SKIP TO MAIN CONTENT

Black Lives Matter විරෝධතා නිසා ලෝකේ වටේ විනාශ කළ සහ ගලවා දැමුණු යටත් විජිතවාදී සුදු ජාතික ප්‍රතිමා (SBS සිංහල/ වීඩියෝ)

Statues of controversial colonial figures became targets across the world
Source: AAP/ Getty Images

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඇමෙරිකාවේ පොලිස් නිලධාරියෙකු විසින් අප්‍රිකානු - ඇමෙරිකානු පුද්ගලයෙකු වූ George Floyd ව ඝාතනය කිරීමත් සමග ලොව පුරා අප්‍රිකානු සම්භවයක් සහිත පුද්ගලයින්ට සහ ස්වදේශික ජනයාට එරෙහිව සිදුවන හිංසන ක්‍රියාවලට එරෙහිව විරෝධතා පැවැත්වීම ආරම්භ විය.

Black Lives Matter නමින් හැඳින්වෙන මෙම විරෝධතා ඇමෙරිකාවෙන් ආරම්භවී යුරෝපය, ඔස්ට්‍රේලියාව ඇතුළු ලොව බොහෝ රටවලට පැතිර යමින් පවතී.

මෙම විරෝධතා වලදී යටත් විජිත සමයේ අප්‍රිකානු සම්භවයක් සහිත පුද්ගලයින්ට හිංසා පැමිණවූ හෝ ස්වදේශික ජනයාට හිංසා කර සුදු ජාතික රදළවරුන් සිහි කිරීමට තනා තිබෙන ස්මාරක සහ පිළිම කඩා බිඳ දැමීම් ලොව නන් දෙසින් වාර්තා වෙමින් පවතී.

ඔස්ට්‍රේලියාව ඇතුළු ලොව විවිධ රටවල එලෙස විනාශ කරන්නට යෙදුණු ස්මාරක සහ පිළිම පිළිබඳ මෙම වීඩියෝවෙන් නැරඹිය හැකිය.

Sinhalese
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now