ඕස්ට්‍රේලියාවේ ඉදිරි Black Lives Matter විරෝධතා රැලි වලට සහභාගී වුනොත් "නඩු" අගමැතිගෙන් දැඩි ප්‍රකාශයක් (SBS සිංහල / වාර්තා)

Protesters are seen during a Black Lives Matter rally in Melbourne, Saturday, June 6, 2020.

Protesters are seen during a Black Lives Matter rally in Melbourne, Saturday, June 6, 2020. Source: AAP Image/James Ross

පසුගිය සෙනසුරාදා මෙල්බර්න් නගරයේ Black Lives Matter විරෝධතා සඳහා සහභාගී වූ 30 හැවිරිදි පුද්ගලයකුට කොරෝනා වෛරසය වැළදී තුබූ බවට සනාථ වීමත් සමග අග්‍රාමාත්‍ය Scott Morrison මෙම ප්‍රකාශය සිදුකොට තිබේ.

මෙල්බර්න් හි 3AW ගුවන්විදුලිය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කොට ඇත්තේ එළැඹෙන සති අන්තයේදී Black Lives Matter විරෝධතා සඳහා සහභාගී වන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.


සජීවීව සවන්දෙන්න SBS සිංහල ගුවන් විදුලියට

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්


ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ පසුගිය සති අන්තයේදී මෙම විරෝධතා සඳහා සහභාගී වූ පුද්ගලයින් සෙසු ඕස්ට්‍රේලියානුවන්ට දැඩි සෞක්‍ය අවධානමක් මතුකළ අතර එම ක්‍රියාව සෙසු ඕස්ට්‍රේලියානුවන්ට සිදුකල අගෞරවයක් ලෙසයි.

කොරෝනා වෛරසය ඔස්ට්‍රේලියාව තුල තවමත් සම්පුර්ණයෙන්ම තුරන්ව නොමැති හෙයින්, එම විරෝධතාකරුවන් අතර වෛරසය වැළදුණු එක් පුද්ගලයකු හෝ පුල්ගලයින් කිහිපදෙනෙකු සිටිය හොත් නිසි දුරස්තභාවයක් නොමැති වීම මත අනෙකුත් සියලු දෙනාගේම ජීවිත දැඩි අවදානමකට ලක්වන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

BLM protest
People hold up placards at a Black Lives Matter protest in Adelaide Source: Getty

කොරෝනා වෛරසය වැළදුණු බවට තහවුරු වූ 30 හැවිරිදි පුද්ගලයා විරෝධතා රැලිය අතරතුරදීත් මුහුණු ආවරණ පැළඳ සිට ඇත. කෙසේ වුවද එම රැලියට සහභාගී වීමට පෙර ඔහුට වෛරසය ශරීරගතවන්නට ඇතැයි විශ්වාස කරන බව ප්‍රධාන සෞක්‍ය නිලධාරී Brett Sutton පවසා තිබේ.

මෙවැනි රෝගීන් වෛරසය පතුරවන්නන් වශයෙන් ක්‍රියා කරන අතර මෙතෙක් ඔස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක වූ සමාජ දුරස්ථභාවය සහ පුද්ගල කණ්ඩායම් නීතින් මෙවැනි අවධානමකින් මිදීමට ගත ක්‍රියාමාර්ග බව ඔහු පෙන්වා දෙයි.

පසුගිය සති අන්තයේදී ක්‍රියාත්මක වූ විරෝධතා රැලියට සහභාගී වී පැය 24ක් තුල මෙම පුද්ගලයාට වෛරස රෝග ලක්ෂණ මතුව තිබේ.


SBS සිංහල සේවය

සජීවීව සහ පසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download


කොරෝනා වෛරසය නැවතත් පැතිරීමට ඇති දැඩි අවධානම හේතුවෙන් විරෝධතා රැලි "නීති විරෝධී" ක්‍රියාවක් වශයෙන් සැලකීමට ප්‍රාන්ත රජයන් පියවර ගෙන තිබේ.

අග්‍රාමාත්‍යවරයා අවධාරණය කොට සිටියේ මෙම විරෝධතා රැලි ක්‍රියාත්මක නොවන්නට මීට වඩා ඔස්ට්‍රේලියාව තුල කොරෝනා සීමා ලිහිල් කිරීමට ඉඩ තිබු අතර දෙවන වෛරස රැල්ලක් මතුවුවහොත් එමගින් ඕස්ට්‍රේලියානු ආර්ථිකය තවදුරටත් පහත වැටීමේ දැඩි අවධානමක් මතුව ඇති බවයි.

දෙවන කොරෝනා රැල්ලක් මගින් ඕස්ට්‍රේලියානු දළ දේශීය නිෂ්පාදනය 6.3% කින් පහත වැටෙන අතර එමගින් ඕස්ට්‍රේලියානු ආර්ථිකයට ඩොලර් බිලියන 25ක පාඩුවක් සිදුවන බව ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා වන සංවිධානය පෙන්වා දී තිබේ.

Protesters participate in a Black Lives Matter rally in Sydney
Protesters participate in a Black Lives Matter rally in Sydney Source: AAP Image/Dean Lewins

ඔස්ට්‍රේලියාව නිදහස් රටක් වන අතර සෑම ඔස්ට්‍රේලියානුවකුම එකිනෙකාට ගරු කලයුතු වේ. නමුත් පසුගිය සතියේ විරෝධතා සඳහා සහභාගී වූ පුද්ගලයින් නිහඬව සිටි සෙසු ඕස්ට්‍රේලියානුවන්ට අගෞරවයක් සිදු කොට ඇති බව අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ. එමෙන්ම මිලියන ගණනක් වූ ඕස්ට්‍රේලියානුවන් තම රැකියා සහ සෞක්‍ය පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීම හේතුවෙන් නිහඬව සිටි බවද අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

කිසිදු පාලනයකින් තොර සහ සමාජ දුරස්තභාවයකින් තොර වූ විශාල පිරිසක් අතර කොරෝනා වෛරසය වැළදුණු පුද්ගලයකු හෝ පිරිසක් සිටීම මගින් ඉක්මන් සහ දරුණු වෛරස සම්ප්‍රේෂණයක් සිදුවන අතර ඉදිරි දින කිහිපය තුලදී ඒ පිළිබඳව තොරතුරු හෙළිවෙතැයි නියෝජ්‍ය ප්‍රධාන සෞක්‍ය නිලධාරී Michael Kidd පෙන්වා දී තිබේ.


Share

3 min read

Published

Updated

By SBS News, Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now