දැමීමේ මෙම යෝජනාව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ප්‍රතික්ෂේප කර තිබේ.

එළඹෙන සැප්තැම්බර් මස අවසානයෙන් පසුව JobSeeker දීමනාව වූ දිනකට ඩොලර් 40 දිනකට ඩොලර් 75 දක්වා ස්ථිරවම ඉහළ දමන බවට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු හරහා තොරතුරු ලැබුණු බවට පවසමින් News Corp ආයතනයේ පුවත් පත් තොරතුරු වාර්තා කරන්නට විය.

නමුත් ඒ සියලු වාර්තා අසත්‍ය තොරතුරු මත පදනම් වූ ඒවා බවට පත් කරමින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සමාජ සේවා ඇමතිනී Anne Ruston එම පුවත් ප්‍රතික්ෂේප කළාය.
JobSeeker
People are seen in a long queue outside a Centrelink office in Brisbane, Tuesday, March 24, 2020. Source: AAP

JobKeeper දීමනාව

JobKeeper වැටුප් සහන දීමනාව ද ලබන වසර දක්වා දීර්ග කිරීමට Grattan ආයතනය ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට නිර්දේශ කර තිබේ.

එමෙන්ම දැනට JobKeeper වැටුප් සහන දීමනාවට හිමිකම් නොකියන කලා, විශ්ව විද්‍යාල, සංචාරක ක්ෂේත්‍ර වල සේවකයින්ද තාවකාලික වීසා ලාභීන්ද JobKeeper වැටුප් සහන පැකේජයට ඇතුළු කරන ලෙසට ඔවුහු යෝජනා කර ඇත.
එමෙන්ම JobKeeper වැටුප් සහන දීමනාව අදාළ සේවකයින්ගේ වැටුපට සමාන වන ලෙස ලබා දීමටද ඔවුන් යෝජනා කර තිබේ.

මේ වන විට JobKeeper වැටුප් සහන දීමනාව යටතේ සුදුසුකම් ලැබූ ඔස්ට්‍රේලියානුවන්ට දෙසතියකට වරක් ඩොලර් 1500 ක දීමනාවක් හිමිවේ.
JobKeeper
JobKepper finaliza el 31 de marzo Source: AAP

JobSeeker සහ JobKeeper දීමනා පිළිබඳ සමාලෝචනය

JobSeeker සහ JobKeeper දීමනා පිළිබඳ ඔස්ට්‍රේලියානු භාණ්ඩාගාරය විසින් මේ වන විටත් සමාලෝචනයක් සිදු කර ඇති නමුත් එහි තොරතුරු ජූලි 23 වන තෙක් හෙළි නොකිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

එළඹෙන ජූලි 04 වන දින පැවැත්වෙන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Eden-Monaro අතුරු මැතිවරණය අවසන් වන තෙක් එම සමාලෝචන වාර්තාව නිකුත් නොකිරීම පිළිබඳව භාණ්ඩාගාරික කටයුතු පිළිබඳ කම්කරු පක්ෂයේ නියෝජිත Jim Chalmers මධ්‍යම රජය චෝදනා කරයි.

සැප්තැම්බර් මස අගදී දැනට ලබාදෙන ආර්ථික සහන දීමනා ඉවත් කර ගැනීමේ මධ්‍යම රජයේ වර්තමාන සැලැස්මට මෙම වාර්තාව බලාපනු ඇති බව ද ඔහු පෙන්වා දෙයි.
Sinhalese
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service