වික්ටෝරියානු ප්‍රාන්තයේ ලිහිල් කළ ඇතැම් කොරෝනා නීති ඊයේ (21/06) මධ්‍යම රාත්‍රියේ සිට යළි පැනවේ (SBS සිංහල/ වාර්තා)

Victoria re-imposed some Corona restrictions from 21 June midnight

Victoria re-imposed some Corona restrictions from 21 June midnight Source: Uber, AAP

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ ලිහිල් කළ කොරෝනා නීති හා සීමාවන් නැවත පැනවීමට පසුගිය සෙනසුරාදා (20/06) වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කළේය.


SBS සිංහල සේවය

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


නොසිතු අන්දමින් වික්ටෝරියානු ප්‍රාන්තයේ නැවතත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමක් දක්නට ලැබීම ඊට හේතුව බව වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.
Victorian Premier Daniel Andrews and Victorian Health Minister Jenny Mikakos.
Victorian Premier Daniel Andrews and Victorian Health Minister Jenny Mikakos. Source: AAP

වික්ටෝරියානු ප්‍රාන්තයේ ලිහිල් කළ කොරෝනා නීති හා සීමාවන් නැවත පැනවේ

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා වයිරසය පැතිරීම නැවතත් වැඩිවන අයුරු දක්නට ලැබෙන නිසා ඊයේ (21/06) මධ්‍යම රාත්‍රියේ සිට ලිහිල් කළ ඇතැම් කොරෝනා නීති හා සීමාවන් නැවත පනවන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.

වික්ටෝරියානු ප්‍රාන්තයේ දෙවැනි කොරෝනා රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීමට මෙම පියවර ගත් බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)


ඒ අනුව ඊයේ (21/06) මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියානු ප්‍රාන්තයේ පැනවෙන නව කොරෝනා නීති හා සීමාවන් පහත පරිදි වේ.

  • නිවසකට ආරාධනා කළ හැකි අමුත්තන් සංඛ්‍යාව 5 ක් දක්වා සීමා කෙරේ.
  • එළිමහනේ රැස්වීමට අවසර ඇති පිරිස 20 සිට 10 දක්වා අඩු කෙරේ.
  • අවන්හල්, ආපන ශාලා සහ pubs  වල එකවර අසුන්ගෙන ආහාර පාන ගත හැකි ප්‍රමාණය 50 දක්වා අද සිට (22/06) ඉහළ දැමීමට තීරණය කර තිබුණද එම තීරණය ජූලි 12 වන දින තෙක් කල් දමා තිබේ.
  • නිවාස වෙන්දේසි, Auction houses, open house inspections වැනි කටයුතු සඳහා සහභාගී විය හැකි උපරිම පිරිස 20 කි.
  • කලාගාර, කෞතුකාගාර, ඓතිහාසික ස්ථාන, සත්වෝද්‍යාන, එළිමහන් විනෝද ස්ථාන වල එකවර රැස්විය හැකි උපරිම සංඛ්‍යාව 20 කි.
  • සිනමා ශාලා, ප්‍රසංග ශාලා, රංග ශාලා සහ ශ්‍රව්‍යාගාර එකවර අසුන් ගැනීම උපරිම 20 දෙනෙකු දක්වා සීමා වේ.
  • පුද්ගල ස්පර්ශ වන ක්‍රීඩා පුහුණුවීම් සහ තරග වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින් සඳහා පමණි.
  • පුද්ගල ස්පර්ශ නොවන ක්‍රීඩා පුහුණුවීම් සහ තරග ඕනෑම වයස් ඛාණ්ඩයකට සිදු කළ හැකිය.
  • Ski සාමය සහ නවාතැන් පහසුකම් අධීක්ෂණය සහ සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද යටතේ විවෘත කළ හැකිය.
  • උත්සවය පැවැත්වීමට අවශ්‍ය පුද්ගලයින් හැරුණුකොට කුඩා ආගමික උත්සව සඳහා උපරිම වශයෙන් 20 දෙනෙකු ට සහභගී වීමට අවසර ලැබේ.
  • සංචාරක නවාතැන් වල කඳවුරු බැඳීමට හා shared facilities භාවිත කිරීමට අවසර ලේබේ.
  • පාසල් කඳවුරු නැවත ආරම්භ වේ.
  • ක්‍රීඩා මධ්‍යස්ථානවල රැදී සිටීම උපරිම 20 කට සීමා වේ.
  • පිහිණුම් තටාක ආශ්‍රිතව ඇති ඇඳුම් මාරු කරන කාමර සහ නාන කාමර විවෘත කළ හැකි වන අතර මංතීරු සීමාවන් නොමැත.
  • Pub TABs සහ තනිව ක්‍රියාත්මක වන සිල්ලර TABs විවෘත කෙරේ.
අවම වශයෙන් ජූලි 31 වන දින තෙක් වික්ටෝරියානු ප්‍රාන්ත වාසීන්ට නිවසේ සිට රාජකාරී කටයුතු කරන ලෙසද ප්‍රාන්ත අගමැතිවරයා ඉල්ලයි.

වික්ටෝරියානු ප්‍රාන්තයේ නැවතත් කොරෝනා හිස ඔසවයි

වික්ටෝරියානු ප්‍රාන්තයේ නව කොරෝනා ආසාදිතයින් 19 දෙනෙකු වාර්තා වූ බව අද දිනයේ (21/06) වික්ටෝරියානු ප්‍රාන්ත රජය ප්‍රකාශ කළේය.

ඊයේ (20/06) දිනයේදී පමණක් වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් 25 ක් හමුවූ බව සඳහන්.

එයින් බොහොමයක් ආසාදිත්යින්ට වයිරසය සම්ප්‍රේෂණය වී ඇත්තේ සිය පවුල් හරහා බව වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ සෞඛ්‍ය ඇමතිනී Jenny Mikakos පැවසුවාය.

වික්ටෝරියා ප්‍රාන්තයේ තම මුනුබුරු මිනිබිරියන් දෙදෙනකු පාසල් වෙත රැගෙන යන පවුලක අදාළ මුත්තණු මිත්තනි දෙදෙනාට සහ මුනුබුරු මිනිබිරියන් දෙදෙනාට වයිරසය වැළඳුනු බවට තොරතුරු වාර්තා වී තිබේ.

මේ හේතුවෙන් නැවතත් පැනවූ කොරෝනා නීති හා සීමාවන්ට ප්‍රාන්ත වාසීන් අනුගතව කටයුතු කරනවාද යන්න වික්ටෝරියානු ප්‍රාන්ත පොලීසිය දැඩිව පරීක්ෂා කර බලන බවට වික්ටෝරියානු ප්‍රාන්තයේ පොලිස් කටයුතු පිළිබඳ ඇමතිනී  Lisa Neville පැවසුවාය.
එමෙන්ම වික්ටෝරියානු ප්‍රාන්තයට ජූලි 19 වන දා දක්වා හදිසි තත්ත්වයක් ද නැවත ප්‍රකාශයට පත් කර තිබේ.
Police can now again issue on-the-spot coronavirus fines in Victoria
Source: AAP

වික්ටෝරියානු ප්‍රාන්තයේ නගර සභා සීමා 6 කට යාම් ඒම් පිළිබඳ අනතුරු ඇඟවීම්

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා ආසාදිත ප්‍රමාණය යළි ඉහළ නැගීම නිසා ප්‍රාන්තයේ නගර සභා සීමා 6 කට යාම් ඒම් පිළිබඳ ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ මූලධර්ම කමිටුව ඔස්ට්‍රේලියානුවාසීන්ට අනතුරු අඟවා තිබේ.

ඒ අනුව වික්ටෝරියානු ප්‍රාන්තයේ Hume, Casey, Brimbank, Moreland, Cardinia සහ Darebin යන නගර සභා සීමා වෙත සංචාරය කිරීම සහ එම නගර සභා වලින් පිටතට පැමිණීම පිළිබඳ දෙවරක් සිතා බලන ලෙස අදාළ කමිටුව ඔස්ට්‍රේලියානුවාසීන්ගෙන් ඉල්ලා සිටියි.
Sinhalese
Source: SBS Sinhala

Share

Published

Updated

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service