ඔස්ට්‍රේලියාවේ 2019-20 මුල්‍ය වර්ෂය එළඹෙන ජුනි 30 වන දිනෙන් අවසන් වේ.
ඒ අනුව එම මුල්‍ය වසරට අදාළ Tax Claim එක හෙවත් බදු ප්‍රතිලාභය යොමු කිරීම ජූලි මාසයේ සිට සිදු කිරීමට නියමිතය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
නමුත් තම බදු ප්‍රතිලාභය පෙරාතුව යොමු නොකරන ලෙසට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය අනතුරු අඟවයි.

බදු ප්‍රතිලාභය පෙරාතුව යොමු නොකරන්න
2019 - 20 මුල්‍ය වර්ෂය සඳහා වූ තම බදු ප්‍රතිලාභය යොමු කිරීමට 2020 ජූලි මස අග වන තෙක් සිටින ලෙස ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය ඔස්ට්‍රේලියානුවාසීන්ට දන්වයි.
බදු ප්‍රතිලාභය යොමු කිරීමේදී සිදු කෙරෙන අත්වැරදි ප්‍රමාණය අවම කරගැනීම ඊට හේතුව බව ඔවුන් පවසයි.
මෙවර බදු ප්‍රතිලාභ යොමු කිරීමේදී ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය අංශ කිහිපයක් පිළිබඳ පෙරටත් වඩා අවධානයෙන් සිටින බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
රාජකාරී හා සම්බන්ධ වියදම් සහ නිවාස හා ව්‍යාපාරික ස්ථාන වලට සම්බන්ධ වියදම් ඒ අතරින් ප්‍රධාන බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Karen Foat, ABC පුවත් සේවයට පැවසුවාය.
2017-18 මුල්‍ය වසර වෙනුවෙන් මිලියන 9 ක් පමණ වූ බදු ගෙවන්නන් ඩොලර් බිලියන 21.7 ක් පමණ මුදලක් රාජකාරී හා සම්බන්ධ වියදම් ලෙස නැවත ලබාගෙන තිබේ.
එම රාජකාරී හා සම්බන්ධ වියදම් වලට මෝටර් රථ වියදම්, ප්‍රවාහන, ඇඳුම්, ජංගම දුරකතන, අන්තර්ජාල පහසුකම් සහ ස්වයං අධ්‍යාපනය යන වියදම් දක්වා තිබේ.

මේ වසරේ රාජකාරී හා සම්බන්ධ වියදම් ඉහළ යන ලකුණු
මේ වසරේ රාජකාරී හා සම්බන්ධ වියදම් ඉහළ යනු ඇතැයි ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය අපේක්ෂා කරයි.
කොරෝනා වසංගතය හේතුවෙන් බොහෝ පිරිස් නිවසේ සිට රාජකාරී කිරීම ඊට හේතුව බව පැවසේ.
මේ අතර අදාළ සුදුසුකම් නොසපුරා තම superannuation ගිණුම් වලින් මුදල් නැවත ලබාගත් පුද්ගලයින්ට දඩ ගැසීමටත් චෝදනා ගොනු කිරීමටත් සිදුවනු ඇතැයි ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය අනතුරු අඟවයි.
කොරෝනා වසංගතය හේතුවෙන් ආර්ථික පීඩාවට පත් පුද්ගලයින්ට ආර්ථික සහනයක් ලෙස තම superannuation ගිණුම් වලින් මුදල් නැවත ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අවසර ලබා දුන්නේය.
SBS සිංහල සේවය
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඒ අනුව 2019-20 මුල්‍ය වර්ෂය සඳහා උපරිම ඩොලර් 10,000 ක් දක්වාත් 2020-21 මුල්‍ය වර්ෂය සඳහා තවත් උපරිම ඩොලර් 10,000 ක් දක්වාත් තම superannuation ගිණුම් වලින් මුදල් නැවත ලබාගත හැකිය.
මේ මුදල් සඳහා බදු අය නොකරන බවද ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පැවසීය.
ඒ අනුව මේ වන විට මිලියන 2 ක් පමණ ඔස්ට්‍රේලියානුවන් ඩොලර් බිලියන 15 ක් පමණ මුදලක් තම superannuation ගිණුම් වලින් නැවත ලබාගෙන තිබෙන බව සඳහන්.

බදු ප්‍රතිලාභය යොමු කිරීමේදී සිදු කරන වැරදි
ජූලි මස අග වන තෙක් මෙවර බදු ප්‍රතිලාභය යොමු නොකරන ලෙසට ඔස්ට්‍රේලියානු නඩු කාර්යාලය පැවසීමට ප්‍රධානතම හේතුව එහිදී බදු ගෙවන්නන් විසින් සිදුකරන වැරදි ප්‍රමාණය අවම කරගැනීම බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පවසයි.
මුල්‍ය වසරට අදාළ තමන්ගේ සියලුම ආදායම් තොරතුරු ලැබීමට පෙර ඔස්ට්‍රේලියාවේ සෑම 5 දෙනෙකුගෙන්ම එක් අයෙකු තම බදු ප්‍රතිලාභය යොමු කරන බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Karen Foat, ABC පුවත් සේවයට පැවසුවාය.
එනිසා ඒ සියලු ආදායම් තොරතුරුත් සමග ඔබේ බදු ප්‍රතිලාභය යොමු කිරීමට වග බලාගන්නා ලෙස ඇය ඔස්ට්‍රේලියානුවාසීන්ට දන්වා සිටියාය.


