කොරෝනා වසංගතය හේතුවෙන් ආදායම් අහිමිවූ ඔස්ට්‍රේලියනුවන්ට ලබාදෙන JobKeeper වැටුප් සහන පැකේජය පිළිබඳ අද (10/06) දින අලුත් අනාවරණයක් මධ්‍යම රජය විසින් සිදු කළේය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
ලබන මාසය වන තෙක් දැනට ලබාදෙන JobKeeper දීමනාව කපා නොහරින බව අද දිනයේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ මුල්‍ය අමාත්‍ය Mathias Cormann පැවසුවේය.

JobKeeper දීමනාව කපා හැරීම
ඔස්ට්‍රේලියාවේ මේ වන විට නොමිලයේ ලබා දෙන ළමා සුරැකුම් සේවාව ලබන ජූලි 12 වන දින සිට නතර කරන බවත් ඊට පසු සතියේ පටන් ළමා සුරැකුම් ක්ෂේත්‍රයේ සේවය කරන සේවකයින්ට ලබා දෙන JobKeeper දීමනාව නවත්වන බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගිය සඳුදා (08/06) නිවේදනය කළේය.
ඒ සමගම තවත් ක්ෂේත්‍ර කිහිපයකම සේවය කරන සේවකයින්ට මෙම JobKeeper දීමනාව අත්හිටුවනු ඇතැයි විවිධ මත සමාජයේ පළවන්නට ආරම්භ විය.
කෙසේනමුත්, ලබන මාසයේදී JobKeeper දීමනාව සම්බන්ධව සිදු කිරීමට නියමිත සමාලෝචනය වන තෙක් එවැනි වෙනත් ක්ෂේත්‍ර වල සේවකයින් ගේ JobKeeper දීමනාව කපා හැරීමක් සිදු කිරීමට අදහසක් නොමැති බව අද (10/06) දිනයේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ මුල්‍ය අමාත්‍ය Mathias Cormann පැවසුවේය.
මේ වන විටත් JobKeeper දීමනාව සම්බන්ධව විමර්ශන කටයුතු සඳහා සියල්ල සූදානම් කරමින් පසුවෙන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

JobKeeper වැඩසටහනේ අනාගතය ගැන වැඩි විස්තර අවශ්‍යයි
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ක්‍රියාත්මක කරන JobKeeper වැඩසටහනේ අනාගතය පිළිබඳ වැඩි විස්තර අවශ්‍ය බව කම්කරු පක්ෂය පවසයි.
JobKeeper වැඩසටහන හඳුන්වා දෙන විට 2020 ජුනි මාසයේදී JobKeeper වැඩසටහන පිළිබඳ සමාලෝචනයක් සිදුකරන බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පොරොන්දු විය.
එම සමාලෝචනයට අනුව JobKeeper වැඩසටහන සඳහා ප්‍රතිචාර දක්වන බවද මධ්‍යම රජය පැවසු බව කම්කරු පක්ෂය පවසයි.
ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආර්ථික ප්‍රකාශනය එළඹෙන ජූලි 23 වන දින භාණ්ඩාගාරය විසින් එළිදැක්වීමට නියමිත අතර එදිනම මෙම JobKeeper වැඩසටහනේ සංශෝධන පිළිබඳවද ප්‍රකාශයක් නිකුත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
SBS සිංහල සේවය
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ළමා සුරැකුම් ක්ෂේත්‍රයේ සේවය කරන දහස් ගණනක් සේවකයින් JobKeeper දීමනාව සඳහා සුදුසුකම් නොලද නිසා එම ක්ෂේත්‍රය JobKeeper වැඩසටහනෙන් ඉවත් කරන ලෙසට ළමා සුරැකුම් ක්ෂේත්‍රය ඉල්ලා සිටි බවට මධ්‍යම රජය තර්ක කරයි.
කෙසේනමුත්, මේ හේතුවෙන් අනෙකුත් ක්ෂේත්‍ර වල සේවකයින් විශාල ලෙස කලබල වී ඇති බවක් පෙනෙමින් පවතින අතර ඒ සඳහා මධ්‍යම රජය නිසි පිළිතුරක් ලබා දිය යුතු බව භාණ්ඩාගාරික කටයුතු පිළිබඳ කම්කරු පක්ෂයේ නියෝජිත Jim Chalmers පවසයි.
ඒ අනුව JobKeeper වැඩසටහන සම්බන්ධව සිදුකරන සමාලෝචනයේ ප්‍රතිඵල හැකි ඉක්මණින් නිකුත් කරන ලෙස ඔහු ඉල්ලා සිටියි.







