ජාත්‍යන්තර සිසුන්ව නැවත ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම ජූලි මාසයේ සිට ඇරඹෙයි (SBS සිංහල/ වාර්තා)

ACT Uni

Chinese international students disappointed that Australian border likely won't open until late next year. Source: AAP

ඔස්ට්‍රේලියාව තුළ කොරෝනා වයිරසය පැතිරීම සාර්ථකව පාලනය කිරීමත් සමග ජාත්‍යන්තර සිසුන්ව නැවත ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමිය තුළට ගෙන්වා ගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අවධානය යොමුව තිබේ.


 

SBS සිංහල සේවය

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

මේ සම්බන්ධයෙන් වන නියමු වැඩසටහනක් (pilot program) ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් සකස් කර ඇත.
International students
Source: Getty/FatCamera

ජාත්‍යන්තර සිසුන්ව නැවත ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට නියමු වැඩසටහනක්

ජාත්‍යන්තර සිසුන්ව නැවත ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ ACT රජයේ සහය ඇතිව සකස් වූ

නියමු වැඩසටහනට පළමුව දායක වීමට ඔස්ට්‍රේලියාවේ අගනුවර වන කැන්බරා නුවර තීරණය කර තිබේ.

කැන්බරා විශ්ව විද්‍යාලය සහ ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය යන විශ්ව විද්‍යාල ද්විත්වයට ජූලි මාසයේදී ජාත්‍යන්තර සිසුන් 350 ක් මේ අනුව පැමිණීමට නියමිතය.
ඒ අනුව කොරෝනා වසංගතය නිසා වසා දැමුණු ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල ජාත්‍යන්තර සිසුන් වෙත විවෘත වන පළමු අවස්ථාව ලෙස ද මෙය හැඳින්වේ.

මෙම නියමු වැඩසටහන ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට මෙවේලෙහි ඉතා වැදගත් බව කැන්බරා විශ්ව විද්‍යාලයේ උප කුලපති Paddy Nixon පැවසුවේය.

මෙම නියමු වැඩසටහන මගින් ජාත්‍යන්තර සිසුන්ව විශ්ව විද්‍යාල වලට ගෙන්වා ගැනීමේදී යන වියදම, අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් සහ ඒවා කෙතරම් යෝග්‍ය ද යන්න පිළිබඳ මනා අවබෝධයක් ගත හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
The Australian National University in Canberra
Australian National University in Canberra Source: AAP

ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන්ව නිරෝධායනයට

ජාත්‍යන්තර සිසුන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමේ ක්‍රම වේදයේ අවසන් තීරණ මේ දිනවල ගනිමින් පවතින බව කැන්බරා විශ්ව විද්‍යාලයේ උප කුලපති Paddy Nixon පැවසුවේය.

කෙසේනමුත්, ආසියා - ශාන්තිකර කලාපයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන්ට ACT හෝටලයක දින 14 ක කාලයක් නිරෝධායනය විය යුතු බව ඔහු අවධාරණය කළේය.

ඉන් අනතුරුව අගෝස්තු මාසයේ සිට දෙවැනි සෙමෙස්ටරය සඳහා වූ අධ්‍යාපන කටයුතු ඔවුන්ට විශ්ව විද්‍යාල තුළ සිට සුපුරුදු ලෙස ආරම්භ කළ හැකිය.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)


 

නිරෝධායන කටයුතු සඳහා යන වියදම් ACT රජය සහ අදාළ විශ්ව විද්‍යාල විසින් දරනු ඇතැයි වාර්තා වේ.

ජාත්‍යන්තර සිසුන්ව ඔස්ට්‍රේලියාවට නැවත ගෙන්වා ගැනීමේදී ACT රජය ඉදිරිපත් කළ මෙම යෝජනාව ඉතා හොඳින් කල්පනා කරගත් යෝජනාවක් බවත් එය ඉතා වැදගත් එකක් බවත් ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පැවසීය.

කොරෝනා වසංගතය නිසා ඔස්ට්‍රේලියානු දේශ සීමා වසා දැමීමට පෙර ඔස්ට්‍රේලියාවට පැමිණ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට අපේක්ෂාවෙන් සිටි ජාත්‍යන්තර සිසුන්ව මෙම යෝජනාව හරහා ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බව ද අගමැතිවරයා අවධාරණය කළේය.
International students to return to Australia next month under the pilot scheme
Source: AAP

මීළඟට වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත?

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්ගෙන් විශාලතම ප්‍රමාණයක් අධ්‍යාපනය ලබන්නේ වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත දෙකෙහිය.

Australian Capital Territory වල ක්‍රියාත්මක මෙම නියමු වැඩසහනනෙන් අනතුරුව බොහෝ දුරට මෙම ප්‍රාන්ත දෙකද තම ජාත්‍යන්තර සිසුන්ව ගෙන්වා ගැනීමට පියවර ගනු ඇතැයි බොහෝ අධ්‍යාපන ඒජන්තවරු සහ විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩල විශ්වාස කරයි.

මේ අතරේ මේ වන විට කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා ඇති වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වල විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන වල අධ්‍යාපන කටයුතු සුපුරුදු පරිදි විශ්ව විද්‍යාල භූමීන් තුළම බොහෝ දුරට අගෝස්තු මාසයේ සිට ආරම්භ කිරීමේ වැඩි ඉඩක් ඇති බව වාර්තා වේ.
දැනට ඔස්ට්‍රේලියාවේ සිටින ජාත්‍යන්තර සිසුන් ඇතුළු විශ්ව විද්‍යාල සිසුන් අන්තර්ජාලය ඔස්සේ තම අධ්‍යාපන කටයුතු සිදු කරනු ලබයි.

ඒ අනුව අගෝස්තු මාසයේ සිට ඔවුන්ට බොහෝ විට සුපුරුදු පරිදි විශ්ව විද්‍යාල භූමීන් තුළම ඉගෙනුම ලැබීමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.

කොරෝනා වසංගතය හේතුවෙන් ජාත්‍යන්තර සිසුන් අහිමිවීම මත ඉදිරි වසර තුන ඇතුළත ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වලට ඩොලර් බිලියන 16 ක පාඩුවක් සිදුවනු ඇතැයි ගණන් බලා තිබේ.
Sinhalese
Source: SBS Sinhala

Share

Published

Updated

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service