SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනයට යන්නේ බලාගෙනයි, චීනය තම සිසුන්ට අනතුරු අඟවයි (SBS සිංහල/ වාර්තා)

AAP
Students enter the University of New South Wales (UNSW) in Sydney. Source: AAP

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

තම උසස් අධ්‍යාපන කටයුතු සඳහා ඔස්ට්‍රේලියාව තෝරාගැනීමට පෙර ප්‍රවේශමෙන් සිතා බලන ලෙස චීනය සිය සිසුන්ට දන්වා තිබේ.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)


 

කොරෝනා වසංගතයත් සමග ඔස්ට්‍රේලියාවේ සිටින චීන සම්භවයක් සහිත පුද්ගලයින්ට එරෙහිව සිදුවෙන වර්ගවාදී ක්‍රියා (racial incidents) හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම සිදු කර තිබේ.

Students attend a Japanese language class at the University of Melbourne (AAP)
Students attend class at the University of Melbourne (AAP) Source: AAP

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනයට යන්නේ බලාගෙනයි

අධ්‍යාපනය ලැබීමට චීනයේ සිට ඔස්ට්‍රේලියාවට යාමට අපේක්ෂා කරන සිසුන්ට මෙන්ම දැනට ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන නමුත් චීනයේ සිටින සිසුන්ට නැවත ඔස්ට්‍රේලියාවට යාම පිළිබඳ ප්‍රවේශමෙන් සිතන ලෙස චීන අධ්‍යාපන අමාත්‍යාංශය අනතුරු අඟවා ඇත.

කොරෝනා වයිරසය සාර්ථක ලෙස තවමත් පාලනය කර නොමැති බැවින් ජාත්‍යන්තර ගමන් සහ විශ්ව විද්‍යාල විවෘත කිරීමේ අවදානමක් ඇති බව එම අනතුරු ඇඟවීමේ වැඩි දුරටත් සඳහන්.

කොරෝනා වසංගතය පවතින සමයේදී ඔස්ට්‍රේලියාව තුළ චීන සම්භවයක් සහිත පුද්ගලයින්ට විවිධ ආකාරයේ වර්ගවාදී හිරිහැර වලට මුහුණ දීමට සිදුවී ඇති බව ද චීනය පවසයි.

එනිසා ඔස්ට්‍රේලියාව තම අධ්‍යාපන කටයුතු සඳහා තෝරාගන්නවා නම් හෝ දැනට අධ්‍යාපනය ලබන නමුත් නැවතත් ඔස්ට්‍රේලියාවට යාමට අපේක්ෂා කරනවානම් ඒ සියලු සිසුන් අවදානම් ඇගයීමක් සිදු කළ යුතු බව චීන අධ්‍යාපන අමාත්‍යාංශය  පවසයි.

ජාත්‍යන්තර සිසුන්ට ඔස්ට්‍රේලියාවට ඒමට සංචාරක තහනම් පැනවුවහොත් ඉදිරි වසර ඇතුළත ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වලට ඩොලර් බිලියන 16 ක පාඩුවක් විඳීමට සිදුවන බව ගණන් බලා තිබේ.

බොහෝ ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වල වාර්ෂික ආදායමෙන් 30% ක් පමණ ආවරණය වන්නේ ජාත්‍යන්තර සිසුන්ගෙනි.

මේ හේතුවෙන් ඔවුන්ගේ නොපැමිණීම මත බොහෝ ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වල පාඩුව පිරිමසා ගැනීමට රැකියා කප්පාදුවක් ද සිදු කළ හැකි බවට තොරතුරු ලැබී ඇත.

The University of Sydney says its research is dependent on the money international students bring in.
The University of Sydney says its research is dependent on the money international students bring in. Source: AAP

චීන වැසියන්ටත් ඔස්ට්‍රේලියාවේ සංචාරය පිළිබඳ අනතුරු ඇඟවීම්

චීන අධ්‍යාපන අමාත්‍යංශයේ මෙම අනතුරු ඇඟවීම ට දින කිහිපයකට පෙර චීනයේ සංස්කෘතික සහ සංචාරක අමාත්‍යංශය චීන වැසියන්ට තවත් අනතුරු ඇඟවීමක් සිදු කර ඇත.

ඔස්ට්‍රේලියාවේ සංචාරය කිරීම පිළිබඳ චීනය තම වැසියන්ට සංචාරක අනතුරු ඇඟවීමක් සිදු කර ඇති අතර ඊට ද හේතුව වී ඇත්තේ  චීන සම්භවයක් සහිත පුද්ගලයින්ට ඔස්ට්‍රේලියාව තුළ පෙර කී වර්ගවාදී හිංසන ක්‍රියා වලට මුහුණ දීමට සිදුවීමය.

කොරෝනා වයිරසය පැමිණියේ චීනයෙන් බවට පවසමින් මෙම වර්ගවාදී ක්‍රියාකාරකම් ක්‍රියාත්මක විය.

ඔස්ට්‍රේලියාවේ සංචාරය කිරීම පිළිබද චීනය තම වැසියන්ට සිදු කළ දෙවැනි අනතුරු ඇඟවීම මෙය බව සඳහන්.

Sinhalese
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now