කොරෝනා වසංගතය හේතුවෙන් ආර්ථික පීඩාවට පත්ව තම වාසස්ථාන වලින් නෙරපීමට හෝ නික්ම යාමට සිදුව ඇති ජාත්‍යන්තර සිසුන් හට සහය වීම සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය ඉදිරිපත් කළ සහන වැඩසටහන සඳහා අයදුම් කිරීමට අද සිට (15/06) අවස්ථාව ලැබේ.
කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන්ට සහය වීම සඳහා මුල්‍ය ප්‍රතිපාදන සැපයෙන පැකේජ 2කින් එක් පැකේජයක් මෙය වේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
අනුමත කළ ශිෂ්‍ය නවාතැන්පොළවල්/ නේවාසිකාගාර සහ homestay පහසුකම් සපයන්නන් හරහා මෙම සහන ලබාදේ.
ලැබෙන සියලුම අයදුම්පත් සළකා බලා අදාළ නවාතැන් ගත හැකි ස්ථාන තීරණය කරනු ලබන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් වන අතර අයදුම්කරුවන්ට තමන්ට කැමති පරිදි නවාතැනක් තෝරාගැනීමට හැකියාවක් නොමැත.

අයදුම් කිරීමට සැපිරිය යුතු සුදුසුකම්
මෙම සහනය ලබා ගැනීමට නම් පහත සඳහන් සුදුසුකම් සැපිරිය යුතු වේ.
- වලංගු ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා බලපත්‍රයක් සතු විය යුතුය.
- නවාතැනින් නෙරපා හෝ නෙරපීමේ ක්‍රියාවකට මුහුණ පාමින් සිටීම.
- තාවකාලිකව හෝ ස්ථිරවම රැකියාව අහිමිවීම.
- $1500 ට වඩා අඩු තැන්පතු මුදලක් තිබීම.
- වෙනත් කිසිදු අයුරකින් සහනයක් ලබා ගැනීමට නොහැකි වීම.
SBS සිංහල සේවය
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
අයදුම් කිරීමට අවශ්‍ය දේ
MyServiceNSW ගිණුමක් තිබීම.
ඔබේ පුද්ගලික හා ඔබව සම්බන්ධ කරගත හැකි විස්තර.
පහත සඳහන් ලියවිලි
වලංගු ජාත්‍යන්තර ශිෂ්‍යයෙකු බවට සනාථ කිරීමට:
- ඔබේ විදේශ ගමන් බලපත්‍රය
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉගෙනුම ලබන බවට තහවුරු කරන Confirmation of Enrolment හි පිටපතක්
- වලංගු වලංගු ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා බලපත්‍රයක් (visa subclass 500) හෝ උප ඛාණ්ඩ 408 වීසා බලපත්‍රයක්
නවාතැනින් නෙරපා හෝ නෙරපීමේ ක්‍රියාවකට මුහුණ පාමින් සිටීම සනාථ කිරීමට පහත සඳහන් සාක්ෂි වලින් එකක් අවශ්‍ය වේ.
- NCAT විසින් නිකුත් කළ notice of eviction
- ඔබගේ නිවාස කුලී ගිවිසුම හෝ බදු ගිවිසුම අහෝසි කළ බවට නිවෙස් හිමියා විසින් හෝ නිවාස ඒජන්තවරයා විසින් එවන ලද ලියුම හෝ ඊමේල් පණිවිඩය හෝ වෙනත් ලිඛිත සාක්ෂියක්
රැකියාව අහිමිවීම
- රැකියාවෙන් ඉවත් කළ බවට සේවායෝජකයා ගෙන් ලද ලිපියක්, ඊමේල් පණිවිඩයක්, කෙටි පණිවිඩයක් හෝ සමාජ මාධ්‍ය ජාල පණිවිඩයක්
ආර්ථික අපහසුතාව සනාථ කිරීමට
- ඔබට $1500 ට වඩා අඩු තැන්පතු මුදලක් ඇති බවට සනාථ කිරීම සඳහා බැංකු ගිණුම් ප්‍රකාශයක්.
සහය අවශ්‍ය බවට
ඔබේ නම, ශිෂ්‍ය අංකය සහ ලියාපදිංචියේ ස්වභාවය (enrolment status) ඇතුළත්ව ඔබගේ අධ්‍යාපන සැපයුම්කරුගෙන් ඔබට සහය අවශ්‍ය බවට තහවුරු කරමින් නිකුත් කළ ලිපියක් (letter of support)

අයදුම් කරන්නේ කෙලෙසද?
මේ සඳහා මෙම වෙබ් යොමුවේ ඇති 'Apply online' බොත්තම ක්ලික් කර අවශ්‍ය ලියවිලි අමුණා අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකිය.
වැඩි විස්තර
- International student COVID-19 crisis accommodation – Guidelines
- International student COVID-19 crisis accommodation – Terms and Conditions
- International student COVID-19 crisis accommodation – Privacy statement


