සේවක වැටුප් හා හිමිකම් වංචා කරන වික්ටෝරියා ප්‍රාන්තයේ හාම්පුතුන්ට ඔස්ට්‍රේලියාවේ ප්‍රථම වරට වසර 10 ක් දක්වා සිර දඬුවම් (SBS සිංහල/ වාර්තා)

Salary of same occupation varies in different states and territories.

كيف تساعد "التضحية بالراتب" على تخفيض فاتورتك الضريبية في أستراليا؟ Source: AAP

වික්ටෝරියා ප්‍රාන්තයේ සේවක වැටුප් වංචා කරන හාම්පුතුන්ට දැඩි දඬුවම් පැමිණවීමට අදාළ නීති අද (17/06) වික්ටෝරියානු පාර්ලිමේන්තුවේදී සම්මත කෙරිණි.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)


 

ඒ අනුව වික්ටෝරියා හි යම් සේවකයෙකුගේ වැටුප් හෝ හිමිකම් වංචා කරන සේවා යෝජකයන්ට දැඩි මුදල් දඩ හෝ වසර 10 ක් දක්වා වූ සිර දඬුවම් නියම කළ හැකිය.

Wage Theft Cleaning
Wage theft is now a crime in Victoria Source: AAP Image/David Crosling

වැටුප් හෝ හිමිකම් වංචා කරන සේවා යෝජකයන්ට බරපතල දඬුවම්

වැටුප් හෝ හිමිකම් වංචා කිරීම වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධයක් ලෙස සලකනු ලබන බව වික්ටෝරියානු පාර්ලිමේන්තුව අද පැවසීය.

ඒ අනුව අද වික්ටෝරියානු පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් නීතිය අපරාධයක් ලෙස සලකා වැටුප් හෝ හිමිකම් වංචා කිරීමට දඬුවම් දෙන ඔස්ට්‍රේලියාවේ ප්‍රථම නීතිය ලෙසද හැඳින්වේ.

සේවකයින්ගේ වැටුප්, superannuation හෝ අනෙකුත් සේවක හිමිකම් වංචාසහගත ලෙස නොගෙවන ඒකපුද්ගල සේවායෝජකයෙකුට නම් $198,264 දක්වා දඩයකුත් සමාගමක් නම් $991,320 දක්වා දඩයකුත් සහ වසර 10 ක් දක්වා සිර දඬුවම් නියම කෙරේ.


 

SBS සිංහල සේවය

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

එමෙන්ම වැටුප් වංචා සැඟවීමට තම ගිණුම් කටයුතු වංචා සහගත ලෙස සිදුකරන සේවායෝජකයින්ට ඒ හා සම්බන්ධ වැරදි වලටද දඬුවම් ලබාදීමට වික්ටෝරියානු ප්‍රාන්තය තුළදී සිදුවනු ඇත.

මෙම පනත මගින් වික්ටෝරියා හි වැටුප් පරීක්ෂාව පිළිබඳ ව්‍යවස්ථාපිත අධිකාරිය වැටුප් සොරකම් විමර්ශනය කිරීම හා නඩු පැවරීම සඳහා ස්ථාපිත කරනු ලැබීය.

මෙම නීතිය යටතේ යම් සේවායෝජකයෙකු වැටුප් ගෙවීමේදී හෝ හිමිකම් ගෙවීමේදී  අවංකව අත්වැරැද්දක් සිදු වී ඇත්නම් ඒ සඳහා ඔවුන් වැරදිකරුවන් නොවන බවද වාර්තා වේ.

A protest staged by Hospo Voice in Degraves Street, Melbourne in October, 2018.
Source: AAP

තීරණයට විවිධ පාර්ශව වලින් පැසසුම්

මෙම ප්‍රතිසංස්කරණය හාම්පුතුන්ට විසින් බරපතල ලෙස සැලකිල්ලට ගත යුතු බව වික්ටෝරියානු ප්‍රාන්තයේ නීතිපති Jill Hennessy පැවසුවාය.

සේවකයින්ගේ වැටුප් හා හිමිකම් වංචා කරන හාම්පුතුන්ට දැන් නීතියේ පූර්ණ බලයට මුහුණ දීමට සිදුවන බව වික්ටෝරියානු වෙළඳ ශාලා සභාවේ ලේකම් Luke Hilakari පැවසුවේය.

මෙම නීති ඕස්ට්‍රේලියාවේ වැටුප් සොරකම් කිරීම පිළිබඳ තිබෙන බරපතලම නීති වන බව එක්සත් කම්කරු සංගමය පැවසීය.

බොහෝ විට වැටුප් හා හිමිකම් වංචාව සම්බන්ධව යුක්තිය උදෙසා අරගල කළ සංක්‍රමණිකයින්ට මෙම නීති විශාල ජයග්‍රහණයක් බව සංක්‍රමණික කම්කරු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ Matt Kunkel පැවසීය.

Sinhalese
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now