මෙල්බර්න් වල කොරෝනා ආසාදිතයින් යළි ඉහළ යාම නිසා ඔස්ට්‍රේලියාව තුළ දෙවැනි කොරෝනා රැල්ලක් ඇතිවීමේ අවදානමක් (SBS සිංහල/ වාර්තා)

coronavirus

Source: AAP

මෙල්බර්න් වල කොරෝනා ආසාදිතයින් යළි වැඩිවීම ඔස්ට්‍රේලියාව තුළ දෙවැනි කොරෝනා රැල්ලක් ඇතිවීමට වැඩි ඉඩක් සැපයිය හැකි බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt  අනතුරු අඟවයි.


 

SBS සිංහල සේවය

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

අඛණ්ඩව හත්වන දිනයටත් වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 10 ට වඩා වැඩියෙන් සෑම දිනකම වාර්තා විය.
Minister for Health Greg Hunt
Minister for Health Greg Hunt Source: AAP

ඔස්ට්‍රේලියාවට දෙවැනි කොරෝනා රැල්ලක්?

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් යළි ඉහළ නැගීම පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් වඩා සැලකිලිමත් බව සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.

"එය පාලනය කරන අතරේ එය ආකාර දෙකකින් එක් ආකාරයකට ඉදිරියට යා හැකිය. වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් යළි වර්ධනය වීම සාර්ථකව පාලනය කිරීමට හැකිවීම එක් ප්‍රතිඵලයකි. නැතිනම් ආසාදිතයින් ක්‍රමිකව තව තවත් දෛනිකව වැඩිවීම තවත් ප්‍රතිඵලයකි." යනුවෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා SBS පුවත් සේවයට පැවසීය.

ඊයේ (23/06)  වාර්තා වූ නව ආසාදිතයින් 17 ත් සමග වික්ටෝරියානු ප්‍රාන්තයේ වයිරසය ක්‍රියාකාරී ආසාදිතයින් සතියකට දෙගුණයකට වඩා වැඩි වී ඇති අතර මේ වන විට මුළු සංඛ්‍යාව 130 කට වඩා අධික වී තිබේ.

මෙම සංඛ්‍යා දෙවන රැල්ලක් නොවන නමුත් එයට එම හැකියාව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt අවධාරණය කළේය.
A drive-through COVID-19 testing facility in Melbourne.
A drive-through COVID-19 testing facility in Melbourne. Source: Getty

මහජන සෞඛ්‍ය පණිවිඩ සෑම පුද්ගලයෙකු වෙතම යා යුතුයි

විශේෂයෙන් මෙල්බර්න් හි කොරෝනා ආසාදිතයින් යළි ඉහළ යාම මධ්‍යයේ මහජන සෞඛ්‍ය පණිවිඩ හැකි තරම් බහු සංස්කෘතික ඔස්ට්‍රේලියානුවන් වෙත ළඟා වීමට තමාට අවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.

මේ වන විට මෙල්බර්න් කලාපයේ සංචාරය කිරීමට අනතුරු ඇඟවීම් සිදුකළ කොරෝනා මර්මස්ථාන 6 ක් නම් කර තිබේ.

Darebin, Moreland, Brimbank, Hume, Cardinia සහ Casey යන නගර සභා සීමා හය එම කොරෝනා මර්මස්ථාන 6 වේ.

ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවක් කථා කරන සැලකිය යුතු ජනගහනයක් එම නගර සභා සීමා හයේම වාසය කරන බව වාර්තා වේ.

සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ වූ ප්‍රජාවන් සඳහා කොරෝනා වයිරසය පිළිබඳ දැනුවත් වීමට භාවිත කළ හැකි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සම්පත් ගණනාවක් ඇති බව ද සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt, SBS පුවත් සේවයට පැවසීය.
The six hotspots in Melbourne.
The six hotspots in Melbourne. Source: SBS News

කොරෝනා වයිරසයෙන් තවත් වික්ටෝරියානු ප්‍රාන්ත වැසියෙකු මියයයි

වික්ටෝරියානු ප්‍රාන්තයේ 80 වන වියෙහි පසුවූ පුද්ගලයෙකු කොරෝනා වයිරසය හේතුවෙන් මිය ගොස් තිබේ.

ඒ අනුව මෙතෙක් කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා ඔස්ට්‍රේලියාවේ මිය ගිය මුළු ගණන 103 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර වික්ටෝරියානු ප්‍රාන්තයෙන් තවත් අලුතින් ආසාදිතයින් 20 දෙනෙකු හමුවී තිබේ.

ඉන් නව දෙනෙකු හඳුනාගෙන ඇත්තේ සාමාන්‍ය පරීක්ෂණ මගින් වන අතර, මේ වන විට හඳුනාගත් කොරෝනා පොකුරු ආශ්‍රිතව තවත් හත් දෙනෙකුත් ඉතිරි පුද්ගලයා  විදෙස් රටක සිට පැමිණ හෝටල් නිරෝධායනයේ සිටි අයෙකි.
Sinhalese
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service