ඔස්ට්‍රේලියාවේ roadside eyesight tests හෙවත් මාර්ගයේ ධාවනය කරන විට රියදුරන්ගේ ඇස් පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් නව යෝජනා කිහිපයක් ඉදිරිපත් වී තිබේ.
සවන්දෙන්න SBS සිංහල සේවයට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියාවේ සිදුවන සමස්ත මාරාන්තික රිය අනතුරුවලින් 22% කම වගකීම හිමිවන්නේ වයස අවුරුදු 65 හෝ ඊට වැඩි රියදුරන්ට බව හෙළිවීමත් සමග මේ පිළිබඳ වැඩි අවධානය යොමුවී ඇත.

රියදුරන්ගේ ඇස් පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් නව යෝජනා
පෙනීම අඩුවීම කුමන වයස් ඛාණ්ඩයක සිටින රියදුරන්ට වුවද සිදුවිය හැකි බව ඇතැම් අක්ෂි පරීක්ෂකයින් පවසයි.
ඒ අනුව මාර්ගයේ ධාවනය කරන විට ඕනෑම රියදුරෙකුගේ අක්ෂි අහඹු ලෙස පරීක්ෂා කළ යුතු බව ඔවුහු යෝජනා කරති.
එමෙන්ම ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්ත වලින් නිකුත් කරනු ලබන රියදුරු බලපත්‍ර වල රියදුරු ඇස් කණ්නාඩි පැළඳිය යුතුද යන්න සටහන් කර ඇත.
ඒ අනුව පොලීසියට අදාළ රියදුරන්ගේ රියදුරු බලපත්‍රය පරීක්ෂා කිරීමෙන් රියදුරන්ගේ දෘෂ්ඨිය පිළිබඳ නිවැරදි නිගමනයකට පැමිණිය හැකිය.
මාර්ගයේ රිය ධාවනය කරන විට පෙනීම පරීක්ෂා කිරීම සඳහා මේ වන විට විධිමත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන බවද සඳහන්.
මේ සඳහා පිලියමක් ලෙස ජංගම අක්ෂි පරීක්ෂණ උපකරණයක් අලුතෙන් නිපදවන්නට Hobart නුවර අක්ෂි පරීක්ෂක Ben Armitage සමත් වී ඇතැයි Drive වෙබ් අඩවිය පවසයි.
ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ දෘෂ්ඨි විශේෂඥ සමාගමක් වන Specsavers සමාගම රියදුරන් 1000 ක් සම්බන්ධ කරගෙන සිදුකළ සමීක්ෂණයකින් හෙළිවූයේ සෑම රියදුරන් තිදෙනෙකුගෙන් එක් අයෙකු නීත්‍යානුකූලව ඇස් කණ්නාඩි පැළඳ රිය ධාවනය කළ යුතු බවය.
නමුත් ඔවුන් එසේ නොකරන බවද එහිදී හෙළිවී ඇත.
මේ අතර ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 35 ත් 54 ත් අතර රියදුරන්ගෙන් 20% කට පමණ පෙනීමේ අඩුපාඩු නිසා මාර්ග සංඥා පුවරු කියවා ගැනීමට අපහසු බව Optometry Australia හි 2020 දෘෂ්ඨි දර්ශකයෙන් අනාවරණය වී තිබේ.
සමස්ත ඔස්ට්‍රේලියානු රියදුරන්ගෙන් 59% ක ප්‍රතිශතයක් තම පෙනීම පිළිබඳ වදවන බවද එහිදී හෙළිවිය.

ඔස්ට්‍රේලියාවේ රිය පැදවීමට අවශ්‍ය අවම පෙනීම කුමක්ද?
ඔස්ට්‍රේලියාවේ රිය පැදවීමට අවශ්‍ය අවම පෙනීම ඇමෙරිකාව, එක්සත් රාජධානිය සහ යුරෝපයේ අගයන්ට සමාන වේ.
එය මීටර් වලින් 6/12 අගයක් ගනී.
ඇස් කණ්නාඩි භාවිතා නොකර ඔබට 6/12 අගයේ පෙනීමක් ඇත්නම් ඔබට කොන්දේසි සහිත රියදුරු බලපත්‍රයක් නිකුත් කෙරේ.
ඔබට 6/12 අගයේ පෙනීම ලැබෙන්නේ ඇස් කණ්නාඩි භාවිතා කළහොත් පමණක් නම් ඔබේ රියදුරු බලපත්‍රයට 'S' කොන්දේසිය ඇතුළත් කෙරේ.
සාමාන්‍යයෙන් ගත් කල රිය ධාවනයේදී මීටර් 20 ක් පමණ දුරින් පිහිටන මෝටර් රථයක සාමාන්‍ය ලියාපදිංචි අංක තහඩුවක් ඔබට කියවීමට හැකියාව තිබිය යුතුය.

ඔස්ට්‍රේලියාවට සම්මත එක් දෘෂ්ඨි පරීක්ෂා ප්‍රමිතියක් තිබිය යුතුද?
මේ වන විට ලැබී ඇති දත්ත වලට අනුව සැලකිය යුතු පෙනීමක් නොමැතිව ඔස්ට්‍රේලියාවේ මාර්ග වල රිය ධාවනය කරන පිරිස 2-3% අතර පවතී.
නමුත් මේ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට නම් දේශීයව වැඩි වශයෙන් සමීක්ෂණ සිදු කළ යුතු බව Optometry Australia හි ප්‍රතිපත්ති උපදේශක Ben Hamlyn පවසයි.
එහිදී රියදුරන්ගේ අක්ෂි පරීක්ෂාවන් අහඹු ලෙස සිදු කිරීම, රියදුරු බලපත්‍රය නැවත අලුත් කිරීමේදී අක්ෂි පරීක්ෂාවන් සිදු කිරීම වැනි යෝජනා ඔහු ඉදිරිපත් කරයි.
එනිසා සමස්ත ඔස්ට්‍රේලියවටම මේ සම්බන්ධ එක් ප්‍රමිතියක් තිබිය යුතු බව ඔහු පෙන්වා දෙයි.


