කොරෝනා වසංගතය නිසා පීඩාවට පත් ඉදිකිරීම් ක්ෂේත්‍රයට සහය දැක්වීමක් ලෙස නව සහන පැකේජයක් හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගෙන ඇත.
සවන්දෙන්න SBS සිංහල සේවයට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මෙහිදී අලුතින් නිවසක් ඉදිකරන්නන්ට සහ නිවාස අලුත් වැඩියාකරන නිවාස හිමියන්ට අත්පිට මුදල් දීමනාවක් ලබා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

අලුතින් නිවසක් ඉදිකරන්නන්ට සහ නිවාස අලුත් වැඩියාකරන නිවාස හිමියන්ට අත්පිට මුදල් දීමනාවක්
පදිංචිය සඳහා අලුතින් නිවසක් ඉදිකරන හෝ තමන් පදිංචි නිවාසය අලුත් වැඩියා කරන සුදසුකම් ලැබූ ඔස්ට්‍රේලියානුවන් හට මෙම සහන පැකේජය හරහා $25,000 ක මුදලක් ලබා දීමට මධ්‍යම රජය තීරණය කර තිබේ.
ඔස්ට්‍රේලියානු ඉදිකිරීම් ක්ෂේත්‍රයට සහය දැක්වීමක් ලෙස මෙම පියවර ගත් බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.
කොරෝනා වසංගතය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා කළ විශාල පිරිසකගේ රැකියා අහිමිවී ගොස් ඇත.
මෙම සහන පැකේජය හරහා අලුතින් නිවාස ඉදිකිරීමට සහ නිවාස අලුත්වැඩියා කිරීමට ජනතාව උනන්දු කරවීමෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සුරක්ෂිත කළ හැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂා කරයි.

$25,000 පැකේජය ලැබීමට සුදුසු කවුරුන්ද?
මෙම $25,000 පැකේජය ලබා ගැනීම සඳහා කොන්දේසි කිහිපයක් මධ්‍යම රජය විසින් ඉදිරිපත් කර ඇත.
මෙම මුදල් දීමනාව හිමිවන්නේ පදිංචිය සඳහා වන නිවාස වලට පමණක් බවත් ආයෝජන දේපළ හෝ නිවාස සඳහා මෙය ලබා නොදෙන බවත් සඳහන්.
තවද ඉදිකිරීම් සමාගමක සහයක් නොමැතිව තමන් විසින්ම නිවසක් අලුත් වැඩියා කරන විටද මෙම දීමනාවට හිමිකම් කීමට නොලැබේ.
ඒ අතර මෙම දීමනාව ලබා ගැනීමට පෙර අදාළ නිවෙස් හිමියන් තම නිවාසය සඳහා අවම වශයෙන් $150,000 ක මුදලක් හෝ වියදම් කළ යුතු බවද මධ්‍යම රජය අවධාරණය කරයි.
එමෙන්ම වාර්ෂික ආදායම $200,000 කට අධිකව උපයන යුවළ සහ වාර්ෂික ආදායම $125,000 කට අධිකව උපයන පුද්ගලයින් මේ සඳහා සුදුසුකම් නොලබයි.
අලුතින් නිවසක් ඉදිකරන විට මෙම $25,000 මුදල් දීමනාව ලබා ගැනීමට නම් එම නිවසේ උපරිම වටිනාකම $750,000 ක් විය යුතුය.
එමන්ම නිවසක් අලුත් වැඩියා කරන විට එහි වියදම $150,000 ත් $750,000 අතර පවතීනම් මෙම $25,000 මුදල් දීමනාව ලබා ගැනීමට සුදුසුකම් ලබයි.

සම්පූර්ණ වැඩසටහනට ඩොලර් මිලියන 688 ක්
මෙම සහන දීමනාව ලබා දීමේ සම්පූර්ණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ඩොලර් මිලියන 688 ක පිරිවැයක් යන බව ඇස්තමේන්තු ගත කර තිබේ.
මෙම වැඩසටහනට සුදුසුකම් ලබන සියලුම ඉදිකිරීම් සමාගම් බලපත්‍ර ලබාගෙන තිබිය යුතු වීම හෝ ලියා පදිංචි වී තිබීම හෝ සිදුකළ යුතුය.
එමෙන්ම මෙම වැඩසටහන මාස 6 ක පමණ කාලයකට විහිදී යන බවද සඳහන්.
කෙසේවෙතත්, නිවසක් අලුත් වැඩියා කරන විට එම අලුත් වැඩියාකිරීම් පිහිණුම් තටාක, ටෙනිස් පිටි සහ පිටත ගබඩා වැනි නිවසින් බාහිර කොටස් අලුත්වැඩියා කිරීමේදී මෙම දීමනාව ලබා නොදෙන බවද මධ්‍යම රජය පවසයි.
මේ අතර ඔස්ට්‍රේලියාව තුළ මහජන නිවාස වැඩි ප්‍රමාණයක් අලුතින් ඉදිකිරීමට මුදල් යොදවන ලෙසට පසුගිය සති කිහිපය මුළුල්ලේම කම්කරු පක්ෂය සහ ග්‍රීන්ස් පක්ෂය ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට බල කරමින් සිටියි.


