වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා මර්මස්ථාන කලාප වල නිවැසියන් නිවැරැදිව කොරෝනා නීති හා සීමාවන් අනුගමනය කරනවාද යන්න සොයාබැලීම සඳහා විශේෂ පොලිස් පරීක්ෂණ කණ්ඩායමක් ප්‍රාන්ත රජය විසින් යොදවා තිබේ.
SBS සිංහල සේවය
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
පසුගිය සතියේ පටන් වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් නොසිතූ ලෙස ඉහළ යාමට පටන් ගැනීම මෙම පියවරට මූලිකම හේතුව වී ඇත.

ගෙයි දොරකඩටම පැමිණෙන විශේෂ පොලිස් පරීක්ෂණ කණ්ඩායමක්
අද (23/06) දිනයේදී වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු තහවුරුවූ බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසුවේය.
ඒ අනුව මෙතෙක් වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,864 කි.
මේ වන විට තවමත් ක්‍රියාකාරී ලෙස වයිරසය ආසාදනය වී ඇති පිරිස 100 කට අධික බවද සඳහන්.
මේ තත්ත්වය හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ ලිහිල් කළ ඇතැම් කොරෝනා නීති හා සීමාවන් පසුගිය ඉරිදා (21/06) මධ්‍යම රාත්‍රියේ පටන් යළි පැනවීමට ප්‍රාන්ත රජය පියවර ගත්තේය.
ඒ සමග කොරෝනා නීති හා සීමාවන් කඩ කරන පුද්ගලයින්ට එකවරම දඩ නිකුත් කිරීමට වික්ටෝරියානු පොලිසියට අවසර ලබා දී තිබේ.
මෙම විශේෂ පොලිස් පරීක්ෂණ කණ්ඩායම හෙට (24/06) සිට නිවෙස් වලට පැමිණ නිවැසියන් නිවැරැදිව කොරෝනා නීති හා සීමාවන් අනුගමනය කරනවාද යන්න පරීක්ෂා කරනු ඇත.
ඔවුන් විශේෂයෙන් පැමිණෙනුයේ මේ වන විට මෙල්බර්න් කලාපයේ කොරෝනා මර්මස්ථාන ලෙස නම් කර ඇති Brimbank, Cardinia, Casey, Darebin, Hume සහ Moreland යන නගර සභා සීමා වලටය.
එහිදී එම කණ්ඩායම විසින් නිවැසියන්ට කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය පිළිවෙත් නැවතත් පහදා දෙන අතරම යම් නිවැසියෙකු අසනීප තත්ත්වයකින් පෙළෙයි නම් අදාළ පුද්ගලයාව කොරෝනා පරීක්ෂාවට යොමු කිරීමට අදාළ මාර්ගෝපදේශ ද සපයනු ඇත.

සෞඛ්‍ය පණිවිඩ සන්නිවේදනය අපැහැදිලියි
මෙල්බර්න් හි කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය ක්‍රමිකව ඉහළ යාම පාලනය කිරීමට විවිධ භාෂා වලින් කොරෝනා වයිරසය හා සම්බන්ධ සහය සේවා සැපයීමට වික්ටෝරියා ප්‍රාන්තය පියවර ගෙන තිබේ.
විශාල වශයෙන් පවුල් වල එක්රැස්වීම මත මෑතදී සිදුවූ ආසාදිතයින් ඉහළ යාම සිදුවූ බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.
මේ නිසා, රජය විසින් හඳුනාගත් කොරෝනා මර්මස්ථාන වල පුද්ගලයින් පරීක්ෂා කිරීමට ප්‍රමුඛතාවය ලබා දෙන අතර විවිධ සංස්කෘතික හා භාෂාමය පසුබිම් සහිත වික්ටෝරියානුවන්ට ඒ සම්බන්ධ පණිවිඩ යැවීම වැඩි කරනු ඇත.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
මහජන සෞඛ්‍ය පණිවිඩ ප්‍රාන්තයේ වෙසෙන සෑම අයෙකුම අවබෝධ කරගත යුතු අයුරින් වැඩ කළ යුතු බව වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය ඇමතිනී Jenny Mikakos පැවසුවාය.
සෞඛ්‍ය පණිවිඩ පරිවර්තනය කිරීම සඳහා ප්‍රාන්ත රජය දරන උත්සාහය තමන් අගය කරන නමුත් ඒ සම්බන්ධව තවත් බොහෝ දේ කළ යුතු බව FECCA සංවිධානය SBS පුවත් වෙත පැවසූවේය.
"ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය COVID-19 සෞඛ්‍ය උපදෙස්, භාෂා 60 කට පමණ පරිවර්තනය කර ඇති බව අපි දනිමු. එය වැදගත් වන අතර එය දිගටම කරගෙන යා යුතුයි" FECCA සංවිධානයේ සභාපතිනී Mary Patetsos පැවසුවාය.
"ගැටළුව වන්නේ මෙම ලේඛන දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ පමණක් අඩංගු වී ඇති අතර ඒවා ට ප්‍රවේශ විය හැක්කේ යමෙකු ඒවා සොයන්නේ නම් පමණි." යනුවෙන් ද ඇය පැහැදිලි කළාය.

එවෙලෙහිම දඩ නිකුත් කිරීමට පොලීසියට යළිත් අවස්ථාව
කොරෝනා නීති හා සීමාවන් කඩ කරන පුද්ගලයින්ට එම ස්ථානයේදීම දඩ මුදල් නිකුත් කිරීමට වික්ටෝරියානු පොලීසියට යළිත් බලතල ලබාදී ඇත.
මේ බලතල පසුගිය මැයි මාසයේ මැද පටන් අත්හිටවනු ලැබිණි.
පුද්ගලයින් 10 ට වඩා විශාල කණ්ඩායම් වශයෙන් එක්රැස් වන්නේ නම් සහ නිවසකට අමුත්තන් පස් දෙනෙකුට වඩා සිටී නම් දඩ මුදල් නිකුත් කරන ලෙස පොලීසියට දන්වා ඇති බව වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිස් කටයුතු පිළිබඳ ඇමතිනී Lisa Neville පැවසුවාය.


