නව කොරෝනා රෝගීන් වාර්තා වන්නේද යන්න පිළිබඳව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය සේවා බලධාරීන් දැඩි අවධානයකින් පසුවේ. පසුගිය පැය 24ක කාලය තුලදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් නව කොරෝනා රෝගීන් දෙදෙනෙකු වාර්තා වී ඇති අතර ඔවුන් දෙදෙනාම නැවත ඔස්ට්‍රේලියාවට පැමිණි සංචාරකයින් වෙයි. පසුගිය සතිය තුලදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වී ඇත්තේ රෝගීන් 62කු පමණක් වන අතර ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංක්‍යාව 7265කි.
සජීවීව සවන්දෙන්න SBS සිංහල ගුවන් විදුලියට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සීමා ලිහිල් කිරීම
නුදුරු අනාගතයේදීම පවතින සීමා තවදුරටත් ලිහිල් කිරීමට පියවර ගන්නා බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වන Gladys Berejiklian අවධාරණය කොට තිබේ.
මේ වනවිට ප්‍රාන්තය බලාපොරොත්තු වුවාට වඩා යහපත් ප්‍රතිපල පෙන්වන අතර ඉතා කෙටි කාලයක් තුලදී සීමා ලිහිල් කිරීම පිළිබඳව නිවේදනය කරන බව ඇය පවසා තිබේ.

දකුණු ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා යලි ඇරඹීමට පියවර
දකුණු ඕස්ට්‍රේලියාවේ AFL ක්‍රීඩා උළෙල නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ට අවසර ලබාදෙන බව ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Steven Marshall නිවේදනය කොට තිබේ. මෙය සමස්ත ඔස්ට්‍රේලියාව තුල මාස ගණනකට පසුව අති විශාල පිරිසක් සහභාගිවන පළමු AFL තරඟය වනු ඇති බව අග්‍රාමාත්‍යවරයා පවසයි.
එළඹෙන 13 වැනිදා පැවැත්වීමට නියමිත Adelaide Crows සහ Port Adelaide අතර තරඟය සඳහා ප්‍රේක්ෂකයින් 2000කට සහබාගි වීමට අවසර ලබාදී තිබේ. තවත් ප්‍රේක්ෂකයින් 240 දෙනෙකුට තරඟය නැරඹීම සඳහා පෞද්ගලික ප්‍රදේශ වෙනකොට තිබේ.
SBS සිංහල සේවය
සජීවීව සහ පසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download
ප්‍රාන්ත සංක්‍රමණ කමිටුව සමග සාකච්චා කිරීමෙන් අනතුරුව එළඹෙන සිකුරාදා දින මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබාදීමට බලාපොරොත්තු වන බව ප්‍රාන්ත පොලිස් කොමසාරිස් Grant Stevens පවසයි.
එමෙන්ම එළඹෙන සිකුරාදා දින දකුණු ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත දේශ සීමා විවෘත කිරීම සහ ප්‍රාන්තයේ විශාල ජනකායක් එකතු වන ස්ථාන විවෘත කිරීම සම්බන්ධයෙන් නිවේදනය කිරීමට ප්‍රාන්ත රජය සුදානම්ව සිටී.
සති දෙකක කාලයක් පුරා දකුණු ඕස්ට්‍රේලියාවෙන් කිසිදු කොරෝනා රෝගියකු වාර්තා වී නොමැත.
Image
දෙවන කොරෝනා රැල්ලක අවධානම
දහස් ගණනකගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවැති විරෝධතා හේතුවෙන් තවත් කොරෝනා රැල්ලක් ඇති වීම වැලැක්වීම සඳහා සෞඛ්‍ය බලධාරීන් දැඩි අවධානයකින් පසුවන බව නියෝජ්‍ය ප්‍රධාන වෛද්‍ය නිලධාරී Nick Coatsworth පවසා තිබේ. එම විරෝධතා සඳහා සහභාගිවූවන් තම සෞක්‍යය පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතු බවද ඔහු පෙන්වා දේ.

පුද්ගලයකු වෛරසයේ රෝගලක්ෂණ පෙන්වීම පළමු සතිය තුලදී හෝ දින 14ක කාලයක් තුලදී සිදුකරන අතර සෑම පුද්ගලයකුම සුළු හෝ රෝගලක්ෂණ පෙන්වයි නම් හැකි ඉක්මනින් පරීක්ෂා කිරීම සිදුකලයුතු බවද ඔහු පවසයි.
තරඟ නැරබීම සඳහා ඇති විශාල ප්‍රේක්ෂක පිරිසකට ඉඩ ලබාදීමට තවමත් කල් වැඩි බව පවසන Nick Coatsworth පෙන්වා දෙන්නේ විරෝධතාවකදී මෙන් නොව ක්‍රීඩාංගනයකදී තත්වය යම්දුරකට පාලනය කළහැකි බවයි. කෙසේ නමුත් අවසානයේදී මේ සියල්ලක්ම ප්‍රාන්ත සහ ටෙරිටරි වල ගැටළුවක් වුවද මේ පිළිබඳව අවධානයෙන් පසුවන බව නියෝජ්‍ය ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා පෙන්වා දී තිබේ.

සාමාන්‍ය වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව
COVID-19 වෛරසය මැඩලීමේ කාර්යයේදී මීට වඩා සාමාන්‍ය වෛද්‍යවරුන් පිළිබඳව අවධානය යොමු කලයුතු බව RACGP නොහොත් ඕස්ට්‍රේලියානු සාමාන්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී. මේ සම්බන්ධයෙන් එම සංගමය COVID-19 වෛරසය සඳහා ඕස්ට්‍රේලියානු රජය දක්වන ප්‍රතිචාරය පිළිබඳව විමර්ශන සිදුකරන සෙනෙට් තේරීම් කාරක සභාවට ඉල්ලීමක් සිදුකොට තිබේ. ඕස්ට්‍රේලියානු සාමාන්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය Harry Nespolon පවසා ඇත්තේ දේශපාලකයින්ගේ පරස්පර විරෝධී උපදෙස් සහ පරීක්ෂණ කටයුතු සිදුකරන ආකාරය මෙන්ම ආරක්‍ෂිත උපකරණ භාවිතය පිළිබඳව පවතින විවිධ තොරතුරු සම්බන්ධයෙන් සාමාන්‍ය වෛද්‍යවරුන් සිය කණගාටුව පලකොට ඇති බවයි.
වෛද්‍යවරුන්ගේ සහ හෙද සේවයේ නියැලෙන්නන්ගේ ආරක්ෂාව උදෙසා අවශ්‍ය ආරක්‍ෂිත උපකරණ නොමැතිවීම සම්බන්ධයෙන් සභාපතිවරයා සිය විරෝධය පලකොට ඇති අතර ඔහු පෙන්වා දෙන්නේ මේ පිළිබඳව රජය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු බවයි.
වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිදු නව රෝගියෙකු වාර්තා නොවේ
පසුගිය පැය 24ක කාලය තුලදී කිසිදු කොරෝනා රෝගියකු වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වී නොමැති අතර ප්‍රාන්තය තුල සිසුන් 600,000 ක් පමණ නැවතත් පාසල් යාම ආරම්භ කොට තිබේ.
මේ අනුව 3වන වසරේ සිට 10 වැනි වසර දක්වා වන පාසල් සිසුන් නැවතත් පාසල් තුල සිය අධ්‍යාපන කටයුතු සිදුකරයි.
පසුගිය පැය 24ක කාලය තුල කිසිදු කොරෝනා රෝගියකු වාර්තා නොවීම පිළිබඳව වික්ටෝරියානු වැසියන්ට සිය ස්තුතිය පළකරමින් අග්‍රාමාත්‍ය Daniel Andrews Twitter පණිවුඩයක් මගින් සඳහන් කොට ඇත්තේ මෙය ඉතා හොඳ ප්‍රතිපලයක් වන බවයි.
වික්ටෝරිය ප්‍රාන්තය තුල කොරෝනා රෝගීන් 1687 දෙනෙකු වාර්තා වී තිබේ.
මේ වනවිට රෝගීන් 7 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර එක රෝගියකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
හඳුනා නොගත් මාර්ග ඔස්සේ රෝගය සම්ප්‍රේෂණය වීම මගින් රෝගීන් 178 දෙනෙකු වාර්තා වී තිබේ.
වසංගතය බොහෝ දුරට අවසන් වුවද තවමත් එහි භයානකකම පවතින බව ප්‍රධාන සෞක්‍ය නිලධාරී මහාචාර්ය Brett Sutton පෙන්වා දේ.
ඔහු පවසන්නේ කොරෝනා වෛරසය මැඩලීමේ කාර්යයේදී වික්ටෝරියානු වැසියන් ඔවුන්ගේ කාර්යය මැනවින් ඉටුකර ඇති අතර තවදුරටත් සුපරික්ෂාකාරීව සිටිය යුතු බවයි.

