වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා ආසාදිත ප්‍රමාණය යළි ඉහළ නැගීම නිසා ප්‍රාන්තයේ නගර සභා සීමා 6 කට යාම් ඒම් පිළිබඳ ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ මූලධර්ම කමිටුව ඔස්ට්‍රේලියානුවාසීන්ට අනතුරු අඟවා තිබේ.
SBS සිංහල සේවය
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
එමෙන්ම අදාළ නගර සභා සීමා 6 තුළ සිටින පදිංචිකරුවන් නිවසේ රැදී සිටිය යුතු ලෙසට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Brendan Murphy පවසයි.

වික්ටෝරියානු ප්‍රාන්තයේ නගර සභා සීමා 6 කට යාම් ඒම් පිළිබඳ අනතුරු ඇඟවීම්
වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා ආසාදිත ප්‍රමාණය යළි ඉහළ නැගීම සම්බන්ධයෙන් අවධානයට ලක්වූ ප්‍රාන්තයේ නගර සභා සීමා 6 කට යාම් ඒම් පිළිබඳ ඔස්ට්‍රේලියානුවාසීන්ට අනතුරු අඟවා තිබේ.
ඒ අනුව වික්ටෝරියානු ප්‍රාන්තයේ Hume, Casey, Brimbank, Moreland, Cardinia සහ Darebin යන නගර සභා සීමා වෙත සංචාරය කිරීම සහ එම නගර සභා වලින් පිටතට පැමිණීම පිළිබඳ දෙවරක් සිතා බලන ලෙස ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ මූලධර්ම කමිටුව ඔස්ට්‍රේලියානුවාසීන්ගෙන් ඉල්ලා සිටියි.
මේ අතර අදාළ නගර සභා සීමා හය තුළ පදිංචිකරුවන් වෙනත් ප්‍රාන්ත වලට හෝ ප්‍රාදේශීය කලාප වෙත හෝ ගමන් නොකරන ලෙසට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Brendan Murphy අවධාරණය කරයි.
කොරෝනා වයිරසය ඔස්ට්‍රේලියාව පුරා නැවත පැතිරීම වැළක්වීමේ අරමුණින් අදාළ පදිංචිකරුවන්ට මෙම පණිවිඩය ඔහු විසින් ලබා දී ඇත.
පසුගිය සතියේ සමස්ත ඔස්ට්‍රේලියාවෙන්ම වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයින් ගෙන් 83% ක් ම වාර්තා වී ඇත්තේ ඉහත සඳහන් නගර සභා සීමා වලින් බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
"ශීත සෘතුවේ පාසල් නිවාඩුව නුදුරේදීම පැමිණෙනවා. එනිසා ඉහත සඳහන් නගර සභා සීමා හයේ සිටින පුද්ගලයින් තම පවුලේ උදවිය සමග පාසල් නිවාඩුවේ දී සිඩ්නි නුවරට හෝ වික්ටෝරියා ප්‍රාන්තයේම ප්‍රාදේශීය කලාප වෙත යෑම නවත්වන්න." යනුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Brendan Murphy අවධාරණය කරයි.
එමෙන්ම අදාළ නගර සභා සීමා හයේ සිටින තම නෑදෑ හිතවතුන් බැලීම සඳහා වෙනත් ප්‍රාන්තයක සිට නොපැමිණෙන ලෙස ද ඔහු පවසයි.
අනතුරු ඇඟවීම් සිදුකළ නගර සභා සීමා හයේ ඉහළ පදිංචිකරුවන් සංඛ්‍යාවක්
වික්ටෝරියානු ප්‍රාන්තයේ පදිංචිකරුවන් ගෙන් 18% ක්ම වාසය කරන්නේ ඉහත අනතුරු ඇඟවීම් සිදුකළ නගර සභා සීමා හයේ බව හෙළිවී ඇත.
මෙලෙස වයිරසය පැතිරීම විටින් විට ඉහළ නැගීමක් සිදුවනු දැකීම වසංගතයක මූලික ස්වභාවයක් බව වසංගත රෝග පිළිබඳ විශේෂඥ Tony Blakley පවසයි.
කොරෝනා වයිරසය මැඩලීම සඳහා එන්නතක් සොයාගන්නා තෙක් සමාජය තුළ එය පැතිරීම ඉහළ පහළ යන බවක් දැකිය හැකි බව ඔහු පෙන්වා දෙයි.
එනිසා ඉහත අනතුරු ඇඟවීම් සිදුකළ නගර සභා සීමා හය සමග සිදු කරන ගණුදෙනු හැකිතාක් සීමා කරන ලෙසත් අත්‍යවශ්‍යම කටයුත්තක් හැරුණු කොට එම ප්‍රදේශ කරා යාම නතර කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.

වික්ටෝරියානු ප්‍රාන්ත වාසීන්ට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සීමා වැසෙයි?
වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් නැවත වර්ධනය වීම හේතුවෙන් වික්ටෝරියානු වැසියන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට පැමිණීම පාලනය කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ අවධානය යොමුවී තිබේ.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පසුවන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නියෝජ්‍ය අගමැති John Barilaro, ABC පුවත් සේවයට පැවසීය.
මේ අතර අනතුරු අඟවා ඇති වික්ටෝරියානු ප්‍රාන්තයේ අදාළ නගර සභා සීමා හයේ සිටින පදිංචිකරුවන්ට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට සංචාරය කිරීමෙන් වළකින ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian අද (22/06) පෙරවරුවේ පැවසුවාය.
එමෙන්ම අත්‍යවශ්‍ය කටයුත්තක් හැරුනුකොට මෙල්බර්න් වෙත ගමන් නොකරන ලෙස ඇය නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන්ගෙන් ද ඉල්ලා සිටියාය.


