කොරෝනා වසංගතය හේතුවෙන් විදෙස් සංචාරකයින්ට වසා දමන ලද ශ්‍රී ලංකා ගුවන්තො ටුපොළ යළි විවෘත කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.
ඒ අනුව 2020 අගෝස්තු 01 වන දින සිට ශ්‍රී ලංකාව නැවතත් විදෙස් සංචාරකයින්ට විවෘත කෙරේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
නමුත් කොරෝනා වයිරසය පැතිරීම වළක්වාලන සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව ඔවුන්ට ශ්‍රී ලංකාවට ඇතුළු වීමටත් සංචාරය කිරීමටත් හැකි වේ.

ශ්‍රී ලංකාවට පැමිණිය හැක්කේ කාටද?
ලොව සියලුම රටවල සංචාරකයින්ට 2020 අගෝස්තු 01 වන දින සිට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලැබේ.
එමෙන්ම තනි පුද්ගල, කණ්ඩායම් හෝ පවුල් වශයෙන් යනාදී ඕනෑම ඛාණ්ඩයක සංචාරකයින්ට අදාළ දිනයේ සිට ශ්‍රී ලංකාව විවෘත වේ.

විවෘත වන්නේ කුමන ගුවන් තොටුපොළද?
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, කොළඹ රත්මලාන ගුවන් තොටුපොළ සහ මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපොළ සංචාරකයින් සඳහා 2020 අගෝස්තු 01 සිට විවෘත කෙරේ.

වීසා ක්‍රියා පටිපාටිය
සියලු සංචාරකයින් වලංගු වීසා බලපත්‍රයක් ලබා ගත යුතුය.
මෙම සංචාරක වීසා දින 30 කට නිකුත් කරන අතර ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව එය මාස 6 ක් දක්වා දීර්ග කරගත හැකිවේ.
Online වීසා සඳහා මෙම වෙබ් යොමුව භාවිත කළ හැකිය. http://www.eta.gov.lk/slvisa/
දීර්ග කාලයක් ශ්‍රී ලංකාවේ රැදී සිටීමට අපේක්ෂා කරන අමුත්තන් සඳහා පනවා ඇති තහනම් ලිහිල් කිරීම පිළිබඳ අවධානය යොමු කරමින් පවතී.
එහිදී සංචාරකයින්ට වසර 5 කට වීසා ලබා දෙන අතරේ මාස 6 ක කාලයක් නොකඩවා උපරිම වශයෙන් ශ්‍රී ලංකාවේ රැදී සිටීමට අවසර ලැබේ.
එමෙන්ම එම වීසා බලපත්‍රය ලද සංචාරකයින්ට වලංගු කාලය තුළ ඕනෑම වාරයක් ශ්‍රී ලංකාවට යාම් ඒම් කළ හැකිය.
වීසා ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 100 කි.
අදාළ වීසා අයදුම්පත් සඳහා පහත විස්තර අවශ්‍ය වේ.
- ශ්‍රී ලංකාවේ සහතික කරන ලද නවාතැන්පොළක නැවතීමට කලින් වෙන්කරවාගත් විස්තර.
- නැවත පිටත් වීමේ ගුවන් ප්‍රවේශ පත්‍රය.
- සෞඛ්‍ය රක්ෂණය සනාථ කිරීමේ ලියවිලි.

නවාතැන් ගත හැක්කේ කොහේද සහ නැවතිය යුතු අවම කාලයක් තිබේද?
ශ්‍රී ලංකාව තුළ අවම වශයෙන් රාත්‍රී 5 ක් වත් නතර වීම අවශ්‍ය වේ.
ශ්‍රී ලංකා සංචාරක වෙබ් අඩවියේ ලැයිස්තුගත කරන නවාතැන් පහසුකම් සපයන ස්ථාන සහතික කරලීම පිණිස ස්වාධීන වෘත්තීමය විගණනයක් සිදු කෙරේ.
සංචාරක වීසා අයදුම්පතේ කොන්දේසි අනුව වීසා ලබා ගැනීමේදී ශ්‍රී ලංකාවේ සහතික කරන ලද නවාතැන්පොළක නැවතීමට කලින් වෙන්කරවාගත් විස්තර අවශ්‍ය වේ.
එමෙන්ම සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගුවන් යානයට ගොඩවීමට පෙර PCR පරීක්ෂාවට භාජනය විය යුතුය.
ගුවන් යානයට ගොඩවීමට පෙර සහ ශ්‍රී ලංකාවට ගොඩ බසින කළ ඍණාත්මක PCR පරීක්ෂණ ප්‍රතිඵල ඉදිරිපත් කළ යුතු වේ.
එම PCR පරීක්ෂාව ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගුවන් යානයට ගොඩවීමට පෙර පැය 72 ක් ඇතුළත සිදුකළ යුතුය.
ශ්‍රී ලංකාවට ගොඩබට වේලෙහි පටන් ගුවන් තොටුපොළ පුරාවට උපරිම අන්දමින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කෙරේ.
SBS සිංහල සේවය
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
කොරෝනා රෝග ලක්ෂණ නොපෙන්වුවහොත් නිරෝධායනයකට යටත් විය යුතු නැත.
ශ්‍රී ලංකා ගුවන් තොටුපොළේ දී නොමිළයේ PCR පරීක්ෂාවන් සිදු කෙරේ.
මේ වන විට එහි ප්‍රතිඵල පැමිණීමට පැය 24 ක් ගත වන අතර අගෝස්තු වන විට එම ප්‍රතිඵල පැය 4 - 6 අතර කාලයකදී ලබා දීමට අපේක්ෂා කෙරේ.
ඒ අනුව PCR පරීක්ෂාවේ ප්‍රතිඵල පැමිණෙන තෙක් නැවතීමට සංචාරකයින්ට කොළඹ සහ මීගමුව ප්‍රදේශ වල තරු 4 හෝ 5 හෝටලයක් එක් රාත්‍රියක් ගත කිරීම සඳහා වෙන් කරගත යුතු වේ.
වැඩිදුර පරීක්ෂාවන් නවාතැන් ගන්නා නවාතැන් පොළ සමග සම්බන්ධීකරණය කිරීමෙන් පසුව සිදු කෙරේ.
දින 10 කට වඩා ශ්‍රී ලංකාව තුළ රැදී සිටින සංචාරකයින්ට තම රැදී සිටීමේ කාලය තුළ තුන්වන PCR පරීක්ෂාවටද මුහුණ දිය යුතු වේ.
මෙය ඇත්තෙන්ම මහත් අපහසුතාවට පත්විය හැකි ක්‍රමයක් වුවද සංචාරකයින්ගේ මෙන්ම ශ්‍රී ලංකා වැසියන්ගේ සෞඛ්‍ය පිළිබඳව සිතා එය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

PCR පරීක්ෂාව ධනාත්මක වුවොත් කුමක් සිදුවේද?
PCR පරීක්ෂාව ධනාත්මක වුවොත් නියම කරන ලද හෝටලයක හෝ නවාතැනක නිරෝධායනය විය යුතුය.
නමුත් එය PCR පරීක්ෂාවේ ප්‍රතිඵල මත වෙනස් වේ.
කොරෝනා රෝග ලක්ෂණ මතු වුවහොත් දින 14 ත් 21 ත් අතර කාලයක් නිරෝධායනය විය යුතුය.

ශ්‍රී ලංකාව තුළ ප්‍රවාහන පහසුකම් සපයා ගැනීම
ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ශ්‍රී ලංකාව තුළ ප්‍රවාහන පහසුකම් කලින් සකසා ගෙන පැමිණීම ඉතා වැදගත් වේ.
ඒ සඳහා නවාතැන් ගන්නා හෝටලයේ හෝ සංචාරක ඒජන්තවරයාගෙන් සහය ලබාගත හැකිය.
පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමට නොහැකිය.
කොරෝනා වයිරසය පැතිරීම වළක්වන අයුරින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම වේද යටතේ ශ්‍රී ලංකාවේ සියලුම සංචාරක ස්ථාන අගෝස්තු 01 සිට විවෘත කෙරේ.
සංචාරකයින් හට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක අතර ගමන් කිරීමට කිසිදු තහනමක් නොමැත.

ශ්‍රී ලංකාවේ COVID-19 තත්ත්වය කෙබඳුද?
ශ්‍රී ලංකාව දූපතක් වීමත්, රජයේ සහ වැසියන්ගේ උනන්දුව සහ කැප කිරීම මතත් කොරෝනා වයිරසය සාර්ථකව පාලනය කිරීමට ශ්‍රී ලංකාවට හැකිවී ඇත.
පසුගිය දින 30 තුළ ශ්‍රී ලාංකික ජන සමාජය තුළ ක්‍රියාකාරී කොරෝනා පොකුරු හමු නොවූ බව ද වාර්තා වේ.

තොරතුරු මුලාශ්‍ර :- ශ්‍රී ලංකා රජයේ නිවේදන සහ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ වෙබ් අඩවිය.
Info graphics දායකත්වය : - Sri Lanka Hoteliers
සජීවීව SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන අයුරු









