SKIP TO MAIN CONTENT

වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා පරීක්ෂාවක් සිදු කරගැනීමට යා යුත්තේ කොතැනටද? (SBS සිංහල/ වීඩියෝ)

Where to get tested for coronavirus in Victoria
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ජුනි මස මැද බාගයේ පටන් වික්ටෝරියානු ප්‍රාන්තයේ පසුබැස තිබූ කොරෝනා වයිරසය යළි හිස එසවීමට පටන් ගෙන තිබේ.

පසුගිය සතියේදී පමණක් වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 141 දෙනෙකු වාර්තා විය.

එමෙන්ම මේ වන විට මෙල්බර්න් කලාපයේ Darebin, Moreland, Brimbank, Hume, Cardinia සහ Casey යන නගර සභා හය කොරෝනා මර්මස්ථාන ලෙස නම් කර තිබේ.

මේ තත්ත්වය හමුවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ සිදුකරනු ලබන කොරෝනා පරීක්ෂාවන් තවත් වැඩි කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර ඇත.

ඒ අනුව ජුනි 25 සිට දින 10 ක් තුළ කොරෝනා වයිරසය බහුලව පැතිරී ඇති මෙල්බර්න් උප නගර 10 ක කොරෝනා පරීක්ෂණ ලක්ෂයක් සිදූ කිරීමට ප්‍රාන්ත අගමැති Daniel Andrews පියවර ගෙන තිබේ.

ඔබටත් කොරෝනා පරීක්ෂාවක් සිදු කරගැනීමට අවශ්‍ය නම් යා යුත්තේ කොතැනටද? සහ කළ යුත්තේ කුමක්ද? යන ගැටළු වලට පහත වීඩියෝවෙන් පිළිතුරු ලබාගත හැකිය.

Sinhalese
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now