වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා වයිරසය යළි හිස එසවීම නොතකා අනෙක් ප්‍රාන්ත හා ටෙරිටරි වල කොරෝනා නීති හා සීමාවන් ලිහිල් කිරීමේ කටයුතු ක්‍රියාත්මක කරන ලෙස අගමැති Scott Morrison ප්‍රාන්ත බලධාරීන්ට දන්වා සිටියි.
SBS සිංහල සේවය
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඊයේ දිනයේදී (25/06) සමස්ත ඔස්ට්‍රේලියාවෙන්ම කොරෝනා ආසාදිතයින් 37 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 33 දෙනෙකුම වාර්තා වුයේ වික්ටෝරියානු ප්‍රාන්තයෙනි.

ඔස්ට්‍රේලියාව යළි විවෘත කිරීම නවත්වන්නට එපා
මේ වන විට ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්ත හා ටෙරිටරි පනවා ඇති කොරෝනා නීති හා සීමාවන් ලිහිල් කිරීම අරඹා තිබේ.
වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා වයිරසය යළි හිස එසවීම නිසා ලිහිල් කළ ඇතැම් කොරෝනා නීති හා සීමාවන් යළි පැනවීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ.
ඔස්ට්‍රේලියාව තුළ කොරෝනා වයිරසය යළි හිස එසවුවහොත් ඒ සඳහා සාර්ථකව මුහුණ දීමට ඔස්ට්‍රේලියාව සූදානම් බව අගමැති Scott Morrison ඊයේ පැවසීය.
ඒ තත්ත්වය මත සෞඛ්‍ය උපදෙස් අනුව යළි ආර්ථිකය පනගැන්වීම නතර නොකළ යුතු බවද අගමැති මොරිසන් පැවසීය.
එන්නතක් සොයාගන්නා තුරු කොරෝනා වයිරසය තිබියදීම ජීවත් වීමට හුරුවීම වැදගත් බවද අගමැති මොරිසන් එහිදී පැහැදිලි කළේය.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් ඉහළ නගියි
පසුගිය සතියේ සිට මේ දක්වා වික්ටෝරියානු ප්‍රාන්තයෙන් දිනකදී වාර්තා වූ ඉහළම ආසාදිතයින් ප්‍රමාණය ඊයේ වාර්තා විය.
ඊයේ දිනයේදී වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 33 කි.
පසුගිය සතියේදී පමණක් වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 141 දෙනෙකු වාර්තා විය.
ඔස්ට්‍රේලියාවේ සෙසු ප්‍රාන්ත හා ටෙරිටරි වල ආසාදිතයින්ගේ ප්‍රමාණය සැලකිය යුතු ලෙස පහත මට්ටමක පැවතියදී වික්ටෝරියානු ප්‍රාන්තයේ පමණක් මෙලෙස ආසාදිතයින් ගණන ක්‍රමිකව ඉහළ යාම බරපතල අවදානයට යොමු විය යුතු කරුණක් බව සෞඛ්‍ය අංශ පවසයි.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
මේ හේතුවෙන්ම වික්ටෝරියානු ප්‍රාන්ත වාසීන්ට තම ප්‍රාන්ත හා ටෙරිටරි වලට පිවිසීමෙන් වළකින ලෙස ඒ ඒ ප්‍රාන්ත හා ටෙරිටරි බලධාරීහු දන්වා සිටිති.
මේ අතර වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා තත්ත්වය මැඩපැවැත්වීම සඳහා ජාතික වශයෙන් එකමුතු වන ලෙස අගමැති මොරිසන් අනෙකුත් ප්‍රාන්ත හා ටෙරිටරි වලට පවසා ඇත.
එමෙන්ම බොහෝ ප්‍රාන්ත හා ටෙරිටරි වලින් වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා මැඩලීමේ මෙහෙයුමට සහය වීම සඳහා අවශ්‍ය ශ්‍රමය මේ වන විට ලබා දීමට කටයුතු යොදා තිබේ.


