කොරෝනා වසංගතයෙන් යථා තත්ත්වයට පත්වෙමින් සිටින ඔස්ට්‍රේලියාවේ ඇතැම් රැකියා පුරප්පාඩු සඳහා ශ්‍රමිකයින් සොයාගැනීම අපහසුවී ඇති බව වාර්තා වේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සිල්ලර වෙළෙඳ ක්ෂේත්‍රයේ සේවකයින්, ට්‍රක් රථ රියදුරන් සහ ළමා සුරැකුම් මධ්‍යස්ථාන සේවකයින් ඒ අතර ප්‍රධාන බව සඳහන්.

පුරප්පාඩු පිරවීමට දුෂ්කරම වෘත්තීන්
පසුගිය මාසය තුළ ඔස්ට්‍රේලියාවේ ට්‍රක් රථ රියදුරන්, හා ළමා සුරැකුම් මධ්‍යස්ථාන සේවකයින් බඳවා ගැනීමට සේවායෝජකයින් මහත් පරිශ්‍රමයක් දරා ඇති බව වාර්තා වේ.
අදාළ ක්ෂේත්‍ර වලට සේවකයින් සොයා ගැනීමේ දුෂ්කරතාවට ප්‍රධාන හේතුව අයදුම්කරුවන්ගේ හිඟකම බව ඔවුහු පවසති.
මේ අතර ජාතික නිපුණතා කොමිෂන් සභාවේ නවතම රැකියා සමීක්ෂණයට අනුව ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට දුෂ්කරම රැකියා ලෙස ට්‍රක් රථ රියදුරන් සහ ළමා සුරැකුම් මධ්‍යස්ථාන සේවකයින් ලෙස ශ්‍රේණිගත කර ඇත.
ඊට අමතරව මෝටර් කාර්මිකයින්, කළමණාකරුවන් සහ සිල්ලර වෙළෙඳ ක්ෂේත්‍රයේ සේවකයින් එම ලැයිස්තුවේ පළමු වෘත්තීන් 5 ට එක්වෙයි.
මැයි 11 සිට ජුනි 05 අතර කාලයේදී මෙම සමීක්ෂණය සිදු කෙරුණි.
එහිදී තම ආයතන වල පුරප්පාඩු පුරවාගැනීමට 26% ක පමණ හාම්පුතුන් ප්‍රතිශතයක් අරගලයක නිරත වී සිටි බව අනාවරණය විය.
එම ප්‍රතිශතය පසුගිය අප්‍රේල් මාසයේදී 38% ක් විය.

ඉහළ ඉල්ලුමක් ඇති රැකියා ලැයිස්තුව
පසුගිය මාස ද්විත්වය තුළ පටන් ඔස්ට්‍රේලියාවේ ඉහළතම ඉල්ලුමක් පවතින රැකියාව ලෙස සිල්ලර වෙළෙඳ සහයකයින් පත්ව ඇති බව ජාතික නිපුණතා කොමිෂන් සභාවේ නවතම රැකියා සමීක්ෂණයේ දත්ත පෙන්වා දෙයි.
එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට ට්‍රක් රථ රියදුරන් පත්ව ඇති අතර ළමා සුරැකුම් මධ්‍යස්ථාන සේවකයින් තුන්වන ස්ථානයට පත්ව තිබේ.
සෞඛ්‍ය, සමාජ සේවා, ප්‍රවාහන, නිෂ්පාදන සහ සිල්ලර වෙළෙඳ යන ක්ෂේත්‍ර වල සේවායෝජකයින් 2,400 ක් අළලා මෙම සමීක්ෂණය සිදුකොට ඇත.
එහිදී ඔවුන් සතුව රැකියා පුරප්පාඩු 1,932 ක් ඇති බව අනාවරණය විය.
මෙම දත්ත වලින් පෙනී යන්නේ කොරෝනා වසංගතයෙන් අනතුරුව ඔස්ට්‍රේලියාව නිවැරදි මාවතේ ගමන් කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ රැකියා කටයුතු පිළිබඳ ඇමතිනී Michaelia Cash පවසයි.
SBS සිංහල සේවය
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
SEEK රැකියා වෙබ් අඩවියෙහි පළ කරන ලද නව රැකියා දැන්වීම් විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර එමගින් ව්‍යාපාර විශ්වාසය ඉහළ යන බව පෙන්නුම් කරයි.
මැයි 25 සිට ජුනි 07 දක්වා කාලයේ SEEK රැකියා වෙබ් අඩවියෙහි පළ කරන ලද නව රැකියා දැන්වීම් 60.6% කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.
නමුත් ඊට පෙර ගතවූ සති වල එම ප්‍රතිශතය වාර්තා වුයේ 26.8%ත්, 39.7%ත් සහ 49.2%ත් ලෙසය.









